ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බ්‍රහස්පතින්දා හම්බන්තොට දිස්ත්‍රික්කයේ උත්සව කිහිපකයට සහභාගිවීම සඳහා පිටත්ව ගියේය. ඒ අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ ඉදිකෙරුණු 101 වැනි සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට හා ස්ථීර ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවයකට සහභාගිවීම සඳහාය. මේ අවස්ථාවන්ට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, එස්.බි. නාවින්න, දකුණු පළාත් සභා අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.

ජනාධිපතිවරයා මහින්ද අමරවීර ඇමැතිවරයාද සමග කොළඹ සිට ගුවනින් අම්බලන්තොට බලා පිටත්ව ගියේය. ඔවුන් රැගත් හෙලිකොප්ටරය අම්බලන්තොට ‍පොලිස් ක්‍රීඩාංගණයේ ගොඩබැස්සවීය. එහි සිට අම්බලන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථාන භූමියට පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි. නාවින්න මහතා පැමිණියේය. ජනාධිපතිවරයා සමග එකම වාහනයෙන් පැමිණි මහින්ද අමරවීර මහතාද එය දැක කලබලයෙන් වටපිට බලන්නට විය. ඇමැතිවරයා සෙව්වේ ජනාධිපතිවරයා පිළිගැනීමට බුලත් අතක් බව කාටත් වැටහී ගියේය.

“මෙයා මේ මාත් එක්ක ඇවිත් මාව පිළිගන්න හදනවා. මම එන්න කිව්වේ නැත්නම් මෙයා එන්නෙත් නෑ. දැන් බොරුවට බුලත් හොයනවා, අනේ අනේ” යැයි ජනාධිපතිවරයා මහින්ද අමරවීර ඇමැතිවරයා දෙස බලමින් කීවේය. එය ඇසූ මැති ඇමැතිවරුන්ටද හොඳටම හිනා ගියේය.

සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිස කෙළින්ම ගියේ මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව බලාය. මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථීර ඉඩම් ඔප්පු හිමි නොවූ 3000කට ආසන්න පිරිසකට ඉඩම් ඔප්පු පිරිනැමීම සිදුවිය. මහින්ද අමරවීර ඇමැතිවරයාගේ දේශපාලන දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම ඉඩම් ඔප්පු පිරිනැමීම සංවිධානය කර තිබිමද විශේෂත්වයකි. එහිදී ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ ඉඟියක්ද පළ කළේය.

“ඉඩමක අයිතිය ලැබිම කාගේත් අයිතියක්. ඒ අවස්ථාව උදා කිරීමට ලැබිම ගැන මම අතිශයින් සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට වැනි අති දුෂ්කර පළාතක ජනතාව වෙනුවෙන් මේ යුතුකම ඉටුකර දීමට හැකිවීම පිළිබඳවද මම සතුටු වෙනවා. වසර ගණනාවක් ඇමැතිකම්වල ඉඳලා මම ඉඩම් ලබාදීමේදී කිසිම විටෙක පක්ෂ පාට භේද බැලුවේ නෑ. අද රටේ ජනාධිපති වෙලත් මම දෙන උපදේශය තමයි කිසිම ඇමැතිවරයෙක් අහිංසක ජනතාවට ඉඩම් දෙද්දී පක්ෂ පාට භේද බලන්න එපා.” යැයි ජනාධිපතිවරයා කීවේය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාට හැඟී ගියේ එකම විෂයකට අමාත්‍යවරුන් තිදෙනකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින බවයි. ඒ ධීවර ක්ෂේත්‍රයේය. ධීවර කැබිනට් ඇමැතිවරයා ලෙස මහින්ද අමරවීර මහතාත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලීප් වෙදආරච්චි මහතාත් පළාත් සභාවේ ධීවර ඇමැතිවරයා ලෙස එම්.ඩී. ගුණසේන මහතාත් එකම දිස්ත්‍රික්කයේ වීම මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය.

“හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයට තමයි මධ්‍යම ආණ්ඩුවේ ධීවර ඇමැතිකමයි, රාජ්‍ය ඇමැතිකමයි, පළාත් සභාවේ ධීවර ඇමැතිකමයි තුනම හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කාගෙ හරි ඇමැතිකමක් අස්කරන්න ඕනෑද? හරි එහෙනම් මම එහෙම කරන්නම්. එහෙම කරලා මම මහින්ද අමරවීර ඇමැතිතුමාට වැඩ කරන්න ලොකු වගකීමක් තියෙන ඇමැතිකමක් දෙමු.” යැයි ජනාධිපතිවරයා කියද්දී සභාවේ සිටි සියලු දෙනා මහා හයියෙන් අත්‍පොළොසන් දෙන්නට වූහ. උත්සව සභාව අවසානයේ සියලු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සූදානම් කර තිබිණි.

“සර් මොකද අපේ මේ මහින්ද අමරවීර ඇමැතිතුමාගේ ධීවර ඇමැතිකම වෙන කෙනෙකුට දෙන්නද හදන්නෙ?” ශාන් විජයාලල් ද සිල්වා මහතා විමසීය.

“කවුද එහෙම කිව්වෙ? මම කිව්වේ වගකිව හැකි ඇමැතිකමකුත් දෙන්න පුළුවන් කියලයි.” ජනාධිපතිවරයා කීවේය.

“ඒක නමෛයි සර්, දැක්කා නේද සර් ගාවට ඇවිත් අපේ නායක හාමුදුරුවෝ කරපු ඉල්ලීම. හාමුදුරුවෝ කීවේ මට බුද්ධශාසන ඇමැතිකම දෙන්න කියලයි. ඒ ඇමැතිකමින් මම මොනවා කරන්නද ජනතාවට?” මහින්ද අමරවීර කීවේය.
“ඔව්, ඒකනේ ඔයා ඒ වෙලාවේම කියපු එක හොඳයි මාව මහණ කරන්න කියලා” ජනාධිපතිවරයා සිනහ වෙමින් කීවේය.

තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ජනාධිපතිවරයා සම්මන්ත්‍රණ ශාලාවෙන් ඉවත්ව ගියේය. වාහනයට නැගීමට පෙර මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට කතා කළේය.
“ශාන්, ඔයා කොහොමද යන්නෙ? යමු මාත් එක්ක කොළඹ” යැයි ජනාධිපතිවරයා කීවේය.

