පිළිකා සෛල මර්ධනය කිරිමේ හැකියාව කරවිල ඇට සතුව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පශු ව්‍යාධවේද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

කරවිල ඇට යොදා ගනිමින් කරන ලද මෙම පර්යේෂණයේදී කරවිල ඇටවල අඩංගු ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් (steric fatty acid) නැමැති රසායනය මඟින් පිළිකා සෛල විනාශ කර පිළිකා ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම අඩාල කළ හැකි බව අනාවරණය වුණු බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා  සඳහන් කර සිටියි.

මෙම පර්යේෂණය සඳහා වසරක පමණ කාලයක් ගත වී ඇති අතර එය ආරම්භයේදී විවිධ සතුන් යොදා ගනිමින් සිදු කර ඇත.

මේ සඳහා කෘමිනාශක නොයෙදූ කරවිලවලින් ලබා ගත් බීජ භාවිතා කර ඇති අතර ඒවා  උපයෝගි කරගනිමින් නිපදවූ කැප්සියුලය මහනුවර රෝහලේ ප‍්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබා දීම සිදුකරයි.

එය මේ වන විට සාර්ථක වී ඇති බවත් ඉදිරියේදී මෙම නව හඳුන්වාදීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

රසායනික ද‍්‍රව්‍ය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්රූම් එකක මිල රුපියල් 6000- 8000 අතර වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09 ක් පමණ අවශ්‍ය වූවත් රෝගීන්ට නොමිලේ මෙම ප‍්‍රතිකාරය ලබා දෙන බව මහාචාර්යවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම මෙම ප‍්‍රතිකාරය දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන බවද පරීක්ෂණවලින් අනාවරණය වුණු බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.

බණ්ඩාර දීපාල්

c 1c2c3c4c5