112 වැනි ආදරවන්තයන්ගේ සටන ගාල්ල රිච්මන්ඩ් හා මහින්ද විදුහල් මහා ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරව නිමවූ අතර රිච්මන්ඩ් විදුහල් නායක කමිඳු මෙන්ඩිස් හා ධනංජය ලක්ෂාන් දෙවැනි ඉනිමේදී ආරම්භක කඩුල්ලට නව වාර්තාවක් තබමින් ලකුණු 168ක සබඳතාවක් තැබිම කැපී පෙනුණි.

රිච්මන්ඩ් විදුහල් පිල ප්‍රථම ඉනිමේදී ලකුණු 184කට ඕවර 47.1ක් තුළ සීමා වූ අතර මහින්ද විදුහල් පිල ප්‍රථම ඉනිමේ ඉතා සමෛන් පන්දුවට පහරදෙමින් ඕවර 105.5ක් තුළ ලකුණු 180කට සියලු දෙනා දැවී ගියේයෙ. කෙසේ වුවද තරගයට ජවය ගෙනදුන් රිච්මන්ඩ් පි‍ලේ දෙවැනි ඉනිමේ කඩුලු 1කට ලකුණු 205ක් ඕවර 33ක් තුළ ලැබිම විශේෂත්වයකි. මෙහිදී ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 101ක්ද නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 92ක්ද ලැබූ අතර දෙදෙනා එකතුව මීට පෙර 2015 වසරේ තැබූ ආරම්භක කඩුල්ලට ලකුණු 162ක සබඳතාව බිඳීමට තරගයේ විශේෂම සිදුවීම විය.

ලකුණු සාරාංශය
රිච්මන්ඩ් ප්‍රථම ඉනිම සියලු දෙනා දැවී ලකුණු 184 (ඕවර 47.1 තුළ) අවිඳු තීක්ෂණ 28, කවීෂ අභිෂේක් 37, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ලක්ෂාන් 30, ආදිත්‍ය සිරිවර්ධන 26, කලිඳු ශ්‍රීසර 2/19, කවිඳු එදිරිවීර 2/24, නිපුන් මාලිංග 2/50 දෙවැනි ඉනිම කඩුලු 1ට ලකුණු 205 (පන්දු ඕවර 33 තුළ) ධනංජය ලක්ෂාන් 101 නොදැවී, කමිඳු මෙන්ඩිස් 92
මහින්ද ප්‍රථම ඉනිම සියලු දෙනා දැවී ලකුණු 180
(ඕවර 105.5 තුළ) විනුර නිරංජිත් 57, කවිඳු එදිරිවීර 27, නවෝද් පරණවිතාන 20, අවිඳු තීක්ෂණ 4/59, සඳුන් මෙන්ඩිස් 3/47
කිංග්ස්වුඩ්-ධර්මරාජ ජය පැරදුමෙන් තොරයි
111 වැනි මහනුවර කිංග්ස්වුඩ්-ධර්මරාජ මහා ක්‍රිකට් තරගයද පසුගියදා පල්ලෙකැ‍ලේදී ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. කිංග්ස්වුඩ් පි‍ලේ විමුක්ති විජේසිරිවර්ධන නොදැවී ලකුණු 187ක් ලැබිම නිසා ප්‍රථම ඉනිමට ලකුණු 167ක් ලැබූ අතර එයට පිළිතුරු ලෙස ධර්මරාජ පිලට ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 161කි.
කිංග්ස්වුඩ් පි‍ලේ ගනිඳු කෞශල්‍ය ලකුණු 62ට කඩුලු 7ක් ලැබිම කැපී පෙනුණි.

ලකුණු සාරාංශය
කිංග්ස්වුඩ් ප්‍රථම ඉනිම සියලු දෙනා දැවී ලකුණු 167 (ඕවර 64.4 තුළ) ඩී. මධුරංග 19, එස්. පියසේන 11, විමුක්ති විජේසිරිවර්ධන නොදැවී 87, එන්. හේරත් 4/27, එන්. ඩිල්ෂාන් 2/27, ජී. විතාරණ 2/55, දෙවැනි ඉනිම කඩුලු 1ට ලකුණු 102 (ඕවර 28.4 තුළ) එ්. ජයවීර නොදැවී 25, වයි. කාවින්ද 58
ධර්මරාජ ප්‍රථම ඉනිම සියලු දෙනා දැවී ලකුණු 161, ඕවර 92.5 තුළ ජී. විතාරණ 22, යූ. අමරකෝන් 15, එන්. හේරත් 40, එස්. සේනානායක 15, ඩී. විජේකෝන් 41, ගනිඳු කෞශල්‍ය 7/62, විමුක්ති සිරිවර්ධන 2/29

34 වැනි ඇතුගල්පුර සටන
මලියදේව නායක දමිතගෙන් සටන්කාමී ඉනිමක්
34 වැනි ඇතුගල්පුර සටන කුරුණෑගල මලියදේව හා ශාන්ත ආනා මහා ක්‍රිකට් තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරව නිමවූ අතර මලියදේව විදුහල් නායක දමිත සිල්වා පන්දු 201ක් තුළ ලකුණු 85ක් ලබමින් ප්‍රතිවාදී ශාන්ත ආනා විදුහල මුල් ඉනිමට ලැබූ කඩුලු 7ට ලකුණු 307 පිළිතුරු ලෙස ලකුණු 224ක් දක්වා ඉනිම ගොඩනැගීමට දායකත්වය දෙන ලදී.
දෙවැනි ඉනිමට ශාන්ත ආනා පිල කිසිවකු නොදැවී ලකුණු 53ක් ලැබිය.

ලකුණු සාරාංශය
ශාන්ත ආනා ප්‍රථම ඉනිම කඩුලු 7ට ලකුණු 307, රන්දීර රණසිංහ 98, තරින්ද විජේසිංහ නොදැවී 56, කවිඳු රණසිංහ 56, පුබුදු ගනේගම 37, දමිත සිල්වා 2/97, කවීන් බණ්ඩාර 2/45, දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 53
මලියදේව ප්‍රථම ඉනිම සියලු දෙනා දැවී ලකුණු 224
බ්‍රයන් චන්ද්‍රසේන 30, දමිත සිල්වා 85, මුදිත ප්‍රේමදාස 20, කවීන් බණ්ඩාර 30, පුබුදු ගනේගම 5/68, පී. සිංහවංශ 2/54, කේ. රණසිංහ 2/47

ධම්මික රත්නවීර