බ්‍රසීලයේ සාඕෙ පාවුලෝහි පාසලක ගුරුවරියකගේ විස්්මිත ක්‍රියාවක් එරට කාගෙත් ප්‍රසාදයට පත්ව ඇත. මෙම ගුරුවරියගේ පංතියේ එක් ශිෂ්‍යාවකට තරුණ පිරිස් ඇය ඉතා අවලක්ෂණ අයකු බව පවසමින් නිතරම විහිළු තහළු කිරීම පුරුද්දක් කරගෙන ඇත. මේ හේතුවෙන් මෙම දැරිය මහත්සේ ශෝකයෙන් සිද්ධිය තම ගුරුවරියට පවසා ඇත. ගුරුවරිය වන ඇනා බර්බරා ෆෙරෙයිරා සිසුවියට කරුණු පහදා දී ඇත.

ඇය සිසුවියට පවසා ඇත්තේ අනෙක් පිරිස් කියන කරන දේ ගැන නොසිතා තමාට රිසිසේ ජීවත්වන ලෙසය. ඇය එම අවවාදයට ගරුකර කිසිදු පැකිළීමකින් තොරව පාසල හැරී ගෙදර ගොස් ඇත.

මෙම ගුරුවරිය තම රාජකාරි අවසන්වී දැරියගේ අපහසුතාව තමාගේ සමාජ ජාලා වබේ අඩිවිය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇත. පසුදින ගුරුවරිය තම රාජකාරිය සඳහා හැඳ පැලැඳ ගන්නා අවස්ථාවේ පෙරදින සිදුවූ සිද්ධිය මතකයට විත් ඇත. ඒ සමගම ඇය තීරණය කර ඇත්තේ තම පංතියේ සිටින අපහසුතාවට ලක්ව ඇති සිසුවියගේ කොණ්ඩා මෝස්තරය සහිතව පාසලට යාමටය.

පාසලට පැමිණ පංති කාමරය වෙත ගිය අවස්ථාවේ එම දැරිය තමා වෙතට පැමිණ ගුරුවරිය වැලඳගෙන ඇත්තේ ගුරුවරිය වෙනදාට වඩා ඉතා ලස්සන බව පවසමිනි.
ගුරුවරිය ඇයට පිළිතුරු දෙමින් පවසා තිබෙනුයේ තමන්ද ඇය තරමටම ලස්සන බවය.
මෙය ඇසුන විට පංති කාමරයේ සිටි සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද මවිතයට පත්ව ඇත. සිද්ධිය නැවත වරක් තමාගේ සමාජජාල වබේ අඩවියට ඇතුළත් කිරීමත් සමග දස දහස් පිරිස් ඇයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඇගේ ක්‍රියාව මුළුමහත් සමාජයටම කළ අනගි ක්‍රියාවක් ලෙසිනි.