මචං අර ඉඩම් කෑල්ල ගන්නෙ නැද්ද? මම හෙට අනිද්දා රට යනවා. ඊට කලින් ඉඩම බලලා උත්තරයක් දීපන්.

මේ මෙයට මසකට දෙකකට පමණ පෙර පේරාදෙණිය සරසවියේ උගන්වන මගේ මිතුරෙක් දුරකථනයෙන් කතා කර කළ ඉල්ලීමකි.

මිත්‍රයා මෙයට වසර දහයකට ඉස්සර පේරාදෙණිය මීවතුර පැත්තෙන් ඉඩමක් මිලදී ගත්තේ සරසවියේ වැඩකරන අනධ්‍යන සේවකයෙකුගෙනි. ඉඩම ගත් අලුත මමද එය බැලීමට ගියෙමි. තවම වල් ඌරන් ගැවසෙන සොඳුරු පෙදෙසක පිහිටි සිහිල් දිය සීරාවද එහි හොඳින් තිබේ. පසුව මිතුරා මහවැලි නදිය අසබඩින් ඉඩමක් මිලදී ගත්තේය. ඒ නිසා ඔහු මුලින් ගත් ඉඩම මට ගන්නැයි කීවේය. ඒ ඉඩම ගැන මගේ සිතේ මනාපයක් ද විය. මම ඒ බව මිතුරාටද කීවෙමි. එසේ එක හිතින් ඉඩම මිලදී ගැනීමට තීරණය කළද පසුව මගේ හිතේ ඉඩම ගැන ගන්දෝ නොගන්දෝ යන දෙහිඩියාවත් ඇති විය. එබඳු දෙගිඩියාවක් මට ඇති වුයේ පේරාදෙණිය සරසවියේම ඉගැන්වූ ආචාර්යවරයෙක් නුවර ගැන රටට කියූ කතාවක් නිසාය. ඒ ආචාර්යවරයා අන් කවරෙකුවත් නොව පේරාදෙණිය සරසවියේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ සම්මානිත මහාචාර්ය ඕ. ඒ. ඉ‍ලේපෙරුමය.

කොළඹට සාපේක්ෂව තුන් හතර ගුණයකින් විතර ඉහළ ගිය වායු දුෂණයක් නුවර තිබෙනවා. ඒ මහාචාර්යවරයා සඳහන් කළ පර්යේෂණාත්මක කරුණකි. එකල එය ඇසූ සැණින් ගහකොළ පිරි කඳුවලල්ලකින් වටවූ සොඳුරු මහනුවරට එබඳු ඉරණමක් අත්වූයේ කවර හේතුවක් නිසාද යන පැනය මට පමණක් නොව නුවරට පෙම්බැඳි බොහෝ දෙනාට ඇති වූවකි.

නුවර නගරයට දිනපතා රථවාහන ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඇතුල් වෙනවා. විවිධ කාර්යයන් සඳහා ලක්ෂයක් තරම් ජනතාවක් ෙදෙනිකව නුවරට ඇදී එනවා. මේ වාහනවලින් පිටවෙන දුම නගරය ඇතු‍ලේ රැඳෙනවා. කඳුවලල්ල නිසයි දුම නගරයේම රැඳෙන්නෙ.

හන්තාන, හුන්නස්ගිරි, බහිරව, ධර්මරාජ ආදී කඳු වළල්ල නුවරට කෙතරම් අලංකාරයක්ද? එහෙත් මහාචාර්ය ඉ‍ලේපෙරුම පවසන ආකාරයට වායු දූෂණය නිසා ඒ සොඳුරු කඳු වළල්ල නුවරට පාරා වළල්ලක් වී ඇති හැටියකි. නුවරට වඩා විශාල වාහන සංඛ්‍යාවක්ද ජනගහනයක්ද දිනපතා කොළඹට ඇදී එයි. එහෙත් කොළඹ වාහන දුම නතර වන්නේ නැත. මුහුදු සුලඟ සමග මුසුවී එය නගරයෙන් පිටතට විසිරී යයි. කොළඹ වායු දූෂණයක් නැතැයි ඉන් අදහස් නොවේ. ගෘහස්ථ හා එළිමහන් වායු දූෂණය නිසා කොළඹ ගැටලු රැසකට මුහුණ දෙයි. නුවර වායු දූෂණය පෙරවරුවේ සහ පස්වරුවේ වැඩි වශයෙන් ඇතිවේ. මහාචාර්ය ඉ‍ලේපෙරුම සඳහන් කරන පරිදි නුවර වැව රවුමේ ඇති පාසල්වල ඉගෙනුම ලබන දරුවෝ මේ වායු දූෂණයට ජුවම ගොදුරු වෙති.