“නෑ සර්, මට සර් එක්ක යන්න පුළුවන්. හැබැයි ආයි ගාලු එන්න වෙන්නෙ බස් එකෙන් තමයි.” මහ ඇමැතිවරයා සිනාසෙමින් කීවේය.

මේ අතර පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයා ‍පොළොන්නරුව ප්‍රදේශයේ උත්සව ගණනාවකට සහභාගිවීම සඳහා පිටත්ව ගියේය. පළමුව ‍පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති “පුලතිසි යෞවනය” කඳවුරේ සමාප්ති උත්සවයට එක්විය. එහිදී ජනාධිපතිවරයාට එහි සිටි තරුණ තරුණියන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිමද විශේෂත්වයකි. කඳවුරට පැමිණි සිටි තරුණ තරුණියන් සමග කතාබහ කරමින් ඔවුන් සමග මඳ වේලාවක් ගත කිරීමටද ජනාධිපතිවරයා අමතක කළේ නැත. කතාබහ අතරතුරදී බොහෝ දෙනෙක් ජනාධිපතිවරයා සමග සෙල්පි ඡායාරූප ගත්හ.
අනතුරුව එහි පැවැති උත්සව සභාව ඇමැතූ ජනාධිපතිවවරයා ආදරය ගැන අපූරු කතාවක් කීවේය.

මේ අතර ‍පොහෝ දිනයේ ජනාධිපතිවරයා ඇතුළු පවු‍ලේ සාමාජිකයන් විසින් ඓතිහාසික උණගලා වෙහෙර රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද උණගලා වෙහෙර ෙචෙත්‍ය ගර්භයේ සර්වඥධාතූන් වහන්සේ තැන්පත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත්‍ර බෙදාදීම වෙනුවෙන් වැල්ලවාය ක්‍රීඩාංගණයේ පැවැති දෙරණාභිශේක උත්සවයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුවේ ඉදිරි ගමන්මග පිළිබඳවද කතා කළේය.

“සමහරු බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව වැටෙනකල්. උදේට සමහර මාධ්‍යවල යන ප්‍රවෘත්ති දිහා බලපුවාම පේන්නේ හෙට මේ ආණ්ඩුව කඩා වැටෙයි කියලා. කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ ඉදිරි ගමන නවත්වන්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් නෑ.” ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

මේ අතර සිකුරාදා පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම රැස්වීම පැවැත්වීමට හේතුව අනාවරණය නොවූ අතර ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව සාකච්ඡා කෙරුණු බවද දැන ගන්නට ලැබුණි. සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක්ද සහභාගි වූහ. පැය දෙකකට ආසන්න කාලයක් ඉතා රහසිගතව මෙම හමුව පැවැති බවද වාර්තා වේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තයේ පැවැත්වුණු කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වුණු මහ ක්‍රිකට් තරගය නැරඹීමටද එක් විය. මේ අවස්ථාවට මලික් සමරවික්‍රම, දිනේෂ් ගුණවර්ධන, හර්ෂ ද සිල්වා, නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පාසල් දෙක නියෝජනය කරන සියලු මැති ඇමැතිවරු එක්ව සිටියහ. මෙහි විශේෂත්වය වන්නේ පාසල් දෙක නියෝජනය කරන ආණ්ඩු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඉතා සුහදව සතුටු සාමීචියේ යෙදෙන අතරතුර ගූගල් බැලූන් ප්‍රශ්නයක් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සහ සෙසු පිරිස අතර කතාබහක් ඇති වීමය. එහිදී ඇති වූ කතාබහ ගැන පුද්ගලයෙක් අගමැතිවරයාගෙන් ප්‍රශ්නයක් විමසීය.

“යහපාලනය ඇවිත් තියෙනවා. වංචා කරපු පිරිසට කවද්ද දඬුවම් කරන්නේ?” එහිදී නිවේදකයා අග්‍රාමාත්‍යවරයාගෙන් අසා සිටියේය.

“විමර්ශනය කරලා තියෙන්නේ. අපිට ඕනැ ලෝයර්ස්ලාට සල්ලි හම්බ කරන්න දෙන්න. ඒකයි ප්‍රමාද” අග්‍රාමාත්‍යවරයා කීවේ සෙසු පිරිසද නැවත වරක් සිනහ ගන්වමිනි.

මේ අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ විශේෂ හමුවක් පැවැත්විණි. මේ අවස්ථාවට යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරංග වැලිඅංගේ මහතා ඇතුළු යොවුන් පෙරමුණ නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ. එහිදී යොවුන් පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පසුගිය සතියේ පැවැත්වුණේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. මැයි දින රැලියේ සංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

“මැයි දිනයේ සංවිධානය වෙන්න කලින් ගමේ ඉන්න පාක්ෂිකයන්ට මොනවා හරි කරන්න ඕනැ. එහෙම නැතුව මේ මිනිස්සු මැයි දිනයට විතරක් ගෙන්න ගන්න අපිට බෑ.” පාලිත රංගෙබණ්ඩාර ඇමැතිවරයා කීවේය.

එහිදී අගමැතිවරයා කීවේ ගමේ පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසය.

ඉන් අනතුරුව පක්ෂයේ මහ ‍ලේකම් අමාත්‍ය කබිර් හෂීම් මහතා පිළිබඳවද කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෝ කිහිප දෙනෙක් දොස් නගන්නට වූහ. ඊට හේතුව මහ ‍ලේකම්වරයා පාක්ෂිකයන්ගේ ප්‍රශ්න විසඳීමට පෙර සංවිධායකවරුන්ගේ දුරකථන ඇමැතුම්වලට හෝ ඇහුම්කන් නොදීමය.

මෙහිදී කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව උණුසුම් මුහුණුවරක් ගත් නමුත් පසුව එය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් එය යථා තත්ත්වයට පත්ව ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සඳුදා කතරගම දෙවිඳුන් වැඳ පුදා ගන්නට කැබිලිත්ත බලා ගියේය. එම ගමනට ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා යෝෂිත, රෝහිත පුතුන් දෙදෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාද එක්ව සිටියහ. මොනරාගල ඇතිලිවැව හරහා කොටියාගල ඔස්සේ පැමිණි ගමන කලින් දිනවල පැවැති වැසි සහිත කාලගුණය නිසා වෙනදාට වඩා මඳක් දුෂ්කර විය.

