ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයකු වන සුරංග කටුගම්‍පොළගේ ‘පුතෙකුට’ (ජ්ධප ච ඉධද) චිත්‍රපටය මේ දිනවල ඉතාලියේ සිනමාශාලා ගණනාවක තිරගත වෙයි. ශ්‍රී ලාංකික විප්‍රවාසිකයන් පිළිබඳ සංකීර්ණ මානයකින් සාකච්ඡා කිරීම මේ චිත්‍රපටයේ විශේෂත්වයයි. විදේශයක පදිංචියට යාමත් සමග ජීවන චර්යාව වෙන්ස්වී පවුල් බැදීමේ අර්බුද ඇතිවීම පිළිබඳ මෙහි දී කතා කෙරේ.

ශ්‍රී ලංකාවේ දක්ෂතම නිළියක වන කෞශල්‍යා ප්‍රනාන්දු මෙහි මවගේ භූමිකාව නිරූපණය කරන අතර ඉතාලියේ මිලානෝහි පදිංචි ශ්‍රී ලාංකික දරුවකු වන ජුලියන් ස්ටෙෆාන් විජේසේකර මෙහි ප්‍රධාන චරිතයක් වන පුතුගේ භූමිකාව රඟදක්වයි.

ජුලියන් ස්ටෙෆාන් විජේසේකරගේ පළමු පුළුල් තිර සිනමා අත්දැකීම මෙය වන අතර ආධුනික රංගන ශිල්පියකු හැටියට ඔහු පළ කරන රංග කුසලතාව පිළිබඳ වැඩිදෙනකුගේ ප්‍රශංසාව හිමිවේ. 1999 අවුරුද්දේ දී ශ්‍රී ලංකාවේ ඉපදුණු ජුලියන් වයස අවුරුදු 7 දී දෙමාපියන් සමග ඉතාලියට සංක්‍රමණය වී ඇති අතර මේ වන විට මිලානෝ හි ඉජඪඥදබඪටඪජ ඩ්ඪඨඩ ඉජඩධධත හි ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. අවුරුදු 10 සිටම සටන් කලාව ප්‍රගුණ කර ඇති ඔහු දක්ෂ හි‍පොප් නර්තන ශිල්පියකු ද වේ. ඉතාලියේ තිරගත වන ජ්ධප ච ඉධද චිත්‍රපටය පිළිබඳව සාකච්ඡා සංවාද රැසක් එරට විවිධ නගරවල පැවැති අතර ශ්‍රී ලංකාව තුළ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ද නුදුරු දිනෙක ආරම්භ කෙරෙනු ඇත.

හිරුණි මධුභාෂිණී

tgyh son