ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මුහුදු තීරය අසල කරකැවෙන ඩෙබි සුළිසුළඟ හේතුවෙන් ඒ අවට වැසියන් ඉවත් කරලීමට පියවර ගෙන ඇත. අද දිනය වන විට ගොඩබිම් ප්‍රදේශය වෙත සුළඟ ඇතුළුවනු ඇතැයි එරට භූ විද්‍යාඥයන් පවසා ඇත.
ඊයේ සවස වන විට එම සුළඟ සැතපුම් 150 ක වේගයෙන් හමා එන බවත්, එය ගොඩබිමට ළඟා වන විට වේගය තවදුරටත් ඉහළ යනු ඇතැයි විශ්වාසය පළවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ඉවත් කිරීම අරඹා ඇත.