සංක්‍රමණිකයන් විශාල පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවකට යේමන මුහුදු තීරයේ දී හෙලිකොප්ටර් යානයකින් සිදු කර ඇති ප්‍රහාරයක් හේතුවෙන් සංක්‍රමණිකයන් 42 නකු මියගොස් ඇත. මියගිය පිරිසට ළමුන් සහ කාන්තාවන් කිහිප දෙනකුද ඇතුළත් වේ.

මෙම ප්‍රහාරයෙන් පසු මුදාගෙන ඇති පිරිස 80 ක් වන අතර ඔවුන් සියලුදෙනා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මෙම කරුණු මාධ්‍යයට අනාවරණය කර ඇත්තේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය මගිනි.

ප්‍රහාරයට ලක් වූ බෝට්ටුවේ සිටි පිරිස සෝමාලි ජාතිකයන් බව හෙළි වී ඇත. සිද්ධියෙන් පසු කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ එම පිරිස සංක්‍රමණකයින් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය මගින් නිකුත් කළ හැඳුනුම්පත් ලැබූවන් බවයි. එම බෝට්ටුව කුමන රටකින් ගමන් ආරම්භ කර ඇත්ද යන්න තහවුරු වී නොමැත.