එම්. ඒ. කරුණාරත්න මහතා ඡායාරූප : ටෙරාන් නානායක්කාර

‍ලේකම්වරයා වශයෙන් මූල්‍ය මණ්ඩලයේ හා අදාළ අනෙකුත් මාණ්ඩලික රැස්වීම් හි (ඕධචපඤ ර්ඥඥබඪදඨඵ) වලදී ද ඉදිරිපත්වන හෝ සිදුවන සෑම කරුණක් ගැනම වාර්තා කිරීම තම වගකීම බව පිළිගන්නා බවත්, 2015 පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව තුළ පැවති අසාමාන්‍ය ක්‍රියාපටිපාටිය තුළ ඇතැම් කරුණු වාර්තා නොකර සිටීමට තමාට සිදු වූ බවද ඊයේ දෙවන දිනටත් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් මූල්‍ය මණ්ඩල ‍ලේකම් එච්. ඒ. කරුණාරත්න මහතා කියා සිටියේ ය. 2015 පෙබරවාරි 01 වැනි දින සිට 2016 මාර්තු 31 දින දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව තුළ කටයුතු සිදු කෙරී ඇති ආකාරයත්, එම කටයුතු සිදු කිරීමේදී යම් පාර්ශ්වයකට අයුතු වාසි හෝ අයුතු ලාභ සැලසෙන ආකාරයෙන් යම් අයකු හෝ යම් අයවලුන් ක්‍රියාකොට ඇතිද යන්නත් සොයා බැලීම සඳහාත්, එලෙස සොයා බැලීමේදී අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකොට මාස 03 ක් ඇතුළත තම නිර්දේශයන්ද සහිතව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් දන්වමින් මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරන ලද්දේ 2017 ජනවාරි මස 27 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රසන්න එස්. ජයර්ධන මහතා සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේලුපිල්‍ලේ මහතාද පත් කරනු ලැබ ඇත.

සුමතිපාල උඩුගමසූරිය මහතා මෙම කොමිසමේ ‍ලේකම්වරයා වශයෙන් පත්කොට ඇත.
කොමිසමට සහාය වීම සඳහා ‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා, අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, සහ ජනාධිපති නීතිඥවරුන්ද, ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන හා සොලිසිටර් ජනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, ඩිලාන් රත්නායක මහත්වරුන්ද, ‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරුන් වන අවන්ති පෙරේරා, සහීඩා බාරි, නයෝමි වික්‍රමසිංහ යන මහත්මීන් හා රජයේ නීතිඥ ධනුෂාන් ගනේශයෝගන් මහතාද නීතිපතිවරයා විසින් පත්කොට ඇත.

සාක්ෂිකරු:
මා ශ්‍රී ලංකා මහ බැංකුවට සේවයට බැඳුණේ 2009 වර්ෂයේදීයි. එතැන් සිට මේ දක්වා විවිධ අංශවල රාජකාරියෙහි යෙදුණා. මගේ රාජකාරි කාලය තුළ කිසිදු අවස්ථාවක දී නීතිවිරෝධී ක්‍රියාවකට හෝ වෙනත් කුමන හෝ වරදකට චෝදනා ලබා නැහැ. මට හැකි උපරිමයෙන් මා අවංකව සේවයේ යෙදුණා.

2015 ජනවාරියේ දී ශ්‍රී ලංකා මහ බැංකුව තුළ වෙනදා නොතිබුණු තත්ත්වයක් හට ගත්තා. සෑම අංශයක් තුළම විවිධාකාර ප්‍රශ්න මතු වුණා. විශාල වශයෙන් සේවකයන් හා නිලධාරින්ද තැනින් තැනට මාරු කිරීම් සිදු වුණා.

ඇතැම් අවස්ථාවල කලබලකාරී අවස්ථාවන් සහ නොසන්සුන් අවස්ථාවන්ද හට ගත්තා. 2015 පෙබරවාරි මස 27 වැනි දින පැවැත් වුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය තරම් ආන්දෝලනයක් ඇතිවුණු වෙනත් කිසිම සිද්ධියක් ශ්‍රී ලංකා මහ බැංකුව තුළ මා සිටිනා කාලය තුළදීවත් මා අසා දැනගෙන ඇති කාලය තුළවත් සිදු වී නැහැ.

