ටවර් හෝල් රඟහල

කපුටාගේ කූඩුවේ කොහා බිත්තර දැම්මා වගේ යැයි යන්න කවදාවත් පරණ නොවන කියමනකි. කපුටාට කපුටු බිත්තරත් කොවුල් බිත්තරත් වෙන්කර හඳුනාගත නොහැකිලු. එහෙත් බිත්තර බිඳී පැටවුන් එළියට ආ කල කපුටෝ ‘කාක්’ ගාති. කොවුලෝ චෑස් ගාති. එවිට කපුටා කරන්නේ කාක් පැටවුන් රැකගෙන චෑස් ගාන කොවුල් පැටවුන්ට කොට කොටා පලවා හැරීමයි.

අප මේ කියන්නට යන කතාවේ කපුටා වන්නේ ටවර්හෝල් රඟහල පදනමයි. කොවුලා වන්නේ එක්ටැඩ් ICTAD ආයතනයයි.

ටවර් හෝල් රඟහල පදනමට පැවරුණු විජේරාම මාවතේ අංක 123 දරන ඉඩමේ ගොඩනැගිල්‍ලේ ඉදිකිරීම් කටයුතු පැවරුණේ ඉහත ICTAD ආයතනයටය. එම ඉදිකිරීම් ගාස්තු පියවීමට ටවර් හෝල් පදනමට “කාසි” නොවූ තැන එවක රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා කළේ තුටු පඬුරු ලෙස වසර 30 ක් ICTAD තමා ගොඩනැගූ ගොඩනැගිල්‍ලේ කොටසක් භාවිතයෙන් ගිය විය හියදම් පියවා ගැනීමටය. මෙසේ ඛිඊඒච් කොහා දැමූ බිජු පසුගිය වසර 30 ක් පුරා රැකීමෙන් පසු පසුගිය වසරේ කල්පිරී පැටවුන් බිහි වූහ. නමුත් බිත්තරයෙන් එළියට ආ ICTAD නමැති කොහා පැටවුන්ට කපුටා නමැති ටවර් රඟහල පියවර ගැනීම දැන් මහා ආන්දෝලනයක් බවට පත් වී තිබේ.

ඉතිහාසය පුරා අවුස්සද්දී පෙනී යන්නේ කොළඹ විජේරාමය එදා මෙන්ම අදත් ලොකු ලොක්කන්ගේ වාසභවනක් වූ බවය. එහි අංක 123 දරන ඉඩමේ තිබුණේ පැරණි නිවසකි. ඉඩමේ ප්‍රමාණය පර්චස් 138.4 ක් විය. එහි අයිතිකරු වූයේ වීරපුරන් අප්පුට බයිස්කෝප් නිෂ්පාදකයකු වූ සිලෝන් තියටර්ස් සමාගමේ ගාඩිනර්වරුන්ය. මෙම ඉඩම රජයට ලබා ගැනීමට ගාඩිනර්ලාට ඔළුවට දමා තිබුණේ හිටපු අගමැතිවරයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතාය. ඔහු අගමැතිවරයකු ලෙස හඳුන්වන්නට සිදු වූයේ ඔය වකවානුවේ ලංකාවේ ‘විධායක ජනාධිපති’ ධුරයක් නොවූ නිසාය. මෙම ඉඩම රජයට ලබාදීමේදී ඉඩම් ආඥා පනත අනුව මේ සඳහා කොන්දේසියක්ද පනවා ඇත. එහි දැක්වෙන පරිදි මෙම ඉඩම නාට්‍ය, සංගීතය, නාට්‍ය ප්‍රවර්ධන කටයුතු පුහුණුවීම්, කලා සුබසාධනය ආදිය සඳහා විනා අන් කවර හෝ කටයුත්තකට යොදා ගැනීම සපුරා තහනම්ය.