2010න් පසු එනම් ඉන් වසර හතකට අනතුරුව මහචාර්ය ඉ‍ලේපෙරුම ඉකුත් දිනක නුවර වායු දූෂණය ගැන පැවසුවේ මෙවැනි කතාවකි.

කොළඹ එක්ක බලනකොට නුවර වායු දූෂණය පස් හය ගුණයකින් වැඩි වෙලා. තවම නුවරට පිවිසෙන වාහන ප්‍රමාණයේ අඩුවක් නැහැ. මෙසේ දිනපතා වායු දූෂණය ඉහළ යෑමෙන් ශ්වසන ආබාධ, ඇදුම වැනි රෝගවල වැඩිවීමක් තිබෙනවා. ඒ විතරක් නමෛයි බොහෝ විට අධික ලෙස දුම් පානය කරන පුද්ගලයන්ට හැදෙන පුප්පුශීය පෙණහලු රෝගයත් මේ විෂ දුම ආඝ්‍රාණය කිරීම නිසා වැළඳුණු පාසල් දරුවන් මහනුවර මහ රෝහලට ප්‍රතිකාර ගැනීමට එන බව මට දැනගන්නට ලැබි තිබෙනවා.

මහාචාර්යවරයාගේ ප්‍රකාශය අනුව කොළඹට සාපේක්ෂව නුවර වායු දූෂණය හතර පස් ගුණයකින් වර්ධනය වීමෙන් පැහැදිලි වන්නේ තත්ත්වය ඉතාම නරක අතට හැරෙමින් තිබෙන බවයි. මේ වායු දූෂණයේ ජු අවදානමට ලක් වන්නේ දිනපතා නුවරට ඇදී එන පාසල් දරුවන් ඇතුළු මහ ජනතාවය. 1990 කාලය වන තෙක්ම නුවර නගරයට පැමිණි බොහෝ දෙනා තම ගමන් පහසුව සලසා ගත්තේ දුම්රියෙන් සහ ‍පොදු මගී සේවා බස්රථවලිනි. ඉන්පසුව මේ තත්ත්වය වෙනස් වී පෞද්ගලික රථවාහන භාවිතය ඉහළ යන්නට විය. නුවර වායු දූෂණය වර්ධනය වූයේ මේ නිසාය. කොහොම නමුදු මහචාර්ය ඉ‍ලේපෙරුම වැනි පර්යේෂකයන් වසර ගණනාවක සිට වායු දූෂණය ගැන ජනතාව දැනුම්වත් කළද නගර සභා බලධාරීන් ඇතුළු වගකිවයුත්තන් ඒ පිළිබඳ නිසි පියවර ගෙන නැත. යම් හෙයකින් නිසි පියවර ගත්තේ නම් වායු දූෂණයේ මට්ටම මෙතරම් ඉහළ යන්නේ නැත.

ඩීසල් දුම කියන්නෙ පිළිකා කාරකයක්. මේ සෞඛ්‍ය අවදානම මගහරවා ගැනීමට දැන් කළ යුත්තේ නගරයට පිවිසෙන හැම දෙනාම වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් භාවිත කරන මුකවාඩම්වලින් එහාට ගොස් සක්‍රීය කාබන් ස්ථරයක් අඩංගු මුකවාඩම් බැඳ ගැනීමයි.
ලංකාව වැනි ගහකොළ වැල තවම හොඳට තිබෙන, මහා පරිමාණයෙන් කාර්මීකරණය නොවූ රටක වායු දූෂණයෙන් සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා මුඛවාඩම් පැළඳගැනීමට සිදුවීම ජාතික කරුමයක් නොවේද? අනෙක් අතට පෞද්ගලික රථවාහන භාවිත කරන්නන් නිසා ඇතිවන වායු දූෂණයේ කරුමය නුවරට ඇදී එන මහජනතාවට සහ නුවර නගර සීමාවේ පදිංචි වන 1,20,000ක් තරම් වැසියන්ට විඳීමට සිදුවීම කෙතරම් යුක්ති සහගතද?

