රුසියාවේ දූෂණ සහ වංචාවන්ට එරෙහිව විරෝධතා සංවිධානය කළ එරට ප්‍රධාන විපක්ෂ නායක ඇලෙක්සියි නවල්නි අත්අඩංගුවට ගෙන ඇත. ඔහු විසින් මෙම විරෝධතා සැලසුම් කර ඇත්තේ දූෂණ ක්‍රියාවල නිරතවන අගමැති දිම්ත්‍රි මෙඩ්වෙඩෙව්ට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට බල කරමිනි. මොස්කව් හි පැවති මෙම පෙළපාලි සහ උද්ඝෝෂණ රැලි සඳහා දහස් ගණන් වැසියන්ද සහභාගි වී ඇත. රටපුරා පැවති මෙම පෙළපාළි සහ උද්ඝෝෂණයන්ට සහභාගි වූ පන්සියයකට අධික පිරිසක්ද ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.