තව සති හය හතකින් විතර පස්සේ ගැහැනු ළමයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු යොවුන් තරගාවලියකට සහභාගි කරවන්න තෝරා ගත්ත ළමයි ටිකකට මේ දවස්වල මධ්‍යම පළාතෙදි නේවාසික පුහුණුවක් ලබා දෙනවනෙ.

ඒ වැඩේට තෝරාගෙන තියෙන්නේ ගිය පාර ශූරතාව දිනා ගත්ත ටීම් එක කෝච් කරන නෝනවමයි,

ඉතිං ගිය පාර අපේ ළමයි කප් එක දිනුවනේ එදා මේ නෝනා ලංකාවට ආවේ මම හරි ජගතා කියන මහ ආඩම්බර මූඩ් එකකිනුයි.

ඒ වුණාට ඒ ටීම් එකේ හිටිය ජාතික පිල නියෝජනය කරන ළමයි තුන්දෙනා නම් කිව්වේ කප් එක දිනුවෙ අපි තුන්දෙනාගෙ එක්ස්පීරියන්ස්වල පිහිටෙන් කියලයි.

ඔන්න ඕක නිසා ගිය පාර අපි දිනුවෙ කාගෙ හැකියාවෙන් ද කියලා අපිටත් වැටහීමක් නැහැ. කොහොම වුණත් මේ පාරත් කෝච් හැටියට යන්නේ අර නෝනම නිසා මේ පාර කාගෙ කාගෙත් කෙරුවාවල් මැනගන්න පුළුවන් කියලා තමයි හැමෝම කියන්නේ.

ඒ කොහොම වුණත් මේ පාරත් කෝච් හැටියට තේරුණාම බොහොම සතුටු වුණ මේ නොනා දැන් ඉන්නේ බොහොම කනස්සල්ලෙන් කියලා ආරංචියි. එයා එහෙම ආඩපාලි කියන්න හේතුව වෙලා තියෙන්නේ රජයෙන් ලැබෙන පඩියට අමතරව කෝච් හැටියට දීමනාවකුත් ලැබෙයි කියල තිබුණු බලා‍පොරොත්තු බිඳ වැටුණ නිසාලු.

සෙල්ලම් මහ ගෙදරින් ගමන් ගාස්තු හැටියටවත් දීමනාවක් ගෙවන්නේ නැහැ කියලා දොස් කියනවලු. ඒ මදිවට මේ පාර ටීම් එක ගැනත් එයාට ෂුවර් නැතිලු. ඒකට හේතුව මේ පාර ජාතික පි‍ලේ ළමයි කීප දෙනක් නොසිටීම කියලා නම් කියන්නේ නැතිලු.

නමුත් උස ළමයි නැතිලු. පුහුණු කරන්න ප්‍රමාණවත් කාලයක් ලැබුනෙ නැතිලු. මේ කුණ්ඩවාලෙ බදාගත්තෙ නැත්නම් යස අගේට ඔෆිස් එකට වෙලා කකුල් දෙක වන වනා ඉන්න තිබුණනෙ කියල දැන් හොඳටම දුක් වෙනවලු. මොනව කරන්නද පරණ පව් පල දෙනකොට

 වලි වීර