එසේම මහනුවර දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්ගත් ගමනාන්තයකි. බොහෝ අය වෙනත් පැත්තකට ගියද නුවර සිරි නරඹාම ගමන් කිරීමට ප්‍රිය කරති. කෙසේ වුවද මහාචාර්ය ඉ‍ලේපෙරුම සඳහන් කරන්නේ වායු දූෂණය මේ විදිහට වර්ධනය වුවහොත් නුවරට ඇදී එන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණයද වේගයෙන් පහළ බසිනු ඇතැයි කියාය.

ඒඪප නධතභබඪධද චදඤ ඩ්ඥචතබඩ ඪද ඉපඪ ඹ්චදඬච – ච පඥමඪඥඹ ධට ඥනඪඤඥථඪතධඨඪජ ඵබභඤඪඥඵ යනුවෙන් ප්‍රකාශිත පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ මෙරට වායු දූෂණය නිසා හුස්ම ගැනීමේ ආබාධ, අඩු බර දරු උපත්, පෙනහළු පිළිකා ආදිය වර්ධනය වීම ඉහළ ගොස් ඇති බවය. එකී වාර්තාව මගින් ගෘහස්ථ සේම එළිමහන් වායු දූෂණය ගැන ද අවධානය යොමු කර තිබේ. එක් පැත්තකින් මෙරට පවුල්වලින් 78.5 ක් තරම් ප්‍රමාණයක් ආහාර පිසීමේදී ඉන්ධන සේ තවම දර භාවිත කරති. නුවර නගරයට ඇතුළු වන පිරිසෙන් බොහෝ දෙනකු මෙසේ ආහාර පාන පිසීමට දර ළිප භාවිත කරන බවට සැකයක් නැත. එක් පැත්තකින් ගෘහස්ථ වායු දූෂණයට ලක්වන ඔවුහු නගරයට පිවිස එළිමහන් වායු දූෂණයටද හසු වෙති.
සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්්‍රජන් ඔක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් බඳු හානිකර වායු වර්ග දූෂිත වායුගෝලයේ සැරිසැරීම තවත් බොහෝ ආබාධවලට හේතු විය හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති.

චීනයේ බිජිං
නුවර වායු දූෂණ තත්ත්වය වර්ධනය වුවහොත් චීනයේ බිජිං නුවර සේ රතු සංඥාව නිවේදනය කිරීමට සිදුවනු ඇත. 2015 දෙසැම්බර් බිජිං නුවර සියලු පාසල් වසා දැමිණ. එළිමහන් කටයුතු නතර කෙරිණ. ප්‍රධාන පෙළේ වායු දූෂකයෙකු වන චීනයේ බිජිං නුවර වායු දූෂණය නිසා සම්පූර්ණයෙන් අඩාළ වූ පළමු අවස්ථාව එය නොවීය. මේ නිසා බිජිං බලධාරීහු නගරයට ඩීසල් වාහන ඇතුළු වීම සීමා කිරීමට පියවර ගත්හ. එහෙත් චීන ආණ්ඩුව ඒ පිළිබඳ පුළුල් ජාතික මට්ටමේ පියවරක් ගෙන නොමැත. ඊට හේතුව සංවර්ධනය වෙමින් තිබෙන රටක් වන තමන්ට තවත් කාබන් නිකුත් කිරීමට අයිතියක් තිබේ යැයි චීනය තර්ක කිරීමයි.

දිල්ලි
ලෝකයේ වායු දූෂණය වැඩිම නගර අතරට ඉන්දියාවේ දිල්ලි නුවරද අයත් වේ. දිල්ලිය හැරනු කොට අලහබාද්, පැට්නා ආදී එරට බොහෝ නගර දැඩි වායු දූෂණයට ලක්ව තිබේ. දිල්ලියට වායු දූෂණය කෙතරම් බරපතළ ප්‍රශ්නයක් වී තිබේද යන්න පැහැදිලි වන්නේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2015දී දිල්ලි නගරයේ ඩීසල් මෝටර් රථ අලෙවිය තාවකාලිකව අත්හිටුවා තහනම් නියෝගයක් පැනවීමෙනි.

එපමණක් නොව වසර 10කට වඩා පැරණි ට්‍රක් රථවලට දිල්ලියට ඇතුළු කිරීම ද නගරය හරහා ඒවා වෙනත් ප්‍රාන්තවලට ධාවනය කරවීමද තහනම් කර තිබේ.