මෙම දුෂ්කර මග තරණය කරන්නට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැමිණි වාහන පිළිබඳ වගකීම කරට ගෙන සිටියේ ලෑන්ඩ් රෝවර් රථ පිළිබඳ විශේෂඥයකු වන ඉන්දික සංජය මහතාය.

කැබිලිත්ත පුදබිමට මෙගොඩ කුඹුක්කන්ඔය අසබඩ විශේෂයෙන් ඉදිකළ තාවකාලික කූඩාරම්වල ලැගුම්ගත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එදින පස්වරුවේ කුඹුක්කන් ඔයට බැස දිය නා පිරිසිදු වූයේ රාත්‍රියේ කැබිලිත්ත පුදබිමේ බෝධි රාජයාණන් අසල පැවැත්වෙන බෝධි පූජාවට සහභාගිවීමටය. රෑ බෝවීගෙන එන විට කුඹුක්කන් ඔයෙන් එගොඩ වී කැබිලිත්ත පුදබිමට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස බෝධි පූජාවට සහභාගි වී ආපසු මෙගොඩට පැමිණියහ. කුඹුක්කන් ඔයෙන් මෙගොඩ පිහිටි ඓතිහාසික බෝ සමිඳුන්ද වැඳ පුදාගත් හිටපු ජනාධිපතිවරයා නවාතැන් ගත් කූඩාරම වෙත ගොස් වැඩි වේලාවක් ගත වූයේ නැත.

රාත්‍රී නවයට පමණ ආසන්න වෙද්දී විසි දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් ගමන් මලුද එල්ලාගෙන ඒ අසලට එනු දුටු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෝ ඒ ගැන විමසිලිමත් වූහ.

“ඔයගොල්ලන් මොකද මේ මහ රෑ පයින්ම?”
“අපි ආපු වාහනේ පෙරළුණා. එතැන ඉඳන් එන්න විදිහක් නැති නිසා පයින්ම ආවා”

“කාටවත් තුවාලද?”
“නෑ… නෑ… දෙවියන් පිහිටෙන් කාටවත් තුවාල වුණේ නෑ.”
ආරක්ෂක නිලධාරියකුද නැගූ පැනයට එම කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි අයෙක් පිළිතුරු දුන්නේය. ආරක්ෂක නිලධාරීහු ඒ පැමිණ පිරිසට මුහුණපෑ අකරතැබ්බය ගැන මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කළහ.

“මේ මහ රෑ… ඒ අය හොඳටම බඩගින්නෙ ඇත්තේ…. දැන් කෑම හදාගන්න ඒ අයට වෙලාවකුත් නෑ. අපට හදපු කෑම ටික ඒ අයට දෙමු. අපි ඉක්මනට මොනවා හරි හදාගෙන කමු”
මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සමග පැමිණි සිටි කණ්ඩායම අනතුරට මුහුණපා දැඩි වෙහෙස මැද එතැනට පැමිණි පිරිසට රාත්‍රී ආහාර ලබා දෙන්නට යුහුසුළු වූහ. ඒ අතරේ හිටපු ජනාධිපතිවරයා එම පිරිස අසලට ගොස් ඔවුන් මුහුණපෑ කරදරය ගැන විමසා ඔවුනට අවශ්‍ය සෑම උපකාරයක්ම කරන ලෙස සිය ආරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසට දැනුම් දුන්නේය.

පසුදින හිමිදිරියේම අවදි වී කුඹුක්කන් ඔයෙන් දිය නා පිරිසිදු වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔයේ වැලිතලාව මත වියන් බැඳ මුරුතැන් බත පිසින්නට සැකසූ මුට්ටිය ළිප මත තබා ළිප ගිනි මොළවන්නට සහභාගි වන විට වේලාව පාන්දර 4.30ට පමණ විය.

හිරු නැගෙන්නට ආසන්නයෙන් යාන්තමින් බිම් කරුවල තිබියදීම සකසා ගත් පූජාවන්ද රැගෙන කැබිලිත්ත පුද බිම වෙත ළඟා වූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කතරගම දෙවිඳුන් භාවනානුයෝගීව වෙසෙන බව කියන කුඩා සියඹලාව හා මහ සියඹලාව අසලදී පුද පූජා පවත්වා කතරගම දෙවිඳුන්ගේ ආශීර්වාදය ලබා ගත්හ.

එයින් පසුව යළිත් කුඹුක්කන් ඔයෙන් මෙගොඩට පැමිණි හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස කූඩාරම් පරිශ්‍රයේදී උදෑසන ආහාරය ගෙන කොටියාගල හරහා නැවත ආපසු ඇතිලිවැව බලා එන්නට පිටත් වූහ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ හමුවක් පසුගිය අඟහරුවාදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජයරාම පිහිටි නිල නිවසේදීය. මේ අවස්ථාවට පක්ෂ නායකයෝ සියලු දෙනා පාහේ එක්ව සිටියහ.

“පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. ඒකයි ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂය මර්දනය කරන්න හදන්නේ. දැන් මේ ගොල්ලෝ හොඳටම බයවෙලා ඉන්නේ.” මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

“පහුගිය දවසක උතුරු පළාත් සභාව ජිනීවා මානව හිමිකම් කොමිසමට යවන්න යෝජනාවක් සම්මත කර ගත්තා. ඒක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ආණ්ඩුව ඒ ගැන නිහඬයි.” දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

මේ අතර පසුගිය බදාදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට පැමිණි නිදහස් කලා සන්ධානයේ නියෝජිත පිරිසක් සහ ද්‍රවිඩ මුස්ලිම් ව්‍යාපාරික පිරිසක් දුක්ගැනවිලි රාශියක් ඉදිරිපත් කළහ.

“අනේ සර් අපේ ව්‍යාපාර සියල්ල අවුල් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අපිත් අවුල්. ඔබතුමාගේ අගය දැන් තමයි අපිට තේරෙන්නේ. අපි ළඟ වැඩ කරන සෑහෙන පිරිසක් රස්සාවලින් ඉවත් කරන්න වෙලා තියෙනවා. වෙන මොනවා කරන්නද?” ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයකු කීවේ තම ආයතනයේ එදා සහ අද තත්ත්වය සංසන්දනය කරමිනි.

