චිත‍්‍රපට, චිත‍්‍රකතා, නවකතා ආදියෙන් ඔබ අසා ඇති පිටසක්වළ ජීවීන්ගේ අද්භූත යානා කල්පිත එ්වා නොව සත්‍ය වශයෙන්ම පවතින එ්වා විය හැකි යැයි සිතීමට අනුබල දෙන සොයාගැනීමක් පිළිබඳව හාවර්ඞ් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීහු දෙදෙනෙක් පසුගියදා ප‍්‍රකාශයට පත් කළහ. මේ මගින් අවුරුදු 10ක් පුරා අභ්‍යාවකාශ ලෝලීන් අතර මහත් කුතුහලයක් ඇති කර තිබූ ”සැණෙළි” හෙවත් අද්භූත ක්ෂණික ආලෝක ධාරා (Flah)  විශේෂයකට නව අර්ථකථනයක් සැපයෙයි.

2007 වසරේදී ඕස්ටේ‍්‍රලියාවේ ‘පාර්ක්ස්’ දුරේක්ෂයේ ආධාරයෙන් අභ්‍යාවකාශ විද්‍යාඥයෝ අලෝක වර්ෂ බිලියන කිහිපයකට එපිටින් පිහිටි මන්දාකිණියකික් නිකුත් වූ අද්භූත සැණෙළියක් නිරීක්ෂණය කළහ. තත්පරයෙන් දහසෙන් පංගු කිහිපයක් තරම් සුළු කාලයක් තුළ අතිශයින් දීප්තිමත් එළියක් පෘථිවියට ප‍්‍රදර්ශනය කෙරෙන මේ සැණෙළි ”හෙණ එළි” යැයි කීමේ වරදක් නැත. එයින් පසුව පසුගිය වසර දහය මුළුල්ලේ 18 වාරයක් පමණ එබඳු සැණෙළි විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක් විය. එක් සැණෙළියක් පමණක් කිහිප වරක් නිරීක්ෂණයට ලක් විය. එය පළමු වරට දර්ශනය වූයේ 2012 වසරේදීය. හය මාසයක් පුරා එම සැණෙළිය අධ්‍යයනය කළ විද්‍යාඥයෝ එය නිකුත් කෙරෙන්නේ අලෝක වර්ෂ බිලියන තුනක් පමණ ඈතින් පිහිටි කුඩා වාමන මන්දාකිණියකින් යැයි හඳුනාගත්හ. එම සැණෙළිය ත්‍ඍඊ 121102 යනුවෙන් නම් කරන ලදී. Fast Radio Bursts (FRB)  නමින් හැඳින්වෙන මේ සැණෙළි මොනවාද එ්වා හටගන්නේ කෙසේද යන්න පිළිබඳ ස්ථිර නිගමනයකට එන්නට මෙතෙක් කිසිදු විද්‍යාඥයකුට නොහැකි විය.

”ඉතාම කෙටි කාලයක් තුළ පෙනී නොපෙනී යන අතිශයින් දීප්තිමත් මේ රේඩියෝ සැණෙළි නැතිනම් ආලෝක සැණෙළි ජනිත විය හැකි ස්වාභාවික හේතුවක් පැහැදිලි සාධක සහිතව පෙන්වාදීමට මෙතෙක් අපට මෙතෙක් හැකියාව තිබුණේ නෑ. මේවා කිසියම් කෘත‍්‍රිම සංසිද්ධියක් නිසා උපදින බව උපකල්පනය කර එ් මත පරීක්ෂණ පැවැත්වීම ප‍්‍රයෝජනවත්.” පර්යේෂණයේ සමකර්තෘ, තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හාවර්ඞ් ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ න්‍යායාචාර්ය ඒබ‍්‍රහම් (Abraham Loeb) මහාචාර්යවරයා පවසා තිබේ.

බුද්ධිමත් පිටසක්වළ ජීවී විශේෂයක් විසින් නිර්මාණය කරන ලද දැවැන්ත රේඩියෝ සම්පේ‍්‍රෂකයක ක‍්‍රියාකාරකම් මීට හේතු විය හැකි යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. ලොඑබ් සහ පර්යේෂණ ප‍්‍රධානී ආචාර්ය මනස්වි ලින්ගම්(Manasvi Lingam) සිය පර්යේෂණය මගින් එබඳු සංසිද්ධියක් වීමට ඇති හැකියාව පිළිබඳව විමර්ශනය කළහ. ආලෝක වර්ෂ බිලියන තුනකට ආසන්න දුරක සිට පෘථිවියේ දියුණු දුරේක්ෂයකට දර්ශනය වන්නට තරම් ප‍්‍රබල ආලෝකයක් විහිදිවීමට අවශ්‍ය බලය කොතරම්ද, එවැනි බලයක් නිපදවීමේ ඇති අවශ්‍යතාව කුමක්ද යනාදී කරුණු පිළිබඳව පර්යේෂකයන්ගේ අවධානය යොමු විණි.

