කිරිබත් කියන්නේ අවුරුදු කෑම මේසයේ අනිවාර්ය අංගයක්. සශ‍්‍රීකත්වය, වාසනාව, සතුට, ශක්තිය කියන හැමදේම ගෙන එන ප‍්‍රණීත ආහාරයක් තමයි කිරිබත්. අවුරුදු මේසයට අලූත් තාලේ කිරිබතක් ආවොත් හැමදාටම වඩා වෙනසක් මේ අවුරුද්දේ දකින්න පුළුවන් වේවි.

ඉඹුල් කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු හාල් ග‍්‍රෑම් 500 යි
පොල් ගෙඩි 1 ක කිරි
ලූණු අවශ්‍ය පදමට
පොල් පැණි සඳහා ගාගත් පොල් ගෙඩියක්
සීනි ග‍්‍රෑම් 500 ක් පමණ
කරඳමුංගු ඇට කිහිපයක්
kiribath (1)
සාදන ක‍්‍රමය
හාල් ගරා සෝදා වතුර සාමාන්‍ය බතකට දමනවාට වඩා වැඩියෙන් දමා ළිප තබන්න. මඳ ගින්නෙන් බත ඉදී වතුර සිඳෙන විට මිරිකාගත් කිරිවලට ලූණු ද අවශ්‍ය ලෙස දමා හොඳින් කලවම් කර කිරිබත උයාගන්න.
වෙනම බඳුනක් ගෙන එයට සීනි දමන්න. ළිප තැබූ එම බඳුන තුළ වූ සීනි දියවී කරවේගෙන එනවිට වතුර ටිකක් දමන්න. හොඳින් හැඳි ගාමින් උණු කරගන්න. තළාගත් කරඳමුංගු, පොල් හා ලූණු ස්වල්පයක් එක්කරමින් පොල් පැණි මලවාගන්න. අඬු කෝප්පයක් වැනි කෝප්පයකින් අඩකට කිරිබත් දමා. පසුව පොල් පැණි දමා නැවත කිරිබත් ඒ උඩින් දමා (ගැලවූ පසු කිරිබත තුළ පොල් පැණි ගුලියට සිටින ආකාරයට ඉඹුල් කිරිබත් සාදාගන්න.

පලතුරු කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
සුදු කැකුළු හාල් ග‍්‍රෑම් 750
කුඩාවට කපාගත්
පලතුරු කැබලි ග‍්‍රෑම් 250
බැද ගත් කජු මද ග‍්‍රෑම් 150
වියළි මිදි ග‍්‍රෑම් 50
අවශ්‍ය පමණට ලූණු
මිටිකිරි කෝප්ප 03
kiribath (4)
සාදන ආකාරය
සාමාන්‍ය ආකාරයට වඩා වතුර ස්වල්පයක් හිටින සේ බත පිස ගන්න.
බත ඉදුණු පසු කුඩාවට කපා ගත් පලතුරු කැබලි (අඹ, ආමන්ඞ්, ඇපල්, දොඩම්, ස්ට්‍රෝබෙරි, අන්නාසි වැනි පලතුරු* සහ බැදගත් කජු මද සහ වියළි මිදි එකතු කරන්න. එයටම මිටි කිරි සහ ලූණුද එකතු කර විනාඩි 05ක් පමණ පිස ගන්න. කෙසෙල් කොළයක් මත ඝනකමට අතුරා වේළුණු පසු කැබලි කපා ගන්න.
කැරට් කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
සුදු කැකුළු හාල් ග‍්‍රෑම් 750
මිටිකිරි කෝප්ප 03
කැරට් ග‍්‍රෑම් 200ක කැරට් යුෂ
ලූණු අවශ්‍ය ප‍්‍රමාණයට
kiribath (3)
සාදන ආකාරය
හාල් සෝදා වතුර හා ලූණු ස්වල්පයක් එක්කර සාමාන්‍ය ආකාරයට වඩා වතුර ස්වල්පයක් වැඩිපුර හිටින සේ බත පිස ගන්න. බත ඉදුණු පසු එයට මිටි කිරි කෝප්ප 03 කැරට් යුෂ කෝප්පය දමා හොඳින් කූරු ගා විනාඩි 05ක් පමණ පිස ගන්න. ළිපෙන් බෑමට පෙර නැවත වරක් ලූණු ප‍්‍රමාණවත් දැයි බලන්න. කෙසෙල් කොළයක් උඩට බත දමා හොඳින් ගණකමට අතුරා ගන්න.
වේළුන පසු කෑලි කපාගන්න. කැරට් රසය වගේම තැඹිලි පාටින් හැඩවුණ කිරිබතක් රස බලන්න පුළුවන් වේවි. කැමැති නම් තෙම්පරාදුවක් මගින් කිරිබත සරසා ගෙන කැරට් කිරිබතේ රසය වෙනස් කරගන්න.
සේවරි කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
සුදු කැකුළු හාල් ග‍්‍රෑම් 750
කරපිංචා
රතුලූනු
සුදු ලූනු
කරාබුනැටි
එනසාල් ස්වල්පය බැගින්
බැද ගත් කජු මද ග‍්‍රෑම් 150
එළඟි තෙල් මේස හැන්දක්
අවශ්‍ය පමණට ලූණු
මිටිකිරි කෝප්ප 03
kiribath (2)
සාදන ආකාරය
හාල් සෝදා ගත් පසුව, එළගි තෙල් මේස හැන්දත් එකතු කර සාමාන්‍ය ආකාරයට බත පිස ගන්න. අනතුරුව සිහින්ව ලියා ගත් කරපිංචා, රතුලූනු, තළාගත් සුදු ලූනු බික් කිහිපයක්, එනසාල් සහ කරාබුනැටි ස්වල්පයක් සමග බැදගත් කජු මද බතට එකතු කර පොල් මිටි කිරි කෝප්ප තුන ද කලවම් කර, ලූණු පදමට දමා කිරිබත සැකසෙන තුරු නැවතත් පිස ගන්න. ප‍්‍රණීත රසයක් මෙන්ම සුවඳක් ද ඇති ආහාරයකි.

සඳමාලි වර්ණසූරිය