පවනි උත්තරා දැරියට වයස අවුරුදු අටකි.

වයස අවුරුදු අටක දැරියක් පාසලේ අකුරු කරමින් කෙළිදෙලෙන් ගත කළ යුතු වූවත් පවනිට ඒ උරුමය උපතින්ම අහිමි විය.

ඇයගේ අම්මා අනුලා සේනානායක මහත්මිය කියන විදියට නම් පවනිගේ දෛවයට වගකිව යුත්තේ වෛද්‍යවරුන්ය.

“දුව උපන්නේ 2009 අවුරුද්දේ ජනවාරි 17 වැනිදා කරවනැල්ල ඉස්පිරිතාලෙදි.

දරුවා ඉපදුණ හැටියෙම කහපාට වෙලා තියෙනවා.

මට තද ඔළුව කැක්කුමක් ආවා.

දරුවා උපන්නේ හවස 2ට විතර.

මට නින්ද යන්න බෙහෙත් දීලා ඇහැරෙනකොට පහුවදා පාන්දර 2යි.

දරුවාට උපන් හැටියෙ මව්කිරි දෙන්න බැරි වුණා.

දොස්තරලා කිව්වා දරුවාට විෂබීජයක් ගිහින් කියළා.”

උපතින්ම ලැබූ ආබාධිත තත්ත්වය හේතුවෙන් පවනි දැරියට වාඩිවීමට, සිටගැනීමට, ආහාර ගැනීමට, කතාකිරීමට හෝ සාමාන්‍ය දරුවෙකුගේ කි‍්‍රයාකාරකම් කිසිවක් කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවෙයි.

ඇයට ඝන ආහාර දීමට නොහැකි අතර පෝෂ්‍යදායී කිරිපිටි හා සුප් වර්ග දීමට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.

එමෙන්ම පවනිව සතිපතා ප‍්‍රතිකාර පිණිස අවිස්සාවේල්ල මූලික රෝහලට හා කොළඹ ළමා රෝහලට ගෙන ආ යුතුය.

ඒ සඳහා වාහනයක් කුලියට ගැනීමට සිදුවේ.

වෛද්‍ය ප‍්‍රතිකාර අඛණ්ඩව සිදුකරන ලෙස වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

පවනිට වඩා වැඩිමහල් දියණියන් දෙදෙනෙක්ද මේ පවුලට සිටියි.

ඔවුන් නිරෝගී දරුවන්ය.

පවුලේ සියළු වියදම් දැරීමට තිබෙන එකම ආදායම් මාර්ගය පියාගේ සුළු විශ‍්‍රාමික වැටුප පමණි.

විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු ලෙස පියා ලබන විශ‍්‍රාමික වැටුපද ණය හා පොලිය සඳහා කැපී යාමෙන් පසුව අතට එන්නේ සොච්චම් මුදලකි.

එය පවුලේ වියදම් දැරීමට කොහෙත්ම ප‍්‍රමාණවත් නොවේ.

දැරියගේ මවද තයිරොක්සීන් හා දියවැඩියා රෝගියෙකි.

මේ නිසා පවනිගේ දෙමව්පියන් ඔබගෙන් මූල්‍යමය ආධාර බලාපොරොත්තු වේ.

ඔවුන්ට ලබා දෙන ආධාර යටියන්තොට ලංකා බැංකුවේ එස්.එම්.ඒ. සේනානායක (මවගේ නම) නමින් ඇති ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටිමි.

දුරකථන අංකය          – 0778502721
ලිපිනය                   – අංක C24/A2,  උඩපිටිය, යටියන්තොට
ගිණුම් අංකය            – 72221141, ලංකා බැංකුව යටියන්තොට ශාඛාව

y1y2y3