මේ යුගයේ ජනප්‍රියම රංගන ශිල්පිනියන්ගේ නම් අතර ඉහළම තැනක සිටින ‘සමනලී ෆොන්සේකා’ ජීවිතය, ආදරය සහ කලාව ගැන කළ පුංචි කතාබහක් මේ.

කතාබහ අරඹන්න අපට සිද්ධ වෙන්නේ ‘ප්‍රේමය නම්’ තුළින්. සමනලී තෘප්තිමත්ද?
රඟපෑමක් ගැන තෘප්තිමත් වීම රංගන ශිල්පිනියකට අසීරු කටයුත්තක්. චිත්‍රපටය නැවත නැවත බලද්දී හිතෙනවා මීට වඩා හොඳින් මෙය කරන්න තිබුණා කියලා. මම හිතන්නේ ඒක ‍පොදු සිතුවිල්ලක්.

‘ප්‍රේමය නම්’ හි රංගනයට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?
ඔව්. අධ්‍යක්ෂවරු දෙදෙනා සෑහෙන්න සතුටු වෙනවා ඔවුන්ට ඕනෑ කළ දෙය මගෙන් ලැබුණාය කියලා. ඒ වගේම හුඟක් අය හුඟක් හොඳ ප්‍රතිචාර දුන්නා.

ඒ නිසාම සම්මානයක් ගැන බලා‍පොරොත්තුවකුත් හිත යට ඇති?
නෑ. සම්මානයක් කියන්නේ පස් හයදෙනෙක් එකතුවෙලා ගන්න තීරණයක්. මම හැමදාම මහන්සි වෙන්නේ මගේ දක්ෂතා දවසින් දවස වැඩිකර ගන්නයි. ප්‍රේක්ෂක සම්මානය ඊට වඩා වටිනවා.

ඔය දක්ෂකම ආරෙන් ආපු දෙයක් කියලා විශ්වාස කරනවාද?
කවදාවත් නෑ. මම ආරෙන් ආවාය කියලා කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ.

ඒ කියන්නේ සමනලී පුනරුත්පත්තිය විශ්වාස කරන කෙනෙක් ‍නෙවෙයි?
මම පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා ආරෙන් ආපු හැකියාවක් හෝ පෙර භවයේ හැකියාවක් නිසා රඟපානවා කියලා කවදාවත් මම හිතන්නේ නැහැ.

කලාව පිහිටන්නේ සරස්වතියගේ බැල්මෙන් ‍නෙවෙයිද?
ඒක විහිළුවක් විදිහටයි මට පේන්නේ. ජීවිත අත්දැකීම් සහ හැදෑරීම්වලින් තමයි දක්ෂයෙක් වෙන්න පුළුවන් වෙන්නේ.

ආගමට තියෙන නැඹුරුව මොන වගේද?
මම නිරාගමිකයි. ආගම කියන දේ ගැන මට තියෙන්නේ වෙනමම කියැවීමක්.

සමනලී ගායිකාවක් හැටියට ජනප්‍රිය වෙන්න පටන් අරගෙන?
ගායිකාවක් වෙන්න මට කිසිම අවශ්‍යතාවක් නැහැ. මම ආස රංගනයට. මම කවදාවත් ගායනය හදාරලා නැහැ. ඒ නිසා ඉවෙන් වගේ තමයි ඔහොම ගායනා කරන්නේ. කොහොමත් ට්‍රිප් ගියාම, කන බොන වෙලාවට අපි සින්දු කියනවා. ඒත් වෘත්තීයමය ගායිකාවක් වෙන්න මට ලොකු පරාසයක් නැහැ.

කධභබඩ ඹඪබඩ ඊචතඥදබ වෙනුවෙන් ලොකු කාලයක් කැප කළා නේද?
ඔව්. මෙච්චර කල් මිනිස්සු හිතුවේ රියැලිටි කියන්නේ නටන එකයි, සින්දු කියන එකයි විතරයි කියලයි. ඒත් කධභබඩ ඹඪබඩ ඊචතඥදබ හරහා හුඟක් අය දැනගත්තා මිනිස්සුන්ගේ ආසක්ත බව, තෘප්තිය මීට වඩා ලොකු පරාසයක විහිදිලා තියෙන බව. ඒ නිසා ඒ පිරිස සමග වැඩ කරපු එක ගැන සතුටුයි.

රියැලිටි ෂෝ එකක විනිශ්චය මණ්ඩලයට යෑම ආර්ථිකයට වාසියක්ද?
රංගනය කියන්නේ කොහොමත් ලොකු මුදලක් ලැබෙන දෙයක් ‍නෙවෙයි. එහෙමයි කියලා මම රංගනය පාවාදෙමින් මල් නාට්‍යවල රඟපාන්න යන්නේ නැහැ. ඒ වගේම ටීවී එකේ ක්‍රීම්, බෙහෙත් පෙති විකුණන්න යන්නෙත් නැහැ. ඒ නිසා කලාව පාවා දෙන්නෙ නැතුව කරන වැඩේ ඇතුළේ ආර්ථික ලාභයක් ලබන එක වඩා හොඳයි කියලා මට හිතුණා.

මේ කාලයේ ජනප්‍රිය නිළිය සමනලී කියලා කවුරුහරි කිව්වොත්?
මට ඒකෙන් වැඩක් නෑ. රංගනය කියන්නේ මගේ රැකියාව. ජනප්‍රියත්වය කියන්නේ ඒකේ අතුරු ඵලයක්.

