ඡායාරූපය : මුස්තාක් තස්ලීම්

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (20) නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.
එහිදී කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ලබන මස 03 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

අදාළ චෝදනාවට විමල් වීරවංශ මහතා බන්ධනාගාරගත කෙරුණේ පසුගිය ජනවාරි මස 10 වැනිදාය.