“රට පාලනය කරන විදිහ වැරදියිනේ. ප්‍රතිපත්තියක් දැක්මක් නෑ. දෙගොල්ලෝ එකතු වෙලා රට කරන්න හදන කොටම මම කීවේ ඔය වැඩේ හරියන්නෙ නෑ කියලා.
කොහෙද ඉතින් අඩුපාඩු පෙන්නලා දෙන්න ගියාම නායකයෝ කරන්නේ නඩු පිට නඩු දාලා අපිව අමාරුවේ දාන එක. හැබැයි ජේ.ආර්. වුණත් පළිගන්න වෙන් කළේ සති දෙකක කාලයක්. ඊට පස්සේ ඒ ගොල්ලෝ වැඩ කළා. මේ අය බලන්නකෝ ඒකට.
අවුරුදු දෙකක් ගිහිල්ලත් පළිගැනීම් ඉවරයක් නෑ. ඒ ගොල්ලන්ට ඒක විනෝදාංශයක් වෙලා.” මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

“සර් කලාකරුවන්ට යන එන මං නැති වෙලා. ඒ කාලෙ කලාවට කොච්චර තැනක් තිබුණද? කලාකරුවන්ට මේ ආණ්ඩුව නරක විදිහටයි සලකන්නේ. සමහරු හිරේ දාන්න හදනවා.” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා පැවසීය.

“ජනාධිපතිවරණයේදී රූපවාහිනියට අලාභයක් වුණා කියලා ඔබතුමාට ආයෙත් ජනාධිපති කොමිසමට එන්න කියලා තියෙනවානේ. බලෙන් මත් වුණාම මිනිසුන්ගේ වටිනාකම තේරෙන්නෙ නැහැනේ.” රෝහණ දේව මහතා කීවේය.

“ජනාධිපතිවරණයට සර්ගේ නමත් යෝජනා කෙරුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතැන ඉඳන් ජනාධිපතිවරණෙ ප්‍රචාරක වැඩත් සැලසුම් කෙරුණානේ. කාගේත් එකතුවෙන් තමයි ඒවා කෙරුණේ. ඒ විතරක් නමෛයි එතුමා හිටිය කැබිනට් එකේ ගත්ත තීන්දු සාමූහික තීන්දු. දැන් ඒවාත් උසාවියේ අභියෝගයට ලක් වෙලා. රජයේ නිලධාරීන් ඒවා ගැන බලාගෙන ඉන්නේ. ඒකනේ වැඩක් කෙරෙන්නෙ නැත්තේ.

සම්පූර්ණයෙන් අඩපණ වේගෙන යන්නෙ.” කුමාරසිරි හෙට්ටිගේ මහතා කීවේය.
“අඩපණ වෙන්න දෙයක් නෑ. අඩපණ වෙලා ඉවරයි. අපිව නීතිය ඉස්සරහට ගෙනියන්න මේ අයට තියෙනවා ලොකු ආසාවක්. ඒ ඇරෙන්න රට ගොඩනගන්න කිසිම වුවමනාවක් නෑ. දවසින් දවස නරක පැත්තට රට යන්නෙ? අපි ඉතින් බලාගෙන ඉමු.” මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

මේ අතර කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ නැන්දණිය පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. පසුගිය ඉරිදා රාත්‍රියේ ඇයගේ දේහය තැන්පත් කර තිබූ ජෝන්ගේ නිවසට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගියේය. බැසිල් රාජපක්ෂ මහතා සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාට දුරකථන ඇමැතුමක් ලබා දුන්නේය.

“කංචන මම ජෝන්ලාගේ මළගෙදර එනවා. ඔයත් ලෑස්ති වෙලා ඉන්න මාත් එක්ක යන්න” යැයි බැසිල් රාජපක්ෂ මහතා කංචනට කීවේය. ඒ අනුව කංචනද මළගෙදර යෑමට සූදානමින් සිටියේය. බැසිල් රාජපක්ෂ මහතා සමග ජෝන්ගේ නිවසට කංචන ජයරත්න, පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සොයිසා සහ ජානක වක්කුඹුර මන්ත්‍රීවරුද ගියහ.

බැසිල් රාජපක්ෂ මහතා සමග පවිත්‍රා, රංජිත් සොයිසා සහ ජානක වක්කුඹුර ජෝන්ගේ ඇතුළු කාමරයකට වී කතාබහ කරමින් සිටියේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවය. ඒ මොහොත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාද මළගෙදර පැමිණියේය. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පැමිණ සිටින බව නිමල් සිරිපාල ඇමැතිවරයාට දැන ගැනීමට ලැබිණි. ඒ අනුව නිමල් සිරිපාල ඇමැතිවරයාද බැසිල් සිටි කාමරයට ගියේය.

“බලන්නකෝ ඇමැතිතුමා අපේ බැසිල් මහත්තයාට හෙට උසාවි යන්න තියෙනවානේ” රංජිත් සොයිසා මහතා කීවේය.

“ඔය වෙන දේවල් ගණන් ගන්න එපා.” නිමල් සිරිපාල ඇමැතිවරයා බැසිල් දෙස බලමින් කීවේය.

“මම නම් ඕවට සැලෙන්නෙ නැහැ. අපි ඉස්සර දවසෙම මහන්සි වුණේ රටට වැඩ කරන්න. දැන් මහන්සි වෙන්න වෙලා තියෙන්නේ අපිට දාන නඩුවලට මුහුණ දෙන්න.” බැසිල් කීවේය.
“මේ අය කරන්නේ නඩු දාන එකමනේ.” රංජිත් සොයිසා මන්ත්‍රීවරයා නැවතත් කතාබහට එක් විය.
“ඕවා කරලා අපිව වට්ටන්න බෑ.” බැසිල් කීවේය.

අනතුරුව පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය සහ කංචන ජයරත්න මහතා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් වූයේ බැසිල්ට සහ නිමල් සිරිපාල ඇමැතිවරයාට නිදහසේ කතා කර ගැනීමට ඉඩ සලසමිනි.

ඇතුළු කාමරයේ තනිවූ බැසිල් සහ නිමල් මිනිත්තු 45ක පමණ සාකච්ඡාවක නියැළුණහ. ඉන් අනතුරුව කාමරයෙන් ඉවතට පැමිණි බැසිල් සහ නිමල් දුටු ජානක වක්කුඹුර මන්ත්‍රීවරයා “කොහොමද සර් සාකච්ඡාව හරි නේද?” යැයි විමසීය.
ඒත් ඊට කිසිවක් නොකී නිමල් සිරිපාල ඇමැතිවරයා සිය සුපුරුදු සිනහව පා එම ස්ථානයෙන් සමුගෙන බදුල්ල බලා ගියේය.