මෙම දේපළ පවරා ගැනීමට සූක්ෂ්ම ලෙස කටයුතු කළේ හිටපු අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතාය. නොමි‍ලේම මෙම ඉඩම ලබා දීමට සිලෝන් තියටර් පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි. එහි පැරණි නිවස කඩා දමා තෙමහල් ගොඩනැගිල්ලක් තනා එයට ‘සව්සිරිපාය” යන නම තබන ලද්දේ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාමය.

ගොඩනැගිල්ල ඉදිකිරීමට ටවර්හෝල් රඟහල පදනමට කාසි නොවූ තැන අග්‍රාමාත්‍යවරයා මේ සඳහා තෝරාගත්තේ නාගරික සංවර්ධන අධිකාරියයි. මායා නානායක්කාර නීතිඥ සහ නොතාරිස් කාර්යාලය මගින් 1986 මැයි 15 වැනි දින මෙම ගිවිසුම අංක 188 යටතේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කොට ඇත. එහි මෙසේ සඳහන් වේ.

THIS INDENTURE MADE AND ENTERED  INTO COLOMBO IN THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA between the TOWER HALL THEATRE FOUNDATION established under the Tower Hall Theatre Foundation Act of 1 of 1978 and having its Head Office at No. 123, Wijerama Mawatha, Colombo 07 (hereinafter called and referred to as the LESSOR which term or expression as herein used shall where the context so requiers or admits mean and include the said Tower Hall Theatre Foundation of Sri Lanka and its successors and assigns) of the ONE PART and the URBAN DEVELOPMENT AUTHORITY OF SRI LANKA a body corporate established under the Urban Development Authority Law No. 41 of 1978 and having its Head Office at No. 27, D.R. Wijewaradana Mawatha, Colombo 10 (hereinafter reffered to as The LESSEE’)
1986 මැයි 16 වැනි දින ටවර් හෝල් රඟහල පදනමෙන් නාගරික සංවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹෙන්නේ 30 වසරකටය.

ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැය වූ මුදල පියවෙන තෙක් 30 වසරක් තුළ සව්සිරිපාය බුක්ති විඳීමේ වරප්‍රසාදය උක්ත ආයතනයට හිමිවිය. වර්ග අඩි 4500 ක් ටවර්හෝල් රඟහල පදනමටත්, වර්ග අඩි 32,000 ක් ගිවිසුමට එළඹුණු ආයතනයටත් බුක්ති විඳීමේ වරප්‍රසාදය ගිවිසුම ප්‍රකාරව ලැබුණි.

රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාට තම දූරදර්ශී දේශපාලන දර්ශනය අනුව 30 වසරකට පසුව කලා කටයුතු පවත්වා ගැනීමටත්, කලා සුබසාධනයටත් ටවර් හෝල් රඟහලට සත්මහල් ගොඩනැගිල්ලක් කිසිදු වියදමකින් තොරව කරකාර බන්ධවා දීමට තරම් දූරදර්ශී නායකයෙක් වූයේ ය.

වසර 30 ක් යනු සුළුපටු කාල සීමාවක් නොවේ. එකී වකවානුව හරියටම ගෙවී ගියේ පසුගිය වසරේය. හරියටම කිවහොත් 2016.05.15 වැනිදාය. ගිවිසුම එළඹුණු ආයතනය වත්මනේ සඳහන් වන්නේ CIDA ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියයි (Construction Industry Development Authority)  යන නමිනි.

නමුත් දැන් ලිත් මාස 10 ක් ගෙවී ගොස් ඇතත් තවමත් ටවර් හෝල් රඟහල පදනමට පූර්ණ බුක්තිය ලබා දීමට ඛිච්ඒ ආයතනය පියවර ගෙන නැත.

