යෞවන සමාජවල ව්‍යාපෘති කිරීමට රජයෙන් ලබාදෙන රුපියල් හැත්තෑපන්දහසක මුදල ඊළඟ වාරයේ දී රුපියල් එක්ලක්ෂ පනස්දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගමේ යෞවන සමාජ සඳහා ලබාදෙන රුපියල් 75,000ක මුදල ප්‍රමාණවත් නොවීම සහ එම මුදලින් සිදුකර ඇති ව්‍යාපෘති පිළිබඳ සලකා බලා මෙම තීරණය ගත් බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

‘ගමට කෝටියක්’ වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනාගත් නෙලුව ගම්පිටිය ප්‍රදේශයේ ‘රිදී තරු’ පාලම නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

මෙම වැඩසටහන හරහා රජය ලබාදුන් රුපියල් කෝටි 11ක මුදල වෙනුවට රුපියල් කෝටි 47ක ප්‍රතිපාදන ලැබි ඇති බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

නිමල කොඩිතුවක්කු/හිරු සඳුන් ලියනගේ – හිනිදුම