ඔවුන් පෙන්වා දෙන පරිදි සූර්ය බල ශක්තියේ ආධාරයෙන් ක‍්‍රියාත්මක කෙරෙන යෝධ සම්පේ‍්‍රෂකයකට විශ්වය හරහා මෙබඳු ආලෝක ධාරා විහිදුවිය හැකිය. එ් සඳහා පෘථිවිය මෙන් දෙගුණයක් විශාල සූර්ය ශක්තියෙන් ක‍්‍රියා කරන සම්පේ‍්‍රෂකයක් භාවිත කළ යුතු වේ. සූර්යාලෝකය නිසා අධික ලෙස රත්වන මෙබඳු පද්ධතියක් උණුවීම වැළැක්වීම සඳහා යෝධ ජල සිසිලනයක්ද ඊට ඈඳිය යුතුය. මෙබඳු පද්ධතියක් නිර්මාණය කිරීමට ස්ථිරවම හැකියාවක් ඇතැයි පර්යේෂකයන් පවසන්නේ ඉතා විශ්වාසයෙනි. එහෙත් එ් හැකියාව තවමත් පෘථිවියේ විද්‍යාඥයන් සතුව නැති බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. එසේ හෙයින් මෙය සැබෑවක් නම් එහි නිර්මාපකයන් විද්‍යා තාක්ෂණය අතින් අතිශයින් දියුණු තත්ත්වයක පසුවන්නන් බවට සැකයක් නැත.

මෙබඳු දැවැන්ත සම්පේ‍්‍රෂක යන්ත‍්‍රයක් පිටසක්වළ වාසීන්ට අවශ්‍ය කුමකටදැයි පර්යේෂකයෝ පැහැදිලි කරති. එ්, තාරකා අතර ගමන් කරන දැවැන්ත යානාවලට අධික වේගයෙන් ගමන් කිරීමට අවශ්‍ය බලය සැපයීමටයි. Light sails (light sails, photon sails) යනු අභ්‍යාවකාශ යානා ගමන් කරවීම සඳහා භාවිත කෙරෙන තාක්ෂණයකි. සූර්ය ශක්තිය ඇතුළු විවිධ ශක්ති ප‍්‍රභව මගින් ලබාගන්නා කිරණ ඇසුරින් නිපදවෙන පීඩනය භාවිතයෙන් යානා අධික වේගයෙන් පාකර හැරීම මෙහි සරල අරුතයි. එක්තරා ආකාරයකින් බැලූ විට සුළං පීඩනය භාවිතයෙන් නැව් යාත‍්‍රා කරවීමට සමාන ක‍්‍රියාවකි. පිටසක්වළ කිසියම් ජීවීන් කොටසක් එබඳු තාක්ෂණයක් භාවිත කරන බවයි, පර්යේෂකයන් පවසන්නේ. එමගින් ඔවුන්ගේ යානාවලට අධික වේගයෙන් ගමන් කිරීමට අවශ්‍ය බලය නොකඩවා ලැබෙයි.

පෘථිවියේ ඇති විශාලතම යුද නෞකාවක් මෙන් විසි ගුණයක් තරම් විශාල ටොන් මිලියනයක් තරම් බර යානාවක් ඉහත සඳහන් කළ සම්පේ‍්‍රෂකය මගින් උත්පාදනය කෙරෙන ශක්ති ධාරා මගින් අධික වේගයෙන් ගමන් කරවිය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

”තාරකා අතර පමණක් නොවෙයි මන්දාකිණි අතර පවා ජීවීන් ප‍්‍රවාහනයට එබඳු යානාවකට හැකියාව තිබෙනවා.” ආචාර්ය ලින්ගම් කියයි.

යානාවේ අඛණ්ඩ චාරිකාව සඳහා සම්පේ‍්‍රෂකයෙන් නිකුත් කෙරෙන ශක්ති ධාරා අඛණ්ඩව යානාව වෙත එල්ල විය යුතුය. එසේ නම් පෘථිවියේ අපට එ්වා ආලෝක ධාරා ලෙස නොපෙනී සැණෙළිි ලෙස පෙනීමට නොඑසේ නම් පෙනී එසැණින් නොපෙනී යෑමට හේතුවද පර්යේෂකයෝ පැහැදිලි කරති. ඊට හේතුව අදාළ සම්පේ‍්‍රෂකය අයත් ග‍්‍රහලෝකය, තාරකා, මන්දාකිණිය ආදි සියල්ල පෘථිවිය මෙන්ම භ‍්‍රමණය වෙමින් පැවතීමයි. ආලෝක වර්ෂ බිලියන ගණනකට එපිටින් නිකුත් වන මේ ආලෝක ධාරා සැණින් නොපෙනී යන සැණෙළි ලෙස අපට දර්ශනය වන්නේ එම භ‍්‍රමණය හේතුවෙනි. වාර්තාගත අන්දමට විවිධ සැණෙළි තත්පරයෙන් දහසෙන් පංගු 1ත් 5ත් අතර කාලයක් තුළ ප‍්‍රදර්ශනය වී ඇත.

දියුණු ජීවීන් සහිත ග‍්‍රහලෝක දසදහසක් පමණ විශ්වයේ ඇතැයි අනුමාන කළ හැකි බව ලින්ගම් හා ලොඑබ් පවසති.

