අප කිසිවකුටත් වෙනස් කළ නොහැකි සිරිලකට සුවිශේෂී වූ එක්තරා සිදුවීමක් මේ මාසයේ 14 වැනිදා එළැඹීමට නියමිත ය. ඒ බොහෝ මිනිසුන් සිංහල අලූත් අවුරුද්ද ලෙසත් තවත් පිරිසක් සිංහල හා හින්දු අලූත් අවුරුද්ද ලෙසත් සලකන උත්සවය පිළිබඳවය.

බොහෝ ලක්වැසියන් මේ දෙයාකාරයෙන් ම හැඳින්වූවත් මේ උත්සවය නියමාකාරයෙන් හැඳින්විය යුත්තේ සූර්ය මංගල්‍යය ලෙස බව මම අවධාරණයෙන් කියමි. එසේ කියන්නේ මු`ඵ පෘථිවිය සහ සෞරග‍්‍රහ මණ්ඩලයේ ජීවය පවතින්නේ හිරු නම් වූ මේ අසිරිමත් තාරුකාව හේතු කොටගෙන වීම නිසා ය. මෙම තාරුකාව තමන් සතු ශක්තිය නිකුත් කරමින් තමාට අයිති පෘථිවිය ඇතු`ඵ ග‍්‍රහලෝක සියල්ල ද රැුගෙන චක‍්‍රාවාටයේ දීර්ඝ ගමනක ඉලිප්සීය හැඩැති චක‍්‍රයක ආකාරයෙන් ගමන් කරන බව අපි දනිමු.

මේ ගමනේ දී අපට අමතක කළ නොහැකි එක් විශේෂ සිදුවීමක් ගැන මෙහි දී අවධාරණය කළ යුතු ව ඇත. ඒ පෘථිවිය නම් වූ අප වසන ග‍්‍රහලෝකය පැය 24කට වරක් තමා වටේ කැරකි කැරකී දවසක් නිර්මාණය කරමින් හිරු වටේ දවස් 365කුත් කාලක් තුළ වටයක් ගසා අවසන් කිරීම යි. අපට දවස වැදගත් වන්නා සේ ම මෙම ‘වටය’ මු`ඵ ලෝකයටම වැදගත් වේ. එම ගමන නිසා කාලගුණයේ වෙනස්කම් එක්තරා රිද්මයකට අනුව ක‍්‍රියාත්මක වන බව අපට දිස් වේ. පෘථිවියේ වසන සියලූම ශාක සහ සත්ත්ව ජීවීන් එම රිද්මයට හැඩගැසිය යුතු ව ඇත. එසේ නොවුණහොත් ඔවුන්ට අවිච්ýන්න ව පැවතීමට නොහැකි ය. මිනිසා හැර සියලූ ශාක සහ සත්ත්ව ජීවීන් ස්වාභාවික ව ම එයට හැඩගැසී ඇති බව ඔවුන් පවා නොදන්නා වූ කාරණයක් විය හැකි ය. ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය වන්නේ ජලය සහ ආහාර පමණි. එය ලැබෙන ආකාරයට ගෙන භුක්ති විඳීමට ශාක සහ සතුන් හැඩගැසී ඇත. කුඩා ශාක මැරී පොහොර වූ පසුව සහ විශාල ශාකවල පත‍්‍ර බිම වැටී පොහොර වූ පසු ව ඒවා ආහාරය සඳහා ගැනීම ශාක ජීවීන්ගේ සිරිත යි. එසේ ආහාරය සපයා ගන්නා ඔවුහු ඔවුන්ගේ තරුණ වයසට පැමිණි කල මල්වර වී තමාගේ වර්ගයා බෝ කරමින් ස්වකීය ජීවන චක‍්‍රය හැඩගසා ගනිති.

