එකටම මියගිය අරුම පුදුම ආදරය

එංගලන්තයේ විග්ස්ටන් ප්‍රාන්තයේ ජීවත් වූ අවුරුදු 70ක් පුරා එක වහලක් යට ජීවත් වූ විවාහක යුවළක් එකම දිනයක මිනිත්තු 3ක් ඇතුළත එකටම මියගොස් තිබෙනවා. දෙදෙනාගේම මරණවලට හේතුව වයෝවෘද්ධභාවය සමග ඇතිව තිබූ ස්වභාවික තත්ත්වයන් බවයි පැවසෙන්නේ.

එඪතට අභඵඵඥතත නම් 93 හැවිරිදි සැමියා සහ වේරා නමැති ඔහුගේ 91 හැවිරිදි බිරිඳයි මේ අයුරින් මියගොස් තිබෙන්නේ.

මේ යුවළේ සැමියා අමතක වීමේ රෝගී තත්ත්වයකින් පෙළී ඇති අතර බිරිඳව පවා හඳුනා ගැනීමට නොහැකිව සිට තිබෙනවා. සැමියාගේ මේ වෙනස්වීම නිසා බිරිඳ විටින් විට රෝගී වන්නට පටන්ගෙන ඇති අතර එකම දිනයේ එකම වේලාවක දෙදෙනාම ස්වභාවික මරණයකට පත්වී තිබිම මවිතයට කරුණක්.

sdfg
මහ පාරට ආ මෝරා
ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් පෙදෙසට පසුගිය දා සුළි කුණාටුවක් සමග ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ගංවතුර කමෛන් බැස යන විට මහ පාරක් මත මේ දැවැන්ත මෝර මාළුවා සිටිනු ප්‍රදේශවාසීන්ට දැකබලා ගැනීමට පුළුවන් වුණා.
ගංවතුර නිසා වතුර මට්ටම වැඩි වූ ජලාශයක් ඔස්සේ මිරිදිය ගංගාවකට පැමිණ ඇති මේ මෝරා ආපසු මුහුදට යා ගැනීමට නොහැකිවීම නිසයි මරණයට පත්වී තිබෙන්නේ.
මහ පාරට ආ මිනී මෝරා දැකීමෙන් භීතියට පත් වූ මිනිසුන්ට ඔස්ට්‍රේලියාවේ ගංවතුර සහන කණ්ඩායම් තවදුරටත් අරක්ෂාව සැපයුවා. ඔවුන් පවසා සිටියේ මෙවැනි අනතුරුදායක සතුන් ගංවතුරේ සිටිය හැකි නිසා ගංවතුරේ විනෝදවීමට යාමෙන් වැළකී සිටින ලෙසයි.

ghj erf
පිරිමින්ටත් අපහසු පිරිමි ළිඟුව
‍පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේ දී කාන්තාවන් මුහුණ දෙන අපහසුතා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මේ දිනවල මෙක්සිකෝවේ විශේෂ ව්‍යාපෘතියක් දියත් කෙරෙනවා. මෙක්සිකෝවේ උමං දුම්රිය තුළ පිරිමි පුරුෂ ළිඟුවක් සවිකළ ආසනයක් සකස් කර තිබිම ඒ විශේෂ කටයුත්තයි.

කඩිමුඩියේ දුවගෙන අවුත් මේ ආසනයේ වාඩිවන සියලුම පිරිමි මගීන් කිසියම් නුහුරු අපහසුතාවක් දැනීම නිසා ක්ෂණිකව ආසනයෙන් නැගිටිනවා. ‘මෙය මත ගමන් කිරීම සියලු දෙනාටම අපහසුය’ යනුවෙන් ආසනය පාමුල ලියා ඇති දැන්වීම ඔවුන් දකින්නේ එවිටයි. පුරුෂ ළිඟුවක් දැවටීම පිරිමියකුට එපමණ අපහසුතාවක් නම් කාන්තාවකට එය කොතෙක් අපහසුද යන්න ප්‍රායෝගිකවම පිරිමි මගීන්ට දැනවීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.

ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ‍පොදු ප්‍රවාහනය භාවිතයේ දී පිරිමි සංවර විය යුතු බව අවධාරණය කිරීමේ අරමුණින් මේ ආසනය උමං දුම්රියේ සවිකරනු ලැබුයේ කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Women) සහ මෙක්සිකෝ නගර බලධාරීන් විසිනුයි.

මධුෂි මිහිරාවි
fsg ertg sdf