අද සමාජයේ දික්කසාදවීම් හරි වැඩියි. විවාහ ජීවිතය ගැන එකිනෙකා හිතන්නෙ එක එක විදිවලට. අපි ජනප‍්‍රිය කිහිප දෙනකුගෙන් ඇහුවා ඔවුන් ප‍්‍රිය කරන්නේ යෝජිත විවාහයටද, පේ‍්‍රම විවාහයට ද කියලා..

යෝජිත විවාහයත් සාර්ථක වෙන්න පුළුවන් – දුලීකා මාරපන

යෝජිත විවාහය පිළිබඳව දරන්නේ මොන වගේ අදහසක්ද?
පේ‍්‍රම විවාහයක් වුණත් යෝජිත විවාහයක් වුණත් කුමන දෙයක් වුණත් රඳා පවතින්නේ දෙන්නෙක් අතර තියෙන අවබෝධය මත. මේ දේ තියෙනවා නම් යෝජිත විවාහයක් වුවත් සාර්ථක වෙන්න පුළුවන්.

ඔබ කියන්නේ මේ දෙක අතර වෙනසක් තියෙනවද?
අවුරුදු 10ක් විතර ආදරය කරලා විවාහ වෙලා පස්සේ මාස 3න් දික්කසාද වෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. හැබැයි ඉතිං යෝජිත විවාහයකින් විවාහ වෙලා එ් විවාහය මුළු ජීවිත කාලය පුරාම ගෙන යන අවස්ථා අපි දකිනවා.

ඔබ කියන්නේ විවාහයට පදනම් වෙන්නේ මේ ක‍්‍රම දෙක අතරින් කෝකද?
ඇත්තටම මේ විවාහය කියන දෙයට පදනම් වෙන්නේ ආදරය විශ්වාසය සහ අවබෝධය කියන දේවල්. මම මේ අවස්ථා දෙකම අනුමත කරනවා. යෝජිත විවාහ අතරින් දික්කසාදයෙන් කෙළවර වෙන්නේ 40%ක විතර විවාහ ප‍්‍රමාණයක්. හැබැයි ආදරය කරලා විවාහ වන අය අතරින් 60% පමණ දික්කසාද වෙනවා. ඇත්තටම වැදගත් වෙන්නේ සමබරව ජීවත් වෙන එක, එකිනෙකාට ගෞරව කරන එක සහ අවබෝධයෙන් සහයෝගයෙන් ජීවත් වෙන එක.

duleeka
මට අත්දැකීමක් නෑ – දිලිනි ලක්මාලි
යෝජිත විවාහය ගැන ඔබේ අදහස මොකක්ද?
යෝජිත විවාහය ගැන නම් මට අත්දැකීමක් නෑ. මට හිතෙන දැනෙන විදිහට නම් යෝජිත විවාහවලදී ඇතැම් අවස්ථාවල වංචනික දේවල් සිද්ධවෙනවා, රැුවටිලි වගේ දෙවල් වෙනවා අපි දැකලා තියෙනවා.

ඔබ කියන්නේ ආදර කරලා විවාහ වෙන එක පමණයි සාර්ථක කියලද?
මෙහෙමයි යෝජිත විවාහයට වඩා ආදරය කරලා විවාහ වෙද්දී සියයට සියයක්ම නැති වුණත් අපට එකිනෙකා අඳුරගෙන තේරුම් ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒක විවාහ ජීවිතයට අතිශය වැදගත් දෙයක්.

එ් කියන්නේ යෝජිත විවාහයක් අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩිද?
නෑ මම එහෙමම කියන්නේ නම් නෑ. යෝජිත විවාහ තුළ සාර්ථක වූ පවුල් ජීවිත තියෙනවා. මෙහිදී වැදගත් වෙන්නේ එකිනෙකා හඳුනා ගැනීමයි. එ් වගේම තමා විවාහ වෙන්නේ ආදරය කරලද නැත්නම් යෝජනාවක් මගින්ද කියන දේ පිළිබඳව තමා තීරණය කළ යුතුයි.

dilini
බඳින්න කලින් ආශ‍්‍රය කරන්න ඕන – තාරුකා වන්නිආරච්චි

යෝජනාවකින් විවාහ වෙන එක ගැන තියෙන්නේ මොන වගේ අදහස්ද?
මම නම් හිතන්නේ යෝජනාවකින් වුවත් ටික කාලයක් ආශ‍්‍රය කරලා තමයි විවාහ විය යුත්තේ කියලයි මම නම් හිතන්නේ. මොකද එ් පුද්ගලයාගේ මූලික දේවල් ටික හරි තේරුම් ගන්න අවස්ථාවක් ඉන් ලැබෙන නිසා.

එ් කියන්නේ ආදරය කරලා විවාහ වෙන එකද හොඳ?
එහෙම ලොකු අදහසක් නෑ. මොන විදිහට හරි විවාහයට පෙර අපි විවාහ වෙන පුද්ගලයා ගැන අවබෝධයක් ලබාගත යුතුයි.

මේ අතරින් සාර්ථක කුමන විවාහයද?
ආදරය කරලා විවාහ වුණත් යෝජනාවකින් විවාහ වුණත් එය නම් ඉතින් රඳා පවතින්නේ දෙදෙනා අතර පවතින අවබෝධය මත තමයි.

නයනකේෂී විජේකෝන් 

tharuka