පරිසරවේදී තිලක් කන්දේගම
පරිසරවේදී තිලක් කන්දේගම

ශාක, හිරු තමන්ට ළ`ගින් ගමන් කරන කාලයේ තමන්ගේ මූල පද්ධතිය සකසා ගැනීමත් සූර්යයා තමන්ගෙන් බොහෝ ඈත් වූ විට අනාගත පරම්පරාව වෙනුවෙන් මල් පිපී ගෙඩි පල සාදාගැනීමත් අඛණ්ඩ ව සිදු කරයි. පොහොර පොදක් නැති සිමෙන්තියේ පවා ඇතැම් ඇට පැළවන්නේත්, ගස්ලබු, කොස් වැනි ගෙඩි තුළ ඇතැම් කාලවල ඇට පැළවන්නේත් සූර්යයාගෙන් ලැබෙන මේ සුවිශේෂ ගුණය නිසා ය. මේ කාර්යය බොහෝ විට වසරකට දෙවරක් සිදු වෙයි. ශාක ජීවීන් මේ අවස්ථා වෙසෙසින් උත්සවාකාරයෙන් සමරන බව පෙනේ. ඒ ගස් වැල් නව දලූ, සුවඳැති මනරම් මල්, පල ආදියෙන් සැරසෙමිනි. අවුරුද්දකට මෙවැනි උත්සව දෙකක් ඇත. ඒ යලට සහ මහට ය.

එහෙත් සාමාන්‍යයෙන් බහුල ව හා සාර්ථක ව එය දැකිය හැකි වන්නේ වසරකට එක් වරකි. ඒ මහ කන්නයේදී ය. මහ කන්නයේ දී අංශක 115ක දුරක් ගමන් කරන තාක් කල් සූර්යයාගේ ශක්තිය ශ‍්‍රී ලංකාවට ලැබේ. නමුත් යල් කන්නයේ දී ලැබෙන්නේ අංශක 17ක පමණ දුරක් ගමන් ගන්නා කාලයක් තුළ පමණි. මාස් කන්නයේදී වැඩි අස්වැන්නක් ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවට සමීපයෙන් පිහිටන සූර්යයාගේ ශක්තිය වැඩි කාලයක් මුළුල්ලේ අපට ලැබෙන බැවිනි. බොහෝ විට යල් කන්නයේ දී සරු අස්වැන්නක් නොලැබෙන්නේ සූර්යයා වැඩි කලක් නොසිට අපේ රටින් ඉවත් ව යන බැවිනි. ‘මෙදා යලේ ණය නොකරන් කුරුල්ලනේ ’ යැයි ගැමියා කුරුල්ලන්ගෙන් පවා තම අල්ප වූ භෝග පංගුව රැුකගැනීමට ඉල්ලීම් කරන්නේ එබැවිනි. නමුත් මහ කන්නයේ දී ලබාදෙන අස්වැන්න වැඩි නිසා එය අවසන් වූ විට එම අවස්ථාව උත්සව පැවැත්වීමට සුදුසු ම අවස්ථාව ලෙස සලකා උත්සවය ආරම්භ කරයි.

ජ්‍යොතිෂයට අනුව සිංහල අවුරුද්දේ විශේෂත්වය සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක‍්‍රමණය වීම යි. මේෂ, වෘෂභ ආදී වශයෙන් රාශි ෙදාළහක් ඇති බව අපි දනිමු. ඒ අනුව බැලූ කල ආසන්න වශයෙන් සූර්යයා එක් රාශියක මාසයක පමණ කාලයක් සිටී. ඒ අනුව හැම මාසයක ම පාහේ සූර්යයා එක් රාශියක සිට තවත් රාශියකට සංක‍්‍රමණය වෙයි; නැතිනම් අලූත් වාසස්ථානයකට යයි. එසේ නම් සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමේ ඇති විශේෂ වටිනාකම කුමක් ද?

සූර්යයා ශ‍්‍රී ලංකාවට ඉහළින් මුදුන් ව පිහිටන අවස්ථා දෙක, ජ්‍යොතිෂයට අනුව සූර්යයාගේ බලය උපරිමයෙන් බලවත් වන මේෂ හා සිංහ රාශිවලට පැමිණෙන අවස්ථා දෙක වශයෙන් දැක්විය හැකි යි. සිංහල අවුරුද්ද උදාවීම යනු සූර්යයා තම මිත‍්‍ර රාශියක් වන බ‍්‍රහස්පති හෙවත් ගුරු ග‍්‍රහයාට අයත් මීන රාශියේ සිට තම උපරිම බලය හිමි රාශිවලින් එකක් වන මේෂ රාශිය වෙත පැමිණෙන අවස්ථාව යි. මිතුරකුගේ නිවසේ සිටින විට හොඳින් සංග‍්‍රහ සත්කාර ලැබීම සාමාන්‍ය දෙයකි. එහෙයින් සූර්යයා තම මිතුරකුගේ නිවසෙන් නික්ම ඉතා සතුටින් බැබළි බැබළී පැමිණෙන්නේ, තවදුරටත් තම අණසක පැතිරවිය හැකි උච්චස්ථානයකට ය. සූර්යයා ප‍්‍රභාවත් ව නිරෝගී ව මේෂ ලග්නයේ සිටින එම කාලය තුළ දී ලෝකයාට සූර්යයාගෙන් යහපතක් ම බාලපොරොත්තු විය හැකි ය.

