මගීන් දාහතර දෙනකුට මරු කැ`දවමින් තවත් මගීන් හතලිස් හතර දෙනකුට බරපතළ තුවාල සිදු කළ ගොකරැුල්ල දීයාව මාරක බස් අනතුර සම්බන්ධ වසර 13ක් තිස්සේ කුරුණෑගල මහාධිකරණයේ විභාග වූ නඩුවෙහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් නඩුවේ චූදිත බස් රියදුරුට වසර තිස්හත හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (20* නියම කළාය.

මෙසේ සිරද`ඩුවම් නියම වූයේ බසයේ රියැදුරු වූ හේරත් මුදියන්සේලාගේ පේ‍්‍රමරත්න නමැත්තකුටය.

මෙම නඩු තීන්දුව යටතේ මිනිස් ජීවිත 14ක් මරණයට පත්කිරීම වෙනුවෙන් වසර 28ක බරපතළ වැඩ සහිත සිරද`ඩුවමක්ද, 44 දෙනකුට බරපතළ තුවාල සිදුකිරීම යටතේ වසර නවයහමාරක බරපතළ වැඩ සහිත සිරද`ඩුවමක්ද නියම කරමින් එම ද`ඩුවම් දෙක වෙන වෙනම ගෙවී යන පරිද්දෙන් වසර තිස් හත හමාරක සිරද`ඩුවමකට විත්තිකරු යටත් කළාය.

2003 වසරේ ජූලි මස හතර වැනිදා කුරුණෑගල උතුරු ඩිපෝවට අයත් ශ‍්‍රී ලංගම බස් රියක් මගීන් අසූවකට ආසන්න පිරිසක් රැුගෙන මඩගල්ල සිට ඉබ්බාගමුව, කුරුණෑගල හරහා ධාවන කිරීමේදී ගොකරැුල්ල දීයාව ප‍්‍රදේශයේ වංගුවකදී බසයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන මීගසක හැපීමෙන් මෙම අනතුර සිදු විය.

එහිදී බසයේ ගමන් ගත් මගීන් 11 ක් එම ස්ථානයේදී මියගිය අතර පසුව එම මරණ 21 දක්වා ඉහළ ගියේය.

එහෙත් මෙයින් අධිකරණයට වාර්තා වී තිබුණේ මරණ 14ක් සම්බන්ධයෙන් පමණි.
අපරීක්ෂාකාරී ලෙස බසය පදවමින් සාවද්‍ය මනුෂ්‍ය ඝාතන කිරීම සම්බන්ධයෙන් රජයේ නීතිපතිවරයා විසින් මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබිණි. වසර දහයක පමණ කාලයක් තිස්සේ මහාධිකරණ විනිසුරුවරුන් 7 දෙනකු ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 85 දෙනකු නම් කර තිබූ අතර එයින් 74 දෙනකු පමණක් සාක්කි ලබා දී තිබිණි.

මෙම නඩු තීන්දුව කුරුණෑගල මහාධිකරණයේදී මෙතෙක් ලබා දුන් දීර්ඝතම සිරද`ඩුවම වශයෙන්ද සැලකේ.

රජයේ නීතිඥ ලහිරු ජයමාන්න මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ රවි ජයවර්ධන මහතා පෙනී සිටියේය.

සුනිල් එස්. පැල්ලන්දෙණිය