අනතුරුව කංචන සහ පවිත්‍රා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට පැල්මඩුල්ල සිල්වර් රේ හෝටලයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබූ අතර එහිදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

“දැන් පළාත් සභා මැතිවරණය එනවා. අපි කොහොමහරි දිනන්න ඕනැ. ඒක නිසා ඔයා මේ වැඩේ කරට අරගෙන දුවන්න ඕනැ.” බැසිල් රාජපක්ෂ මහතා කංචනට අවවාදයක්ද දුන්නේය.
මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිරිපා කරුණා කළෝය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, ෂෙහාන් සේමසිංහ, රොෂාන් රණසිංහ මහත්වරු සහ යෝෂිත රාජපක්ෂ සහ ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ද මීට එක්ව සිටියහ. බ්‍රහස්පතින්දා අලුයම එකට පමණ නල්ලතන්නියෙන් සිරිපා කරුණා කිරීම ආරම්භ කළ නඩය අලුයම 4.30 පමණ වන විට සිරිපා මළුවට ළඟා වූහ. නල්ලතන්නියේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සෙසු පිරිසට “ඩිලාන් කොහෙද බලන්නැ” යි කීවේය.

“මොන ඩිලාන්ද?” ඩී.වී. චානක මන්ත්‍රීවරයා විමසීය.
“ඇයි අපේ ඩිලාන් ඇමැතිතුමා. එයා කිව්වා අපි දෙගොල්ලොම සිරිපාදෙදී හම්බ වෙනවා කියලා. මං බැලුවේ එයා ඉන්නවා නම් දෙගොල්ලො එක්කම නගිමු කියන්න.” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිනාසෙමින් කීවේය.

අනතුරුව එහි ආගමික වතාවත්වල නිරත වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු නඩය ඉර සේවයද නැරඹූහ. සිරිපා කරුණාකරන අතරතුර මෙම පිරිසට ආපසු බසින නඩයක් හමුවිය. ඔවුහු “වඳින්න යන මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි” යැයි කියූහ. නාමල් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසද “වැඳලා බහින මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි” යැයි පැවසීය. එම නඩයේ සිටියේ කෑගල්ල ප්‍රදේශයේ පිරිසකි. ඔවුන් නාමල් මන්ත්‍රීවරයා සමග සෙල්ෆි ඡායාරූපද ගත්හ.

“නංගි බැඳපු නැති මන්ත්‍රී කෙනෙකුත් ඉන්නවා.” ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා ඩී.වී. චානක මන්ත්‍රීවරයා පෙන්වමින් කීවේය.

ඒ අවස්ථාවේ එම තරුණිය ලැජ්ජාවෙන් ඒ මේ අත බලන්නට වූවාය. කෙසේ හෝ යන අතරතුර එම තරුණිය ඩී.වී. චානක මන්ත්‍රීවරයාට ඇයගේ දුරකථන අංකයද ලබා දුන්නේ සූක්ෂ්ම අයුරිනි. ඒ දුටු නාමල් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඩී.වී. චානක මන්ත්‍රීවරයාට උසුළු විසුළු කරන්නට වූහ.

වරාය ඇමැති අර්ජුන රණතුංග පසුගිය සතියේ දිනෙක දොඹවල ශ‍්‍රී සද්ධර්මගුප්ත පිරිවෙනට ගියේය. එම පිරිවෙන රණතුංග පවුලේ සහෝදරයකු කුඩා කල දහම් පාසල් ගිය විහාරස්ථානයය. එහිදී මාධ්‍යවේදියකු අර්ජුනගෙන් විමසා සිටියේ දිනේෂ් ගුණවර්ධනගේ පාර්ලිමේන්තු තහනම සහ ඩලස් අලහප්පෙරුම ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට පත් කිරීමද යනාදි කරුණු පිළිබඳවයි.

”ඇයි ඩලස්ලව දාන්නේ? ප‍්‍රසන්නටත් හොඳ ජන පදනමක් තියෙනවානේ. එයාලට තිබුණේ ජනපදනමක් තියෙන ප‍්‍රසන්න වගේ කෙනෙක් දාන්න. මහින්ද රාජපක්ෂ ප‍්‍රසන්නට ඉස්සර ඉඩක් දුන්නෙත් නැහැ. ඉස්සරහට දෙන්නෙත් නැහැ. ප‍්‍රසන්නට ඕවා තේරෙන්නේ නැහැ” අර්ජුන කීවේය.

ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා මේ දිනවල සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේය. සිය දරුවන්ගේ කටයුත්තකට සහභාගි වෙමින් සිටින ප‍්‍රසන්න ද අර්ජුනගේ කතාව අන්තර්ජාලයෙන් දුටුවේය. එදින සවස ප‍්‍රසන්න පැමිණ සිටින බව සැල වූ මෙල්බර්න් හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ කණ්ඩායමක් ඔහු හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියහ. ඒ අනුව ප‍්‍රසන්න එම හමුවට සහභාගි විය.

වර්තමාන දේශපාලනය සහ රට හමුවේ ඇති තර්ජන සම්බන්ධයෙන් ප‍්‍රසන්න කරුණු පැහැදිලි කළේය. අනතුරුව විවිධ කරුණු සාකච්ඡුා කරමින් සිටින අතර එහි සිටි එක් අයෙක් අර්ජුනගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රසන්නගේ අදහස් විමසුවේය.

”අර්ජුන අයියා කියන දේවල් ගණන් ගන්න හොඳ නැහැ. එයා මහ ඡුන්දෙ කාලේ කිව්වේ ප‍්‍රසන්නට ඡුන්දෙ දෙන්න එපා. මම ඡුන්දය දිනුවත් පාර්ලිමේන්තු යන්නේ නැහැ කියලයි. එදා එයා පිළිගත්තේ නැහැ මට ජන පදනමක් තියෙනවා කියලා. දැන් කියනවා ජන පදනමක් තියෙනවලූ. මෙයා හදන්නේ ඒකාබද්ධ විපක්ෂය කොටවන්න.

මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ ඉඳන් පහළම කෙනා දක්වා හැමෝටම තියෙන වුවමනාවක් තමයි ඒකාබද්ධ විපක්ෂය කොටවලා විනාශ කර දැමීම. අපි ඒවට අහුවෙන්නේ නැහැ” ප‍්‍රසන්න පැහැදිලි කළේය.