මහ බැංකුවේ සේවය කරන නිලධාරින් ලෙස අප සියලු දෙනාගෙන්ම ගෙවල්වල අයත් දන්න කියන අයත් විවිධාකාර ප්‍රශ්න අහන්න පටන් ගත්තා. සමහර ප්‍රශ්නවලට අපට උත්තර දී ගන්නත් බැරිව ගියා.

‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ:
ඔබ කියන පරිදි ලොකුම ප්‍රශ්නය තමයි 2015 පෙබරවාරි 27 වැනිදා බැඳුම්කර වෙන්දේසිය?
පි: ඔව්.
ප්‍ර: ඒ දිනවලත් ඔබ එහි සිටියා
පි: ඔව්. මා සිටියා.
ප්‍ර: ඔය කියන දිනයට කලින් මොනව හරි වැදගත් යම් සිද්ධියක් සිදුවුණාද?
පි: ඔව් සිදුවුණා.
ප්‍ර: මොකද්ද ඒ සිද්ධිය
පි: සිද්ධීන් කීපයක්ම සිදුවුණ පෙබරවාරි 23 වැනිදා ප්‍රශ්නකාරී රැස්වීමක් පැවැත් වුණා.
විනිසුරු ජයවර්ධන මහතා,
ප්‍ර: මොකක්ද ප්‍රශ්නකාරී රැස්වීම?
පි: ස්වාමීනි බැඳුම්කර නිකුත් කිරීම ගැනයි.
ප්‍ර: මොකක්ද එහිදී සිදු වුණේ?
පි: එදින රැස්වීමේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියා සිටියා අවුරුදු 30 ක කාලයකට බැඳුම්කර වෙන්දේසි පැවැත්වීමට අවශ්‍ය බව.
ප්‍ර: එයට කවුරුත් එකඟ වුණාද?
පි: මුලදී කවුරුත් නිහඬව සිටියා. එහෙත් කවුරුත් ඔවුනොවුන් මුහුණු බලාගත්තා. එය ප්‍රකාශ කරනවාත් සමගම.
ප්‍ර: එයින් ඔබට කුමක්ද වැටහුණේ?
පි: මට ඉන් වැටහුණා ඒ අදහසට කවුරුත් දැඩි ලෙස කලබල වූ බවක්.
ප්‍ර: එයට හේතුව කුමක් කියලද ඔබ හිතුවේ?
පි: එමගින් මූල්‍ය තත්ත්වයට ඇතිවන බලපෑම හා මහ බැංකුවට වන අවාසිය නිසා බව මට වැටහුණා.
ප්‍ර: එම රැස්වීම මොකක්ද?
පි: මූල්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත් වුණේ.
ප්‍ර: කවුද ප්‍රධානත්වය දැරුවේ
පි: අර්ජුන මහේන්ද්‍රන් මහතා
ප්‍ර: අනෙක් අය කව්ද?
පි: සමරතුංග මහතාත්, රාමනාදන් මහත්මියත් හිටියා.
ප්‍ර: ආනන්ද සිල්වා මහතාත් සිටියාද?
පි: ඔව්. ස්වාමීනි.
ප්‍ර: මොකක්ද එහිදී සහමුලින්ම සිද්ධ වුණේ?
පි: තිස් අවුරුදු කාල සීමාවකට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළ යුතු යැයි අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළා.
ප්‍ර: ඔහු කමිටුවට යෝජනා කළාද?
පි: නැහැ ස්වාමීනි. යෝජනාවක් කළේ නැහැ. එලෙස කළ යුතු බව ඔහු කියා සිටියා.
ප්‍ර: සියලු දෙනාම අවසානයේ එය පිළිගත්තාද?
