ලෝකයේ ළාබාලතම බිලියනපතියකු හැටියට සැලකෙන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තමන් දෙවෙනි වරටත් පියකු වන්නට යන බව නිල වශයෙන් පසුගියදා නිවේදනය කළා. තමාගේ බිරිඳ ප‍්‍රිසිලිකා සංට උපදින්නට සිටින දෙවෙනි දරුවා ද ”දුවණියක” බව මාර්ක් පවසන්නේ ඉතාම සතුටින් යුතුවයි.

”පළමු දරුවා උපදින්නට යද්දී ඇතිවුණු සංකූලතා නිසා අපි බයෙන් හිටියෙ. නැවතත් දෙමාපියන් වෙන්න පුළුවන් වේවිද කියලා අපට ඇත්තටම සැකයක් තිබුණා. නමුත් සැකය දුරු කරමින් ඇය නැවත මවක් වන ලකුණු පළවුණා. ඒ බව දැනගත් මොහොතේම මම ආසා කළේ දෙවෙනියාත් දුවණියක් වනවා දකින්නයි. ඒ බලාපොරොත්තුවත් ඉටු වෙලා. ඔව් ඇය දුවක් තමයි…”

”ලොකු දුව මැක්ස්ට සෙල්ලම් කරන්නට තව දුවෙක් පවුලට එකතු වෙන එක ඇත්තටම හරිම හොඳයි. මම හිතන්නේ මැක්ස්ට ජීවිතේටම ඊට වඩා හොඳ තෑග්ගක් දෙන්න අපි දෙන්නටම කවදාවත් බැරිවෙයි”

”මගේ ජීවිතය ලස්සන වුණේ ගැහැනු නිසා. ඒ කියන්නේ පොඩි කාලේ පටන්ම මගේ වටේ හිටපු අම්මා, අක්කලා, නංගිලා සහ මිතුරියෝ මගේ ජීවිතයට හරිම හොඳ මතකයන් ගෙනාවා. අපේ පවුලට එන අලූත් අමුත්තියත් අපි හැමෝගෙම ජීවිත ලස්සන කරාවි.. ”මාර්ක් සකර්බර්ග් ඉතාම සංවේදී ලෙස ලියා එය මුහුණු පොතේ පළකර තිබුණා.

සඳමාලි වර්ණසූරිය

mark-1 mark2