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි.

පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රැුන්¥ බොහොමයක් චරිත පාර්ලිමේන්තු ක‍්‍රමයේ අභිමානය සංකේතවත් කළ සුවිශේෂ නිර්මාණ කිහිපයක් ද වෙයි. ඒ අතර, පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරනුයේ සෙංකෝලයයි.

1949 දී බි‍්‍රතාන්‍ය රජය පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එදා නියෝජිත මන්ත‍්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිත කළ සෙන්කෝලය වත්මන් පාර්ලිමේන්තුවේ භාවිතා වන අතර ශ‍්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි. 1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අගල් 52 කින් දිගින් යුතුව ඇත් දළයකට කැරට් 20 රන් පවුම් 45 කින් හා රිදී රාත්තල් 3 ඃ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කරන ලද්දේ එවකට සුප‍්‍රසිද්ධ විශිෂ්ට රන්කරුවෙකු ලෙස ප‍්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි. මෙම විශිෂ්ට කලාකරුවා අද 88 වියැතිය. අඩ සියවසකටත් පෙර නිමවා භාර දුන් මෙම අතිශයින් සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමි නොවීය.

දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයසූරිය මහතා (2017-03-16* දින පෙරවරුවෙහි ඔහු පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ භෝජන සංග‍්‍රහයක් පවත්වා තුඩු පඬුරුද පිරිනමමිනි.

කලකින් හමු වූ දරුවෙකු පරිද්දෙන් කදුළු පිරි දෙනෙතින් සෙන්කෝලය අතපත ගෑ පියතිලක මහතා කථානායකවරයාට කීවේ ”මේකෙ වැඩ ඉවර වෙලා භාර දෙන කොට මං අවුරුදු 27 ක තරුණයෙක්. දැන් මට වයස 88 යි. එදා වගේම සතුටක් අදත් දැනෙනවා. මේක බලන්න මම අවස්ථා කිහිපයකම ඉල්ලීම් කළත් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඔබතුමාට බොහොම පින්.” යනුවෙනි.

ප‍්‍රවීණ ලේඛකයෙකු, පරිපාලන නිලධාරියකු සහ මාධ්‍යවේදියෙකු වන ධර්මරත්න තෙන්නකෝන් මහතා විසින් සම්පාදිත ග‍්‍රන්ථ ත‍්‍රිත්වයක් කථානායකවරයා වෙත පාර්ලිමේන්තුවේ දී පිරිනැමිණි. ගොඩගේ ප‍්‍රකාශන සමාගමේ අධිපති සිරිසුමන ගොඩගේ මහතා ද එම අවස්ථාවට එක්ව සිටි අතර ලේඛකයන් දිරිමත් කිරීමට සිරිසුමන ගොඩගේ මහතා එදා මෙදා තුර දැක්වූ දායකත්වය කථානායකවරයාගේ ඇගයීමට ලක් විය.

මේ අතර, පසුගිය සතියේ අභාවප‍්‍රාප්ත වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ නායිකාවක මෙන්ම සෞඛ්‍ය හා පෝෂණ ඇමතිවරියක වූ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා වලපනේ ඇගේ නිවසට ගිය කරු ජයසූරිය මහතා සිහිපත් කළේ නිතර සිනහමුසු මුහුණින් යුතුව සෑම තරාතිරමකම මිනිසුන්ට සවන් දුන් රේණුකා හේරත් මැතිනිය කිසිවිට ජනතා සේවයෙන් විඩාබර නොවූ සහ කන්ද උඩරට ජනතාවට සැබෑ මවක වූ නායිකාවක් බවයි.

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කළ ලෝක වකුගඩු දින ජාතික සැමරුම් උළෙල පසුගිය සතියේ කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවතියේ කොළඹ නව නගර ශාලාවේ දීය. වකුගඩු රෝගය දුරලීමට ජනපති අපේක්ෂකයා ලෙස දුන් පොරොන්දු ඉටු කරමින් ජනාධිපතිතුමන් ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලිව ක‍්‍රියා කිරීම කථානායකවරයා මෙහිදී අගය කළේය. ආචාර්ය එඞ්වින් ආරියදාස, මහාචාර්ය වෛද්‍ය රිස්වි ශෙරිෆ්,වෛද්‍ය මායාදුන්න, රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, අසේල ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ද මේ සඳහා එක්ව සිටි අතර වකුගඩු රෝගීන් සදහා රක්ෂණ ක‍්‍රමය එළි දැක්වීම හා එම පවුල්වල දරුවන් ස`දහා ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් ද මෙහිදී සිදු විය. වරාය ඇමැති අර්ජුන රණතුංග පසුගිය සතියේ දිනෙක දොඹවල ශ‍්‍රී සද්ධර්මගුප්ත පිරිවෙනට ගියේය. එම පිරිවෙන රණතුංග පවුලේ සහෝදරයකු කුඩා කල දහම් පාසල් ගිය විහාරස්ථානයය. එහිදී මාධ්‍යවේදියකු අර්ජුනගෙන් විමසා සිටියේ දිනේෂ් ගුණවර්ධනගේ පාර්ලිමේන්තු තහනම සහ ඩලස් අලහප්පෙරුම ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට පත් කිරීමද යනාදි කරුණු පිළිබඳවයි.

”ඇයි ඩලස්ලව දාන්නේ? ප‍්‍රසන්නටත් හොඳ ජන පදනමක් තියෙනවානේ. එයාලට තිබුණේ ජනපදනමක් තියෙන ප‍්‍රසන්න වගේ කෙනෙක් දාන්න. මහින්ද රාජපක්ෂ ප‍්‍රසන්නට ඉස්සර ඉඩක් දුන්නෙත් නැහැ. ඉස්සරහට දෙන්නෙත් නැහැ. ප‍්‍රසන්නට ඕවා තේරෙන්නේ නැහැ” අර්ජුන කීවේය.

ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා මේ දිනවල සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේය. සිය දරුවන්ගේ කටයුත්තකට සහභාගි වෙමින් සිටින ප‍්‍රසන්න ද අර්ජුනගේ කතාව අන්තර්ජාලයෙන් දුටුවේය. එදින සවස ප‍්‍රසන්න පැමිණ සිටින බව සැල වූ මෙල්බර්න් හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ කණ්ඩායමක් ඔහු හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියහ. ඒ අනුව ප‍්‍රසන්න එම හමුවට සහභාගි විය.