පි: නැහැ ස්වාමීනි, මුලදී නිහඬව සිටියත් පසුව අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒ අනුව මේ කරුණ සාකච්ඡාවකට ලක් වුණා. ඒත් අවසන් තීන්දුවකට එළඹුණේ නැහැ.
ප්‍ර: ඊට පසු මොකද වුණේ?
පි: එදා අතීරණාත්මකව අවසන් වුණා. ඒත් පසුදින කමිටුව යළි රැස්වුණා. නියෝජ්‍ය මහ බැංකු අධිපති සමරසිරි මහතා පැහැදිලිවම කියා සිටියා මෙහි වෙනසක් විය යුතුමය කියා.
ප්‍ර: තව කවුරුන්ද එයට සහභාගි වුණේ?
පි: ආනන්ද සිල්වා මහතාත්, ආචාර්ය වීරසිංහ මහතාත් සහභාගි වුණා.
ප්‍ර: අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන්මද එදත් රැස්වුණේ?
පි: නැහැ. එදින ඔහු පැමිණ සිටියේ නැහැ. නිවාඩු සිටියා.
විනිසුරු ජයවර්ධන මහතා:
ඔබ ඔය කියන කරුණු සියල්ල ‍ලේකම්වරයා වශයෙන් සටහන් කරලා ඇති නේද?
පි: නැහැ ස්වාමීනි. මම හැම කරුණක්ම සටහන් කළේ නැහැ. ඉහළින් ප්‍රශ්න මතු විය හැකි නිසා.
ප්‍ර: ඔබට බලපෑම් තිබුණද ඉහළින්
සාක්ෂිකරු නිහඬව සිට පිළිතුරු දෙයි
පි: ඇතැම් විට තිබුණා, ස්වාමීනි.
ප්‍ර: ඔබ මේ කරුණු අඩුම වශයෙන් අධිපතිවරයාට වාචිකව හෝ දන්වා සිටියාද?
පි: නැහැ ස්වාමීනි. ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ
ප්‍ර: දෙවන දිනයේ රැස්වීමක් ගැන වාර්තාවක් තැබුවාද?
පි: නැහැ ස්වාමීනි
ප්‍ර: ඇයි එසේ කළේ?
පි: නියෝජ්‍ය අධිපතිවරයකු එලෙස කීවා.
ප්‍ර: පසු අස්ථාවක හෝ ඔබ අර්ජුන මහේන්ද්‍රන් මහතාට මේ ගැන දන්වා සිටියාද?
පි: නැහැ ස්වාමීනි.
‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ බාරී මහත්මිය
ප්‍ර: අර්ජුන මහේන්ද්‍රන් මහතා දුන් විධානය පරිදි සතියක් ඇතුළත ඔහුගේ නියමය ක්‍රියාත්මක කළාද?
පි: ඔව්. ක්‍රියාත්මක වුණා. පෙබරවාරි 27 වැනිදින වෙන්දේසිය සංවිධානය වුණේ ඒ අනුවයි. වසර 30 ක කාලයක් සඳහා දේශීය සැපයුම්කරුවන් සඳහා එම වෙන්දේසිය තැබිමට ඔහු නියම කළා. ඒ අනුව කටයුතු සිදු කෙරුණා.
ප්‍ර: රජයට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා රජයට අනුබද්ධ ආයතන සමග ගනුදෙනු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා නේද?
පි: ඔව්. ස්වාමිනි.
ප්‍ර: ඇයි එය ක්‍රියාත්මක නොවුණේ?
පි: මහේන්ද්‍රන් මහතාගේ අවශ්‍යතාව වුණේ ප්‍රාථමික ගැණුම්කරුවන් සමග ගනුදෙනු කිරීමයි.