ටවර් රඟහල පදනමට අයත් ප්‍රධාන කාර්යාලය පිහිටියේ කොළඹ විජේරාම මාවතේ පිහිටි මෙම සව්සිරිපාය ගොඩනැගිල්‍ලේය. එහි නාට්‍ය, පාසල් නාට්‍ය ඩිප්ලෝමාව ඉගෙනුම ලබන සිසු සිසුවියන් ගණන 80 කි. එපමණක් නොව ලංකාවේ ඇති අති නවීනතම ශබ්දාගාරය පිහිටා අත්තේ ද මේ ස්ථානයේ ය. එය ලංකාවේ හැංගුණු එකම ශබ්දාගාරයයි. ඛිච්ඒ ආයතනයෙන් සේම භූමි පරිශ්‍රයෙන් උපයාගත් මුදල පසුගිය වසර 30 කට ඇස්තමේන්ත්තු කළහොත් මෙවැනි ගොඩනැගිලි 5 ක්වත් ගොඩනැගිය හැකිය. කාලයක් තිස්සේ බස්නාහිර පළාත් සභාව රැස් වූයේ ද මෙම සව්සිරිපායේ ය.

මෙහි ඇති කුඩාම ශාලාව පවාCIDA ආයතනය මගින් පැය 3 කට කුලියට දෙනු ලබන්නේ රු. 18,000 කටය. සති අන්තයේ නම් එය. රු. 23,000 කි. මසකට මෙහි ඇති ශාලා වෙන් කිරීම්වලින් CIDA ආයතනය ලබන ලාභය මිලියන තුනකට අධිකය. මෙහි දැන් කැන්ටිම මෙහෙයවන්නේ ද ඛිච්ඒ ආයතනයේම සේවකයකු වෙනත් නමකිනි.

මෙහි යටිමහ‍ලේ ඇහිරුණු ඉඩක සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලැබිම සිදු වී තිබේ. එහි ශබ්දාගාරයට අමතරව CIDA ආයතනයේ සුබසාධන අලෙවිසලක්ද ඇත. ඉතිරි ඉඩේ ඛිච්ඒ ආයතනයේ සුන්බුන් ගොඩගසා ඇත්තේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට හුස්ම ගන්නටත් බැරි ලෙසය. පළමු මහ‍ලේ ඇති ටවර් රඟහල කාර්යාලය ඉදිරිපිට කොරිඩෝවට පුස්තකාලයේ ඇති ‍පොත්පත් සහිත රාක්ක ගෙන ඒමට පියවර ගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි 27 වැනිදාය. සිය සිසුවියන්ට හොඳින් වාතාශ්‍රය ලැබෙන ලෙස එහි අසුන් කිහිපයක්ද පනවා ඇත. ඛිච්ඒ ආයතනය උඩුමහල් උත්සව සහතික ප්‍රදානෝත්සවය ආදිය සඳහා කුලියට දුන් විට කෑම සපයන්නේ පහත කැන්ටිමෙනි. මේ ප්‍රදේශය එබඳු අවස්ථාවල ‘බුෆේ’ මේස දැමීම පවා යොදා ගැනේ. එම ප්‍රදේශයේ ‍පොත්රාක්ක සහ දරුවන්ට අසුන් පැනවීම ගැන CIDA ආයතනය වහාම ටවර් හෝල් රඟහ‍ලේ බලධරයකු තම උඩුමහලට කැඳවන ලදී. වේලාව සවස 4.00 ට පමණය.

අධ්‍යාපනය ලබන සිසු දරුවන්ද ගෙදර ගොස් හමාරය. CIDA බලධාරියා පවසා ඇත්තේ පුස්තකාලයේ ‍පොත් රාක්ක සහ පුටු වහාම ඉවත් කළ යුතු බවය. එසේ නොවන්නේ නම් සියල්ල බෙල්ලෙන් අල්ලා එළියට දමන බවය. CIDA බලධාරින් පාඩුවට ගිය ටවර් හෝල් බලධාරියා තමන්ට උදෑසන අධ්‍යක්ෂ ජනරාල්වරයා එනතුරු අවස්ථාවක් දෙන ලෙස කීවත් පලක් වී නැත.