පෘථිවි ගෝලයේ ශ‍්‍රී ලංකාව පිහිටා ඇත්තේ හරියට ම මේෂ රාශියට කෙළින් ය. එම නිසා සූර්යයා තම උච්ච රාශියට පැමිණීම සහ ශ‍්‍රී ලංකාවට එක එල්ලේ පතිතවීම එක වර සිදු වේ. සිංහල අවුරුද්ද, සූර්යයා තමන්ගේ ගෙදරට මෙන් ම අපේ ගෙදරට ද පැමිණෙන අවස්ථාවක් ලෙස හැඳින්වීමට එය ප‍්‍රබල හේතුවකි. අපේ‍්‍රල් 13 වැනි දා ශ‍්‍රී ලංකාවාසීන්ට තම සෙවණැල්ල දකින්නට නොලැබෙන්නේත් මේ කාලයේ. අපට දැඩි රශ්මියක් දැනෙන්නේත් අපේ රටට කෙළින් ම සූර්යයා පිහිටන නිසා ය. මෙසේ සිංහල අවුරුදු උදාවේ සිට දින 69ක කාලයක් පුරාවට පිරිසිදු, නිරෝගී ප‍්‍රබල සූර්යයාගේ ශක්තිය අපේ රටට බලවත් ලෙස ලැබේ.

තම නිවෙසට එන හිරු පිළිගැනීම සඳහා මු`ඵ රට ම මු`ඵ ගම ම මු`ඵ ගෙදර ම සූදානම් වේ. රටේ සල්පිල්වල බඩු පිරී යයි. ගමේ මිනිස්සු උත්සව සංවිධානය කරති.

නගරයේ සිටින බොහෝ දෙනා සිය මුල් ගම් වෙත යෑමට සැරසෙති. ගෙදර මිනිස්සු ගෙදර අලූත් කරති. ළමා ළපටියන්ගේ සිට මහල්ලා දක්වා ජනපති මැදුරේ සිට ගම්වැසියාගේ ගෙපිල දක්වා ලොකු කුඩා සියලූ දෙනා සම්බන්ධ වන මේ උත්සවයට පොදු න්‍යායපත‍්‍රයක් ද සාදයි. මේ සාදන්නේ රටේ සිටින තාරකා විද්‍යාඥයන් වන ජ්‍යොතිර්වේදීන් ය. එම න්‍යාය පත‍්‍රය අනුව අපේ ගොවිතැන් බතට උදවු කරන ගොවිතැනට ජලය සපයන චන්ද්‍රයාට අවසන් වතාවට නමස්කාර කරමින් සිදු කරනු ලබන ‘පරණ සඳ බලා’ අවසන් කරයි. හිරු කිරණවල විවිධ වර්ණ අඩංගුය. සූර්යයා ගමන් කරන දුර අනුව සහ කෝණය අනුව සූර්යයාගේ නිකුත් කෙරෙන කිරණවල පැහැය වෙනස් වේ. කෙටි දුරක දී දම් පැහැයකි. ඊට තරමක් ඈතට ගිය විට නිල් පැහැය යි. දුර වැඩි වන විට කොළ, කහ, තැඹිලි, රතු ආදී වශයෙන් කිරණවල පැහැය වෙනස් වේ. වර්ණාවලිය නිර්මාණය වන්නේ මේ සංකීර්ණ ක‍්‍රියාවලිය මගිනි. මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන අතරතුර දී හිරුගේ වර්ණය වෙනස් වේ. මීන රාශියේ දී රතු පැහැයෙන් යුතු සූර්යයා එහි කෙළවර දී ක‍්‍රමයෙන් කුණු ලේ පැහැයට හැරී මේෂ රාශියට පිවිසෙන්නේ දම් පැහැයෙනි. කුණු ලේ පැහැය සුබ වර්ණයක් නොවන බව අප සමාජයේ සාමාන්‍ය පිළිගැනීම යි. අහිතකර වූ කිරණ සහිත ව කුණු ලේ වර්ණයෙන් සූර්යයා පැය 6කුත් විනාඩි 24ක් පවතින නිසා මේ මොහොතේ හිරු මගහැරිය යුතු ය. නොනගතය යනු මේ අවස්ථාව යි.