වර්තමාන දේශපාලනය සහ රට හමුවේ ඇති තර්ජන සම්බන්ධයෙන් ප‍්‍රසන්න කරුණු පැහැදිලි කළේය. අනතුරුව විවිධ කරුණු සාකච්ඡුා කරමින් සිටින අතර එහි සිටි එක් අයෙක් අර්ජුනගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රසන්නගේ අදහස් විමසුවේය.

”අර්ජුන අයියා කියන දේවල් ගණන් ගන්න හොඳ නැහැ. එයා මහ ඡුන්දෙ කාලේ කිව්වේ ප‍්‍රසන්නට ඡුන්දෙ දෙන්න එපා. මම ඡුන්දය දිනුවත් පාර්ලිමේන්තු යන්නේ නැහැ කියලයි. එදා එයා පිළිගත්තේ නැහැ මට ජන පදනමක් තියෙනවා කියලා. දැන් කියනවා ජන පදනමක් තියෙනවලූ. මෙයා හදන්නේ ඒකාබද්ධ විපක්ෂය කොටවන්න. මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ ඉඳන් පහළම කෙනා දක්වා හැමෝටම තියෙන වුවමනාවක් තමයි ඒකාබද්ධ විපක්ෂය කොටවලා විනාශ කර දැමීම. අපි ඒවට අහුවෙන්නේ නැහැ” ප‍්‍රසන්න පැහැදිලි කළේය.

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි.

පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රැුන්¥ බොහොමයක් චරිත පාර්ලිමේන්තු ක‍්‍රමයේ අභිමානය සංකේතවත් කළ සුවිශේෂ නිර්මාණ කිහිපයක් ද වෙයි. ඒ අතර, පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරනුයේ සෙංකෝලයයි.

1949 දී බි‍්‍රතාන්‍ය රජය පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එදා නියෝජිත මන්ත‍්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිත කළ සෙන්කෝලය වත්මන් පාර්ලිමේන්තුවේ භාවිතා වන අතර ශ‍්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි. 1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අගල් 52 කින් දිගින් යුතුව ඇත් දළයකට කැරට් 20 රන් පවුම් 45 කින් හා රිදී රාත්තල් 3 ඃ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කරන ලද්දේ එවකට සුප‍්‍රසිද්ධ විශිෂ්ට රන්කරුවෙකු ලෙස ප‍්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි. මෙම විශිෂ්ට කලාකරුවා අද 88 වියැතිය. අඩ සියවසකටත් පෙර නිමවා භාර දුන් මෙම අතිශයින් සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමි නොවීය.

දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයසූරිය මහතා (2017-03-16* දින පෙරවරුවෙහි ඔහු පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ භෝජන සංග‍්‍රහයක් පවත්වා තුඩු පඬුරුද පිරිනමමිනි.

කලකින් හමු වූ දරුවෙකු පරිද්දෙන් කදුළු පිරි දෙනෙතින් සෙන්කෝලය අතපත ගෑ පියතිලක මහතා කථානායකවරයාට කීවේ ”මේකෙ වැඩ ඉවර වෙලා භාර දෙන කොට මං අවුරුදු 27 ක තරුණයෙක්. දැන් මට වයස 88 යි. එදා වගේම සතුටක් අදත් දැනෙනවා. මේක බලන්න මම අවස්ථා කිහිපයකම ඉල්ලීම් කළත් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඔබතුමාට බොහොම පින්.” යනුවෙනි.

ප‍්‍රවීණ ලේඛකයෙකු, පරිපාලන නිලධාරියකු සහ මාධ්‍යවේදියෙකු වන ධර්මරත්න තෙන්නකෝන් මහතා විසින් සම්පාදිත ග‍්‍රන්ථ ත‍්‍රිත්වයක් කථානායකවරයා වෙත පාර්ලිමේන්තුවේ දී පිරිනැමිණි. ගොඩගේ ප‍්‍රකාශන සමාගමේ අධිපති සිරිසුමන ගොඩගේ මහතා ද එම අවස්ථාවට එක්ව සිටි අතර ලේඛකයන් දිරිමත් කිරීමට සිරිසුමන ගොඩගේ මහතා එදා මෙදා තුර දැක්වූ දායකත්වය කථානායකවරයාගේ ඇගයීමට ලක් විය.

මේ අතර, පසුගිය සතියේ අභාවප‍්‍රාප්ත වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ නායිකාවක මෙන්ම සෞඛ්‍ය හා පෝෂණ ඇමතිවරියක වූ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා වලපනේ ඇගේ නිවසට ගිය කරු ජයසූරිය මහතා සිහිපත් කළේ නිතර සිනහමුසු මුහුණින් යුතුව සෑම තරාතිරමකම මිනිසුන්ට සවන් දුන් රේණුකා හේරත් මැතිනිය කිසිවිට ජනතා සේවයෙන් විඩාබර නොවූ සහ කන්ද උඩරට ජනතාවට සැබෑ මවක වූ නායිකාවක් බවයි.

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කළ ලෝක වකුගඩු දින ජාතික සැමරුම් උළෙල පසුගිය සතියේ කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවතියේ කොළඹ නව නගර ශාලාවේ දීය. වකුගඩු රෝගය දුරලීමට ජනපති අපේක්ෂකයා ලෙස දුන් පොරොන්දු ඉටු කරමින් ජනාධිපතිතුමන් ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලිව ක‍්‍රියා කිරීම කථානායකවරයා මෙහිදී අගය කළේය. ආචාර්ය එඞ්වින් ආරියදාස, මහාචාර්ය වෛද්‍ය රිස්වි ශෙරිෆ්,වෛද්‍ය මායාදුන්න, රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, අසේල ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ද මේ සඳහා එක්ව සිටි අතර වකුගඩු රෝගීන් සදහා රක්ෂණ ක‍්‍රමය එළි දැක්වීම හා එම පවුල්වල දරුවන් ස`දහා ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් ද මෙහිදී සිදු විය.

මේ අතර පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණේ නිවාස සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ පුළුල් සාකච්ඡාවකි. මෙහිදී සජිත් ප්‍රේමදාස ඇමතිවරයා දන්වා සිටියේ යාපනය, මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක 4 තුළ නැවත පදිංචි කිරීමට නියමිතව ඇති පවුල් සඳහා පුළුල් නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අරමුදල් අවශ්‍යව ඇති බවයි.