විනිසුරු ජයවර්ධන මහතා
ප්‍ර: සමරසිරි මහතා මේ පිළිබඳව දැරූ අදහස කුමක්ද?
පි: සමරසිරි මහතාටත් අවශ්‍ය වුණේ මෙය සංශෝධනය කිරීමටයි. මෙය බරපතළ ප්‍රශ්නයක් හැටියට ඔවුන් සැලකුවා. අදහස්ද ප්‍රකාශ කළා. විටෙක මහේන්ද්‍රන් මහතා සමග ඒ බව ප්‍රකාශ කර සිටියත් එයට ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.
ප්‍ර: අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ආදී ආයතන සමග ගනුදෙනු කිරීම වඩාත් යහපත් බව නේද පිළිගැනීම?
පි: ඔව්. එහෙත් මහේන්ද්‍රන් මහතා ඒවා නවත්වා පෞද්ගලික ගැනුම්කරුවන්ගෙන්, ප්‍රාථමික ගැනුම්කරුවන් හරහා මුදල් ලබා ගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක කළා.
මේ අවස්ථාවේ දී රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ බාරි මහත්මිය සාක්ෂිකරුට ‍ලේඛනයක් ලබා දීමෙන් පසු කරුණු විමසයි
ප්‍ර: ඔබ අතට පත් කළ ‍ලේඛනය අනුව එය කුමක්ද?
පි: එය මාණ්ඩලික පත්‍රිකාවක් (ඒ ඡධචපඤ චනඥප)
ප්‍ර: එහි දිනය?
පි: 2015 පෙබරවාරි 16 වැනි දින
ප්‍ර: එහි සඳහන්වනවා නේද සියයට 05 ක් වන අනුපාතය සියයට 6.5 ක් දක්වා ඉහළ දැමීමට?
පි: ඔව්. එසේ තිබෙනවා
ප්‍ර: එය එලෙස ක්‍රියාත්මක වුණාද?
පි: නැහැ. ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව තීන්දු කරනු ලැබුවා, එය ඊළඟ මාසය වනතුරු ක්‍රියාත්මක නොකරන ලෙසට.
විනිසුරු ජයවර්ධන මහතා,
ප්‍ර: එම අනුපාතය ඉබචබභඵ ජධ පවතින තත්ත්වයේම තිබෙන්න හරින්න තීන්දු කළා?
පිං එහෙමයි ස්වාමීනි
ප්‍ර: මෙම කටයුතුවලදී තවත් සම්බන්ධවන ආයතනයක් තිබෙනවාද ර්ඛි කියා?
පි: ඔව් තියෙනවා. වෙළෙඳ‍පොළ මෙහෙයුම් කමිටුව (ර්චපඬඥබඪදඨ නඥපචබඪධද ඛිධථථඪබඥඥ) කියලා.
ප්‍ර: ඉන් කුමක්ද කෙරෙන්නේ?
පි: වෙළෙඳ‍පොළේ හැසිරීම හා ඒ අනුව සිදුවන ‍පොලී අනුපාත වෙනස්වීම් ආදිය හැදෑරීම එම කමිටුව මගින් කරනවා.
ප්‍ර: ඒ කමිටුවටත් මහ බැංකු අධිපතිවරයා අයත් වෙනවාද?
පි: නැහැ ස්වාමීනි.
ප්‍ර: එම කමිටුව රැස් වෙන්නේ කවදාද?
පි: දිනපතාම එම කමිටුව රැස් වෙනවා.
ප්‍ර: කව්ද එහි සාමාජිකයින් වන්නේ?
පි: ස්ථිර වශයෙන්ම එම කමිටුවට අයත් වනවා 06 දෙනෙක්. දෙපාර්තමේන්තු 06 කින්
ප්‍ර: කමිටු තීරණය කාටද දෙන්නේ?
පි: නියෝජ්‍ය අධිපතිවරයකුටයි එයභාර දෙන්නේ.
ප්‍ර: නියෝජ්‍ය බැංකු අධිපති වීරසිංහ මහතාටද?
පි: ඔව්. ස්වාමීනි.
ප්‍ර: ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව යන ආයතන දෙක මේ ප්‍රශ්න ගැන උනන්දු වෙනවද?
පි: ඔව් ස්වාමිනි, එම කමිටු දෙක අවුරුදු 30 ක් වැනි දීර්ඝ කාලයකට බැඳුම්කර නිකුත් කිරීම ගැන තදින්ම විරුද්ධ වුණා. ඔවුන්ගේ කමිටු රැස්වීමක් තිබෙද්දී අර්ජුන මහේන්ද්‍රන් මහතා එයට කඩා වැදී එය කඩාකප්පල් කර දැමුවා.
විනිසුරු ජයවර්ධන
ප්‍ර: මූල්‍ය මෙහෙයුම් කමිටුවට අර්ජුන මහේන්ද්‍රන් මහතාත් සහභාගි වෙනවද?
පි: මැන්ඩේට් පත්‍රය අනුව සහභාගි වෙන්න බැහැ.
ප්‍ර: එක් අවස්ථාවක ඔහු එයට සහභාගි වුණා නේද?
පි: ඔව්.
ප්‍ර: ඔබ ඒ ගැන ඔබේ වාර්තාවේ සටහන් කළාද?
පි: නැහැ.
ප්‍ර: ඇයි එසේ සඳහන් නොකළේ
පි: මැන්ඩේට් පත්‍රය අනුව ඔහුට එයට සහභාගි විය නොහැකි බව දන්නා නිසා එය මා සඳහන් කළේ නැහැ.
සාක්ෂි විභාගය අද දිනට කල් තැබිණි.