විශේෂයෙන් ඉන්දීය අධිකරණය ගත් අතිශය වැදගත් තීරණයක් වූයේ දිල්ලියේ ධාවනය කරන සියලුම ටැක්සි රථ 2016 මාර්තු මාසයට පෙර ස්වාභාවික ඉන්ධනවලට මාරු කිරීමට නියෝගයක් පැනවීමයි. මේ අතර ඉන්දීය ආණ්ඩුව වරක් ප්‍රකාශ කළේ වසර 15කට වඩා පැරණි බස් සහ ට්‍රක් රථ ධාවනය තහනම් කරන බවය.

ඩීසල් වාහනවලින් පිටවන දුමාරය, ඉදිකිරීම් කටයුතු කිරීමේදී ඇතිවන දූවිල,ි විවිධාකාර් දහනය කිරීම්වලින් ඇතිවන දුම දිල්ලියේ වායු දූෂණය වර්ධනය කර ඇත. එහි නරක තත්ත්වය පැහැදිලි වන්නේ ලෝකයේ වැඩිම ජනගහනයකින් යුක්ත නගර අතර එකක් වන දිල්ලියේ වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ සීමාව මෙන් හතළිස් ගුණයකින් ඉහළ යාමෙනි. මෙ නිසා ලෝකයේ ඉහළම වායු දූෂණයක් සහිත නගර විස්සෙන් දිල්ලියට 13 වැනි තැන හිමිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2014 දී නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මේ වායු ගෝලයේ දූෂණය හේතුවෙන් ඉන්දියාවෙන් වාර්ෂිකව අඩු වයස් දරු උපත් 6,00,000ක් පමණ වාර්තා වේ. එරට පරිසර දූෂණ පාලන අධිකාරිය දිල්ලියේ වායු දූෂණයට හේතු වන අහිතකර ක්‍රියාමාර්ග එසැණින් වාර්තා කිරීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ. මෙම මෘදුකාංගයෙන් ලැබෙන පැමිණිලි වහා විභාගකර විසඳුම් ඉදිරිපත් කිරීමට පරිසර දූෂණ පාලන අධිකාරිය පියවර ගනී.

ඩීසල් රථ තහනම්
මේ අතර වායු දූෂණය නිසා පීඩා විඳින පැරිස්, මැඩ්රිඩ්, මෙක්සිකෝසිටි, ආදී ලොව ප්‍රකට නගරවල නගරාධිපතිවරුන් 2025 වන විට තම නගරවලට ඩීසල් මෝටර් රථ හා ලොරි රථ පිවිසීම තහනම් කිරීමට තීරණයක් ගෙන තිබේ. එය ඉතාම සතුටුදායක කරුණකි. ඔවුන් සඳහන් කරන්නේ ඉන්පසු තම නගරවලට ඩීසල් රථ වෙනුවට දෙමුහුන් වාහන, හයිඩ්‍රජන් වාහන, ආදියට පමණක් පිවිසීමට අවසර ඇති බවය.

ලොව රටවල් 103කින් නගර 3000ක වායු දූෂණය ඉහළ ගොස් ඇති අතර ලෝකයේ ජනගහනය අධික රටවල් පනහ අතරින් විසි දෙකක් දකුණු ආසියානු කලාපයට අයත් වේ. මේ නගරවල වායු දූෂණ මට්ටම වර්ධනය වෙමින් තිබේ. ගෝලීය වශයෙන් වායු දූෂණ මට්ටම 8කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර තිබේ.

චීනයේ සහ ඉන්දියාවේ නගර මෙහි ලා ප්‍රමුඛත්වය ගනී. දිල්ලිය පදනම් කරගත් විද්‍යා සහ පරිසර මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ ඉන්දියාවේ වායු දූෂණය ජාතික අර්බුදයක් මට්ටමට වර්ධනය වී ඇතැයි කියාය. මේ හැරුණු විට ඉරානය, සෞදි අරාබිය, බංග්ලා දේශය, පාකිස්තානය යන රටවල නගර රැසක වායු දූෂණය ඉහළ ගොස් ඇත. ඉරානයේ සාබුල් නගරයේ තත්ත්වය ඉතා අවදානම්ය.

වායු දූෂණය ඉහළ යාම නිසා වාර්ෂිකව ලෝකය පුරා ලක්ෂ 30කට අධික පිරිසක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. රථවාහනවලින් සහ කර්මාන්තශාලාවලින් පිටවන දුමාරය, ගල්අඟුරු සහ දැව දහනයෙන් නිකුත් වන දුම නිසා වායු දූෂණයේ ඉහළ යාම මෙම මරණ ප්‍රමාණය තවත් වර්ධනය කරනු ඇත.