අගමැතිවරයා ඇසුවේ මොකක්ද සැලසුම ? කියාය. සජිත් කීවේ 2017 වසරේදී එම දිස්ත්‍රික්ක හතරේ නව උදා ගම්මාන 46 ක නිවාස 2,534 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. අගමැතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ ඔයා ලොකු වැඩ කොටසක් කරනවා. ඒකට දෙන සහයෝගයක් හැටියට වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් ලක්ෂ 12,670 ක් ලබා දෙනවා කියාය. අගමැතිවරයාගෙන් ලැබුණු ක්ෂණික විසඳුම පසසමින් සජිත් කීවේ උතුරේ දේශපාලන අධිකාරියේද සහයෝගය ලබාගෙන අනුමත සැලසුම්වලට අනුව ගෙවල් හදලා, ජනතාව ඒ නිවෙස්වල පදිංචි කරලා ලයිට්, වතුර, මාර්ග පහසුකම් ලබා දීලා මම පෙන්වන්නම් කියාය.

මෙම සාකච්ඡාවේදී සජිත් මතුකළ තවත් ප්‍රශ්නයක් වූයේ අගමැතිවරයාගේම සංකල්පයක් මත ක්‍රියාත්මක වන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමවලට අදාල කටයුතුවලදී රජයේ ඇතැම් ආයතනවල සමහර නිලධාරීන්ගේ නිසි සහයෝගය දිගින් දිගටම නොලැබිම ගැනය. සමහරු තර්ජනාත්මක ලිපි එවනවා, අර වන්දි, මේ වන්දි ඕනැ කියලා. මේ විදියට වැඩ කරන නිලධාරීන් එක්ක රට සංවර්ධනය කරන්න බෑ.

නිලධාරීන් සුළු පිරිසක් හදන්නේ වැඩ කඩාකප්පල් කරන්නයි යි සජිත් කියද්දී අගමැතිවරයා කීවේ මම මේක ආර්ථික කළමනාකරණ අනුකම්ටුවේදී විසඳනවා කියාය.

මේ අතර සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අඟහරුවාදා රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන් සිය අමාත්‍යාංශය කැඳවා තිබුණේ දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරපතල ගැටලුවක්ව පවතින අලි-මිනිස් ගැටුම පිළිබඳව විශේෂ සාකච්ඡාවකටය. මීට වනජීවී අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, මහවැලි අධිකාරියේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවල නිලධාරීහු රැසක් පැමිණ සිටියහ. සජිත් මෙහිදී කීවේ අවිධිමත්ව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කරන්න ගිහින් වනාන්තරය විනාශ කළා. රටට සෙතක් වුණෙත් නෑ. අලුතින් රැකියා බිහිවුණෙත් නෑ. සිද්ධ වුණු එකම දේ රටේ ජනතාව සදාකාලික ණයකරුවන් වීමත්, අලි-මිනිස් ගැටුම උග්‍ර වීමත් විතරයි කියාය. දැනට මේ ගැටලුවට මුහුණ දී සිටින ජනතාවට ඉක්මන් සහන සැලසීමත්, නියමිත කාල වකවානුවක් තුළ ගැටලුවට කල් පවතින විසඳුම් ලබා දීමත් සාකච්ඡාවේ අරමුණ විය. ඩබ්ලියු. එච්. කේ. පතිරත්න – වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේ කාල වකවානු නිර්ණය කරමින් මෙවැනි සාකච්ඡාවක් මීට පෙර කර නැති බවයි.

මේ සඳහා සිවිල් ආරක්ෂක බළකායේ සහයෝගයද අවශ්‍ය වන බව ඔහු කීය. පසුගිය රජය මීට විසඳුමක් දෙන්න හැදුවේ විශාල පිරිසක් ඔවුන්ගේ පාරම්පරික වාසභූමිවලින් ඉවත් කරලයි. අපි ඒ වෙනුවට අලි පලවා හැරීමේ මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කරනවා. ඉන්පසු ජනතාව ආරක්ෂා කරන්න අලි වැට ඉදි කරනවා සජිත් පෙන්වා දුන්නේය.

මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයෙකු කීවේ වනජීවී දෙපාර්තමේන්තුව අලි වෙඩි අවශ්‍ය තරම් නිකුත් කරන්නේ නෑ. මේ නිසා ගම්වදින අලින්ට වෙඩි තියන්නයි සිද්ද වෙලා තියෙන්නේ කියාය. එහිදී සජිත් කීවේ අලි වෙඩි නොලැබිම ගැන සොයා බලන්නම්. මම පරිසරවේදියෙක්. අලින්ට වෙඩි තියන කතා කියන්න එන්න එපා. වෙඩි තියනව නම් හිරේ යන්න ලෑස්ති වෙන්න. මිනිස්සු වගේම සතා සීපාවා රැක ගන්නත් ඕනෑ. අපි මේ වන සතුන් රැකගෙන ඒ මගින් වැඩිදියුණු කරන සංචාරක කර්මාන්තයෙන් වනන්තරය අවට ජනතාවගේ අතමිට සරුවෙන වැඩපිළිවෙළකට යන්න ඕනැ කියාය.

රුචිර දිලාන් මධුසංඛ
ruchiradmadushanka@gmail.com

අම්බලන්තොට නව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එකතු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එස්.බි. නාවින්න, ශාන් විජේලාල්, මහින්ද අමරවීර යන අමාත්‍යවරුද ඡායාරූපයේ වේ.
අම්බලන්තොට නව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එකතු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එස්.බි. නාවින්න, ශාන් විජේලාල්, මහින්ද අමරවීර යන අමාත්‍යවරුද ඡායාරූපයේ වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොරියානු විදේශ අමාත්‍ය  යුන් බින්ග් සේ මහතා හමුවූ අවස්ථාව.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොරියානු විදේශ අමාත්‍ය
යුන් බින්ග් සේ මහතා හමුවූ අවස්ථාව.
නිදහස් කලා සන්ධාන මංගල මහා සමුළුව සඳහා එකතු වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා
නිදහස් කලා සන්ධාන මංගල මහා සමුළුව සඳහා එකතු වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා වන රෝහිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ ශ්‍රීපාදය වන්දනා කිරීමෙන් අනතුරුව ආපසු පැමිණෙන අවස්ථාව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා වන රෝහිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ ශ්‍රීපාදය වන්දනා කිරීමෙන් අනතුරුව ආපසු පැමිණෙන අවස්ථාව