ඔයා කියන විදිහට මිනිස්සු මගේ දිහා බලනවා නම් මම ඒ ජනප්‍රියකම යොදවන්න ඕන ‘මනුෂ්‍යත්වය’ වෙනුවෙන් වැඩ කරන්නයි.

නිළියක් ලස්සන වෙන්න ඕනද?
හොඳ ප්‍රශ්නයක්. ඕක තියෙන්නේ පිරිමින්ගේ ඔළුවේ. නිළියෝ විතරක් ‍නෙවෙයි, ‍පොදුවේ ගැහැනු හැමෝම සුරතල් සහ සුකුමාර වෙන්න ඕන කියලා මතයක් තියෙනවානේ. පිරිමි විතරක් ‍නෙවෙයි ගැහැනුත් එහෙම හිතනවානේ. ඒ ෆැන්ටසියට අනුව බැලුවාම ගැහැනුන්ට බුද්ධිමය සංවාද අකැපයි.

ඒ කියන්නේ සමනලී ‘නිළියක්’ කියන ෆැන්ටසිය නඩත්තු කරන්නේ නැති කෙනෙක්?
අනිවාර්යයෙන්ම මම ඒක යම්කිසි දුරකට නඩත්තු කරනවා. හැබැයි සවිංඥානිකව. මට ඕන ඒ ෆැන්ටසිය පිරිමින්ට දීල ආයෙත් කඩන්න. ඒ ෆැන්ටසිය කඩා වැටෙනකොට පිරිමි බයවෙනවා. ඔවුන්ට අනුව ලස්සන ගෑනු බුද්ධිමය සංවාදවලට එනකොට පිරිමි මඩ ගහනවා. විවේචනය කරනවා. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා.

‘වෙනසක්’ වෙනුවෙන් දේශපාලනය කළා. ඇයි දැන් නිහඬ වෙලා?
දේශපාලනය කියන්නේ කඩේ යෑම ‍නෙවෙයි. ඡන්දය ඉල්ලන්න එන එකත් ‍නෙවෙයි. අපි ඉන්නේ මතවාදයක් තුළ. ඒ මතවාදය යම් මට්ටමකට අපි දිනුවා. නිහඬ නැහැ. හැම වෙලාවෙම අපි සක්‍රීයයි.

පෞද්ගලික ජීවිතේ අලුත් වුණා. ඔබේ සැමියා ඉන්ද්‍රචාප ලියනගේ කොහොම කෙනෙක්ද?
එයා විවෘත මනසක් තියෙන කෙනෙක්. දේශපාලනය, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය, කලාව වගේ හැම දෙයක් ගැනම අපි දැන් ගේ ඇතුළේ කතා කරනවා. එකට කෑම උයන එකේ ඉඳලා බොහෝ දේවල් හවුලෙ කරනවා. ඒ සංවාදයට මම හරිම ආසයි. ඒක හරි සුන්දරයි.

ඉන්ද්‍රචාප සැමියා කරගන්න සුදුසුයි කියලා හිතුණේ ඇයි?
අපි එකම ඪඡඥ එකක ඉන්නේ. ඒක තමයි අපි දෙන්නටම අපිව දැනුණේ. එහෙමයි කියලා වෙනස් අදහස් නැතුවාම ‍නෙවෙයි. අපි ඒවා තේරුම් ගන්නවා. මේක හරිම ලොකු අවබෝධයකින් ගත්තු තීරණයක්.

මේක වෙනස් ආදර කතාවක්ද?
එහෙම වෙන්නත් පුළුවන්. මිනිස්සු ආදර සම්බන්ධතා පටන් ගන්නකොට භෞතික පැත්තට යනවා වැඩියි. ඒ කියන්නේ පිට පෙනුම, ගෙවල් දොරවල්, සල්ලි, යානවාහන වගේ දේවල්වලින් ගැළපීම මනිනවා. ඒගොල්ලන්ට ස්පර්ෂය අමතකයි. මට තේරෙන්නේ නෑ ඒ ස්පර්ෂය කියන කෑල්ල අමතක කරලා දෙන්නෙක් එකතු වෙන්නේ, ආදරය කරන්නේ කොහොමද කියලා.

මේ ආදරේ පරණ වෙන එකක් නැද්ද?
නැහැ. ආදරේ ඇතුළේ අලුතෙන් දෙයක් ගොඩනගන්න ඕන. හැම තිස්සෙම අතින් අල්ලන්න ඕන. ඔළුව අතගාන්න ඕන. කොටින්ම ආදරේ ඇතුළේ ආදරේ කරන්න ඕන.

ඒත් හුඟක් අය කාලයත් එක්ක එකිනෙකාගෙන් දුරස් වෙනවා. අර මුලින් තිබුණු බැඳීම නැතිවෙලා සමීප බව නැතිවෙලා යනවා. ඒක නැති තැන සම්බන්ධතාවක් තියෙන්නේ මොකටද කියලා මට හිතෙනවා.

ඉදිරියට මොකද වෙන්නේ?
ලොකු බලා‍පොරොත්තු නැතුව ජීවිතේ ගෙවනවා. සමාජය වෙනුවෙන් මට කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඉදිරිය ගැන ඉතින් ඉදිරියෙදි බලාගනිමු.

සාවිත්‍රි විතානගේ
ඡායාරූපය – මුස්තාක් තස්ලිම්

fgrhytr srtwe wete