නුවරට විසඳුම
මෙනිසා වායු දූෂණය කිසිසේත්ම නොසලකා හැරිය යුතු නොවේ. කවර දේවල් හොඳ මට්ටමක තිබුණත් අපගේ ජීවිත යන්ත්‍රය ඇතුළු සොබාදහමේ සමස්ත පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන වාතය අපට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමට පටන් ගැනීම මහා ව්‍යසනයකි. නුවර වායු දුෂණය පාලනය කර ගැනීම සඳහා මහාචාර්ය ඉ‍ලේපෙරුම යෝජනා කීපයක් කරයි. ඒවා මෙසේ දැක්විය හැකිය.

* පේරාදෙණිය – මහනුවර සහ විලියම් ගොපල්ලව පාර එක් පසෙකට දිවෙන මාර්ග (දඥ ඹචර) බවට පත් කිරීම.

* දුරස්ථ බස් සේවා නගරයෙන් පිටත ස්ථානවලින් ගමන් ඇරඹීම.

* දළදා මාලිගාව ඉදිරිපිට මහනුවර – මහියංගණය ඒ 26 මාර්ගය, විවෘත කිරීම.

මහාචාර්ය ඉ‍ලේපෙරුමගේ මේ යෝජනා ද අවධානයට ගැනීම මැනවි. එහෙත් අපට පෙනෙන හැටියට පරිසරය රැකගැනීමට හා පරිසර දූෂණය වළක්වා ගැනීමට ආණ්ඩුව පුළුල් ජාතික ප්‍රතිපත්තියක සිට කටයුතු කළ යුතුය. රටේ හැම නගරයකටම ඇතුළු වන පෞද්ගලික වාහන ප්‍රමාණය ඉතාම අවම කළ යුතුය. ඒ වෙනුවට දුම්රිය සේවය සහ ‍පොදු ප්‍රවාහනය විධිමත් කළ යුතුය. මෙම කාර්යය නුවරින් ආරම්භ කරන්නේ නම් එය රටට හොඳ පණිවුඩයක් වනු ඇත. එසේම විදුලි රථ දෙමුහුන් වාහන ආදිය භාවිත කිරීම දිරිමත් කර ඒවාට සහන සැලසිය යුතුය. මෙවැනි පියවර නොගත හොත් නුවර පමණක් නොව මුළු රටම මුකවාඩම් බැඳඟත් රටක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.

වරුණ අබේසේකර

rg

erw

SHARE

7 COMMENTS

  1. මේ ලිපියේ අවසන විසඳුම් ලෙස දක්වා ඇති අයිතම තුනම නගර සැලසුම් කරණයේ සහ ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාවේ සම්මත විද්‍යාත්මක මූලධර්ම හැම එකකටම ප්‍රතිවිරුද්ධය. මහනුවර නගරයට ඇතුළුවන වාහන සංඛ්‍යාවේ පාලනයක් අත්‍යවශ්‍ය නිසාම සිදුවිය යුත්තේ වාහන තදබදය පවත්නා අවස්ථාවලදීවත් සිය පෞද්ගලික මෝටර් රිය පාවිච්චි නොකර පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කිරීමට උත්සාහ කිරීමයි. මෙහි සඳහන් “විසඳුම්” සියල්ල මිනිසුන් පොදු ප්‍රවාහන සේවා වලින් තව තවත් ඈත් කිරීමට මිස එය ප්‍රවර්ධනය කිරීමට හේතු නොවේ. මේ ගැන විස්තර දැන ගැනීමට මේ සඳහා කළ 2011 සහ 2014 ලෝක බැංකු / මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යයන වාර්තා කියවන්න.

    ප්‍රවාහනය සම්බන්ධ විසඳුම් සකස් කළ යුත්තේ ඒ සම්බන්ධ විශේෂඥයන් විසින් මිස රසායන විද්‍යා විද්වතුන් විසින් නොවේ.