”විද්‍යාව කියන්නේ විශ්වාසය මත පදනම් වූ දෙයක් නොවෙයි. එය සාධක මත පදනම් වූවක්. නියමිත කාලයට පෙර තීන්දුවලට එළඹීමෙන් විභවතා සීමා වෙන්න පුළුවනි. අදහස් ඉදිරිපත් කර දත්ත විනිශ්චය ඇසුරින් තීන්දුවලට එ්මට අවස්ථාව සැලසීම ප‍්‍රතිඵලදායකයි.” ලොඑබ් කියයි.

පර්යේෂකයන්ගේ මේ අදහස නොපිළිගන්නා විද්‍යාඥයෝද සිටිති.
ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යායතනයේ සූර්ය භෞතික විද්‍යාඥ ආචාර්ය සයිමන් ෆොස්ටර් එවන්නෙකි. සැණෙළිවලට හේතුව පිටසක්වළ ජීවීන්ගේ ක‍්‍රියාකාරකමක්ය යන අදහස දෙස ඔහු බලන්නේ සැකයෙනි.

”මේවා මොනවායි කියන්න අපි දන්නේ නැහැ. නමුත් මම සැක කරනවා එ්වා පිටසක්වළයින් නිපදවූ එ්වා යැයි පිළිගන්නවාට වඩා ස්වාභාවික පැහැදිලි කිරීමක් තිබෙන බව. එය පිටසක්වළයින්ගේ නිර්මාණයක් නම් අපූරුයි තමයි.

මේ අවස්ථාවේ අපි දන්නේ ඉතාම ටිකක් පමණක් නමුත් මේ සැණෙළි අලූත් මාදිලියේ තාරකාවක නැතිනම් කළු කුහරයක ඝට්ඨනයක ප‍්‍රතිඵලයක් වෙන්න පුළුවන්.” ආචාර්ය ෆොස්ටර් කියයි. ”මේ සංඥ ලැබෙන්නේ ආලෝක වර්ෂ දෙක හමාරකටත් ඈත සිටයි. එ් කියන්නේ මේ සොයාගෙන තියෙන්න අවුරුදු බිලියන දෙක හමාරකට කලින් කිසියම් ග‍්‍රහලෝකයකින් නිකුත් වුණු සංඥ. එයින් පැහැදිලි වන්නේ එ් කිසිදු පිටසක්වළයකු සමග සන්නිවේදන කටයුතු කරන්න අපට හැකියාවක් නැති බවයි. මොකද අපි ඔවුන්ට යවන ප‍්‍රශ්නයකට පිළිතුරක් ලැබෙන්න අවුරුදු බිලියන 5ක් විතර බලාගෙන ඉන්න වෙනවා.” ආචාර්ය ෆොස්ටර් පවසයි.

එහෙත් අනාගතයේදී සොයාගනු ලබන දේ පිළිබඳව අනාවැකි කීමට අපට නොහැකිය. 2016 වසරේදී සුප‍්‍රකට භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් සහ නාසා ආයතනය එක්ව ආලෝක වර්ෂයක වේගයෙන් 1/5ක වේගයෙන් ගමන් කළ හැකි ”නැනෝ-තාරකා යානාවක්” :බ්බද-ිඒරියසච*  පිළිබඳ පර්යේෂණ අරඹා තිබේ. එ් නිසා ආලෝක වර්ෂයක වේගයෙන් ගමන් කළ හැකි යානාවක් යන්න අනාගතයේදී යථාර්ථයක් නොවිය හැක්කක් නොවේ. එම නිසා කිසියම් දිනකට ආලෝක වර්ෂ බිලියන 3ක් ඈතින් පිහිටි ග‍්‍රහලෝකයක් සමග සන්නවේදනයේ යෙදීම යථාර්ථයක් වීමටද ඉඩ තිබේ.

නාරද කරුණාතිලක

ජ්අඕ 121102 සැණෙළිය නිකුත්වන මන්දාකිණිය 'ජෙමිණි නෝර්ත්' දුරකථනයට හසු වූ අයුරු
ජ්අඕ 121102 සැණෙළිය නිකුත්වන මන්දාකිණිය
‘ජෙමිණි නෝර්ත්’ දුරකථනයට හසු වූ අයුරු
ජ්අඕ (ඹ්ඪඨඩබ ඵචඪතඵ) ආධාරයෙන් යානයක් ගමන් කරවන ආකාරය දැක්වෙන සිතුවමක්
ජ්අඕ (ඹ්ඪඨඩබ ඵචඪතඵ) ආධාරයෙන් යානයක්
ගමන් කරවන ආකාරය දැක්වෙන සිතුවමක්
නිව් මැක්සිකෝ හී තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් රේඩියෝ දුරේක්ෂ මගින් ජ්අඕ 121102 සැණෙළිය නිරීක්ෂණය කරන අයුරු සිත්තරකු දුටු හැටි
නිව් මැක්සිකෝ හී තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් රේඩියෝ දුරේක්ෂ මගින් ජ්අඕ 121102 සැණෙළිය නිරීක්ෂණය කරන අයුරු සිත්තරකු දුටු හැටි