එනිසා හෙළයෝ මේ අවස්ථාවේ පුණ්‍ය කටයුතුවල යෙදෙති. එසේ පුණ්‍ය කටයුතුවල නිරතවීමේ දී සුදු පැහැති ඇඳුමින් සැරසීම අපේ පුරාණ චාරිත‍්‍රයකි. සුදු පැහැ ඇඳුමෙන් සැරසීමට ද විශේෂ හේතුවක් තිබේ. සුදු පැහැය සූර්ය කිරණවල අඩංගු සියලූ ම වර්ණ පරාවර්තනය කරයි. නොනගතය කාලයේ දී සූර්යයා කුණු ලේ පැහැයට හැරෙන බව අපි ඉහත පැහැදිලි කළෙමු. සුදු ඇඳුමක් ඇඳීම මගින් එම කිරණ අපේ සිරුරට උරාගැනීම බොහෝදුරට පාලනය වේ. එසේ ම පුණ්‍ය කටයුතු සඳහා විහාරස්ථානවලට ගිය විට බෝධිය අසල පුදපූජා පැවැත්වීම ද සිදු කෙරේ. එය ද අපේ සිරුරට අයහපත් කිරණ ශක්තීන් ඇතු`ඵ වීම වැළැක්වීමට උපකාරවත් වේ.

නොනගතයට ප‍්‍රථම සියලූ ගනු-දෙනු නවතා දැමේ. හිරු සමග තිබුණු සියලූ ගනුදෙනු එනම් කුස්සියේ ළිප ද නිවා, කුස්සියේ තිබූ සූර්යයා විසින් සපයා තිබූ වතුර ද ඉවත් කොට සූර්යා විසින් සැපයූ සියලූ ම ආහාර ද ඉවත් කොට ඒ ගනුදෙනු අවසන් කරයි. නෑදෑයන් සමග තිබුණු තරහ මරහ ඉවත් කරමින් නෑදෑයන් කවුරුන් ද යන්න කුඩා දරුවන්ට වටහාගැනීමට ඉඩ දෙමින් කුඩා දරුවන් අත නෑදෑයන්ට කැවිලි-පෙවිලි ද යවා අවසන් කරයි. අද මෙන් නොව පෙර හොඳින් අවුරුදු කෑම සඳහා කැවිලි-පෙවිලි යවන්නේ අවුරුද්ද උදා වීමට කලින් ය. ඉන් පසු න්‍යාය පත‍්‍රානුකූල ව හිරු නැවත ගෙට වද්දා ගැනීම සිදු කෙරේ. ළිඳ සමග ගනුදෙනු කොට වතුර කළයක් ගෙට ගෙන ඒම, නැකතට ආහාර පිසීම ආරම්භ කිරීම, සියලූ ම ඉවත් කළ දර, කුලූ ආදී සියලූ ම බඩු හා උපකරණ නැවත ගෙට ගෙන ගබඩා කිරීම ආදිය මගින් සූර්යයා නිවසට වද්දා ගැනීමේ කාර්යයන් සිදු කර අවසන් කරයි.

ඉහත කී න්‍යාය පත‍්‍රය අනුව ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම, රැුකියා සඳහා පිටත් වීම යනාදිය ද සිදු කරනු ලබයි. අලූත් ඇඳුම් ඇඳගෙන ගමේ පවතින සියලූ ම උත්සවවලට සහභාගි වීම සැණකෙළියක ආකාරයෙන් උත්සවශ‍්‍රීයෙන් යුතු ව කරන නිසා මෙය බක්මහ සැණකෙළිය යි. හෙළයාගේ යහ සිරිත්-විරිත් හා ප්‍රෞඪ ඉතිහාසය විදහාපාන ප‍්‍රධාන ම සංස්කෘතික උත්සවය මෙය යි. මේ සූර්ය මංගල්‍යය හා එහි අංගෝපාංග පිළිබඳ ව නිවැරදි අයුරින් සිතා මතා කටයුතු කිරීමට උත්සුක වන ලෙස සියලූ ම හෙළයන්ගෙන් ඉල්ලා සිටින අතර ම අරුත්බර ප‍්‍රීතිමත් බක්මහ සැණකෙළියක අසිරි විඳීමට සියලූ දෙනාට හැකි වේවා යි, ද පතමි

සටහන: එම්.ඒ.එම්. දමයන්ති