  2. මහනුවර මහියන්ගයන පාර ඇරිය කියල කිසිම වෙනසක් වෙන්නේ නැත .ඒ මොකද කියනවනම් ,ක්වීන්ස් හෝටලය ඉදිරිපස ඇති හන්දියට සියලුම මාර්ග වලින් එන වාහන එකතු වීම නිසා එහි අදික තද බදයක් ඇතිවන බැවිනි (දැනට ඇති තදබදයටත් වඩා ) .දැනට ඇති වැවරවුම පාර නිසා අඩුම තරමින් කුවීන්ස් හෝටලය ළඟ ඇතිවන තද බදය අඩුවන බව ඕනෙම මොලයක් ඇති කෙනෙකු ට තේරෙන දෙයකි.නමුත් මාලිගාව ඉදිරිපස පාර ඇරවීමට යමෙකුට උවමනා වී ඇත්තේ මාලිගාව වීම නිසාවෙනි.මාලිගාව පල්ලියක් වූවානම් මොවුන් හරි ආකාරව එම ප්‍රශ්නය දිහා බලනු නොඅනුමානය.
    තදබදය අවම කිරීමට නම්
    මහනුවරට හරහා යන වැඩිමනත් වාහන පිටත වටරවුම් මගින් යවා නුවරට ඇතුළුවන වාහන අඩුකර ගත ගැනීම .නගරයට ඇතුළුවන අධික ලෙස දුම පිට කරන වාහන තහනම් කිරීම (බොහොමයක් දුම් සහතික හොර ඒවාය ) , එන්ජිම වැඩ කරන ගමන් බස් නැවතුම් වල නවතා තැබීම තහනම් කිරීම. (99% ගාල් කර ඇති බස් රථ වල එන්ජිම නැවත වන්නේ නැත ) මහනුවර නගර සීමාවෙන් පිට පටන් මහනුවර නගරය තෙක් පාරවල් පළල කර මංතීරු හතරේ පාරවල් හැදීම. ,(මහනුවර නගරය තුල විලියම් ගොපල්ලව මගේ 1කි.මි පමණක් හා,යටිනුවර වීදිය , හැර ඉතිරි සියලුම් පාරවල් බොහො පටු ය ) බස් නැවතුම් මාර්ගයෙන් පිටත ඇතිකිරීම.

    මෙහි ඇති බරපතලම කාරණය වන්නේ,මෙම තත්වය අවම කිරීමට මධ්‍යම පළාත්සභාව කිසි දිනක කටයුතු නොකර සිටීමය.සහ ඔවුන් මේ පිළිබඳව ඉදිරි දැක්මක් ඇතිව කටයුතු නොකර සිටීමය.

  3. පේරාදෙණිය බස් නැවැතුම අසලින් පටන්ගෙන වැවට යටින් බුවලිකඩ තෙක් උමගක් සෑදීම තමා හොදම විසදුම

  4. The best is limit vehicles entering KANDY, including professors vehicle. When the story begins we know Jackol aiming for what. Dig a tunnel and go to other side.
    Also suggest bypass roads through Vatican, Holy Mecca & Jerusalem, Then they can see the reaction.
    One father told to his son.don’t give chocolate to grand children. Unnecessary expenses and health hazards. Grand father spend thousands for jhonywarker black label liquor. Most of professors also not take gal arakku. They like expensive because it effects liver not lungs.

  5. මෙය පසුපස තනිකරම මෙය නුවර මුස්ලිම් කරවීමට කල ක්‍රියාමාර්ගයක් විනා වෙන යමක් නොවේ..මාලිගාව ලග පාර විවෘර්ත කර ගැනීම සදහා කරන ලද්දක් බව මනාව පෙනීයන්නේ..එම පාර විවෘර්ත කල විට සියලු ප්‍රශ්න විසදෙන්නාක් මෙනි..මොඩ සිංහලයා ඇන්දීමට මෙවැනි කතා ඉතා ප්‍රමානවත් බව ඔවුන් හොද ආකාරව දනි..අපේ සිංහල බෞද්ධයන් කීයක් මෙයට ‍රැවටී අපේ මුදුන් මල්කඩ දෑතින් මුස්ලිම්වරුන්ට පුජා කිරීමට සැදී පෑදී ඉන්නවද?
    අනේ මොඩ සිංහලුනේ ඒ පාර ඇරීමෙන් වායු දූශනය අඩුවන්නේ කෙසේද? අපි එසේනම් කෑ ගැසිය යුත්තේ විකල්ප පාරක් විනා අපේ මුදුන්මල්කඩ පාවාදීමටද? සිංහලයා මෝඩයා බව තවත් වරක් පසක් නොකර මෙවැනි කූටකම් වලට තවත් ‍රැවටෙනවද?

LEAVE A REPLY

Previous articleපරණ යකඩ ආර්.පී.ජී. බෝම්බ මෝටාර් සමග කොටදෙණියාවම අඹරන අද්භූත කර්මාන්ත ශාලාව කාගේද?
Next articleසුදු දොස්තරවරුන් පරදා ඇමෙරිකාවේ රෝහලක් අංක 1ට ගෙනා අපේ දොස්තර නෝනා