හිටපු ඉඩම් හා මහවැලි සංවර්ධන ඇමති ගාමිණී දිසානායක මහතා 75 වැනි උපන් දිනය අදට (20) යෙදී ඇත.

ඒ නිමිත්තෙන් අද (20) කථා නායක කරු ජයසුරිය සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්වුණි.

එම අවස්ථාවේදී දිසානායක මහතාගේ බිරිඳ ශී‍්‍රමා දිසානායක මහත්මිය, නවීන් දිසානායක ඇතුළු පිරිස විසින් ගාමිණී දිසානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීය.

ගාමිණී දිසානායක මහතා 1994 වසරේ එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුණු අතර මේ වන විට ඒ මහතා ඝාතනයට ලක් වී වසර 23ක් පමණ ගත වී ඇත.

ඡායාරුප – සස්සඳ ලියනආරච්චි

g2g3g4