ටවර් – සීඩා ගැටුම කරළියට එන්නේ ඉන්පසුවය. මේ ගැන ටවර්පදනම විසින් 2017 පෙබරවාරි 28 වැනි දින කුරුඳුවත්ත ‍පොලිසියේ පැමිණිල්ලක් කරන ලදී. අංක ර්1ඕ/199/216 දරන එම පැමිණිල්ල “සව්සිරිපාය ප්‍රදේශයේ සිදු වී ඇති ආරවුලක් පිළිබඳව“ යනුවෙන් හඳුන්වා ඇත.

ටවර්හෝල් රඟහල පදනම දැන් ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේය. එහි අමාත්‍යවරයා අකිල විරාජ් කාරියවසම් මහතාය. සීඩා ආයතනය අයත් වන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාටය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ටවර්හෝල් රඟහල පදනමේ සභාපතිවරයා ය. මෙහි අදහාගත නොහැකි කාරණය වන්නේ සජිත් අමාත්‍යවරයා තම පියා වූ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා වසර 30 කට සීමා කළ CIDA ආයතනයේ බදු කාලය දික්කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමය.

මෙම සව්සිරිපාය ගොඩනැගිල්ල නැවත ටවර්හෝල් රඟහල පදනමට පවරා දෙන්නේ නම් මෙරට නාට්‍ය කලාව මෙන්ම ටවර් පදනමෙන් යැපෙනා නාට්‍යකරුවන්ට මහා භාණ්ඩාගාරයේ කිසිදු හව්හරණක් නැතිව ස්වාධීනව නැගී සිටිය හැකිය. සව්සිරිපාය ඒ සා ධන නිධානයකි. හුස්ම ගන්නට බැරි යටි මහලක ‘හුණ්ඩුවක්’ වැනි කාමරයක දුෂ්කරව ඉගෙනුම ලබනා සිසු සිසුවියන්ට අතදිගහැර තම අධ්‍යයන කටයුතු කිරීමට මෙහි ඉඩ නැත. මෙහි අධ්‍යාපනය දෙනු පිණිස 80 කට අධික සිසුන් පිරිස තෝරාගෙන ඇත්තේ 300 කට අධික අයැදුම්පත් අතරිනි. කෙසේ නමුදු ටවර් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු මහතා පසුගිය 15 වැනි දා තම අධ්‍යක්ෂ ධුරයට ආයුබෝවන් කීම පිටුපස ඇත්තේ මේCIDA හා ටවර් නොවිසඳුණු අර්බුදය බව බොහෝ දෙනාගේ අදහසයි.

“අපි බොහෝම අඩු ඉඩකඩකයි කාර්යාලය පවත්වාගෙන ගියේ. නාට්‍ය හා රංග කලාව පන්ති පවත්වන්නේ යටි මහ‍ලේ ඛිච්ඒ ආයතනයේ සුන්බුන් ගොඩ අස්සේ තියෙන කුඩා පන්ති කාමරවල. මෙහේ අධ්‍යාපනය ලබන සිසුන්ට සුදුසු පරිසරයක් නමෛයි තියෙන්නේ.

කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප CIDA ආයතනයේ පිළිගැනීමේ කවුළුව ළඟ පැයකට අධික වේලාවක් රස්තියාදු වුවද අපට එහි බලධාරීන් හමුවීමට අවස්ථාවක් නොලැබිණ. අපේ පැමිණීමෙන් ටික වේලාවකට පසු පිළිගැනීමේ නිලධාරිනියද “කෑමට යන බව“ කියා ලිස්සා ගියාය. එහි ප්‍රධානි බාලචන්ද්‍රන් මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප විටක්ම උත්සාහ කළ ද ඔහු කතා කරන හැම විටම සිටියේ “මීටින්” වලය. ඔහු අසුනේ රැඳී සිටි එක් වේලාවක ‍ලේකම්වරිය ඇමතුම ගත්තත් එය ස්වයංක්‍රීයව විසන්ධි වීම පුදුමසහගතය. එහෙත් CIDA බලධාරීන්ට තම අදහස් පළ කිරීමට තවමත් අවස්ථාව තිබේ. ටවර් පදනමේ පිහිටෙන් නාට්‍ය කලාවේ යෙදෙන බොහෝ දෙනාගේ මතය මේ ගොඩනැගිල්ල දැන් ටවර්හෝල් රඟහල පදනම වෙත පවරා දී CIDA ආයතනය ඉන් ඉවත්විය යුතු බවය. ඔවුන් පවසන්නේ CIDA ආයතනයට දැවැන්ත ගොඩනැගිලි පරිශ්‍ර 2 ක් වැල්ලවත්ත ප්‍රදේශයේ ඇති බවය. අන්තර්ජාලය හරහා තවමත් ඛිච්ඒ ආයතනය සව්සිරිපායේ ඇති ශ්‍රවණාගාර කුලියට දී මුදල් උපයමින් සිටී.

සව්සිරිපාය ගොඩනැගිල්ල වෙත ගිය අපට පෙනීගියේ එය වාස්තු විද්‍යාත්මකව හැදූ කලාකරුවන්ට හුස්ම ගත හැකි කදිම බිමක් බවය. එක් ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක් කළ ඛිච්ඒ ආයතනයේ ඉංජිනේරුවකු වූ එස්. අමරසේකර මහතා පවසා ඇත්තේ ටවර්පදනමට බදු කාලය දික් කිරීමට කළ ඉල්ලීම ඉවතලන බවයි. රාජ්‍ය ආයතන දෙකක් අතර ඇති මේ ගැටුම තවමත් ඇත්තේ ගිනියම් වෙමිනි. අවසානයේ අපට කිව හැක්කේ මේ ගැටුමේ අවසානයක් දැක ගැනීමට නම් ඉංජිනේරුවන් හා කලාකරුවන් දෙපසකට වී බලා සිටීම පමණක් නොසෑහෙන බවයි.

සව්සිරිපාය සම්පූර්ණයෙන්ම ටවර්හෝල් රඟහල පදනමට පැවරිය යුතුය

ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතා
ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතා

සව්සිරිපාය මුළුමනින්ම ටවර් හෝල් රඟහල වෙත පැවරිය යුතු බව හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ද CIDA ආයතනයට දන්වා තිබුණා. ඔවුන් එයට එකඟ වුණා. ප්‍රේමදාස යුගයේ සිටම මෙහි නාට්‍ය කෞතුකාගාරය, පුස්තකාලය, ‍ලේඛන සංරක්ෂණාගාරය මෙන්ම තොරතුරු මධ්‍යස්ථානයක් ආදී අංගෝපාංගයන්ගෙන් සපිරි ජාතික නාට්‍ය මධ්‍යස්ථානය ලෙසයි ගොඩනැගිල්ල සැලසුම් කර තිබෙන්නේ. ගිවිසුම අනුව වසර 30කට පසු මෙය නාට්‍ය ප්‍රවර්ධන කටයුතු උදෙසා පමණයි යොදාගත හැක්කේ. ඒ නිසා මෙම සව්සිරිපාය මුළුමනින්ම ටවර්හෝල් රඟහල පදනමට පැවරිය යුතුයි. මෙය නැවත CIDA ආයතනයට පැවරීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පියවර ගන්නවා නම් එය තම පියාට එරෙහිව යාමක් ලෙස මා දකිනවා.

වජිර ලියනගේ     

tower hall
කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ගොඩනැගිල්ල
tower hall 2
සව්සිරිපාය යට මහ‍ලේ ඛිච්ඒ අබලි ද්‍රව්‍ය ගොඩගසා ඇති අයුරු
tower hall 1
ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඉඩම ටවර් පදනමට පවරා දුන් ඔප්පුව