ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාව ලබන අපේ‍්‍රල් මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (20) නියෝග කර තිබේ.

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විමල් වීරවංශ මහතාව අද (20) කොළඹ, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත‍්‍රාත්වරිය ඉහත නියෝගය ලබා දී ඇත.

වීරවංශ මහතාව පසුගිය ජනවාරි 10 වැනිදා සිට මෙම චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

w2