කෑම පිඟානේ කරවුණු සර්පයෙක්
සෞදි අරාබියාවේ ඒසීර් පළාතේ පිහිටි ආපන ශාලාවකින් ආහාර මිලදී ගැනීමට ගිය යුවළකට, පිළිගැන්වූ මාංශමය ආහාරය තුළ මියගිය සර්පයකු සිට තිබෙනවා. අවන්හ‍ලේ බිරිඳ අසුන්ගෙන සිටි ස්ථානයට සැමියා විසින් කෑම පිඟාන රැගෙනවිත් ඇති අතර, ආහාර වේලෙහි පෙනෙන්නට ඇති කළු පැහැ වැලක් වැනි ද්‍රව්‍යය කුමක්දැයි බිරිඳ උනන්දුවෙන් බලා තිබෙනවා. එවිට ඒ පිසීමේදී කරවූ සර්පයකුගේ ශරීරයක් බව හඳුනා ගැනීමත් සමග ඔවුන් අවන්හලට විරුද්ධව පරිභෝගික ආරක්ෂණ නිලධාරින්ට පැමිණිල්ලක් කිරීමට කටයුතු කර තිබූ බව ආරංචියි.

dsgwer ghjty dfghr

ලෝකයේ බර වැඩිම කාන්තාවගේ බර දැන් කිලෝ 100 ක් අඩුයි
ලෝකයේ බරින් වැඩිම ශරීරය හිමි කාන්තාව ලෙස සැලකෙන ඊජිප්තු ජාතික 35 හැවිරිදි එමාන් අහමඩ් නමැති කාන්තාවට බර අඩු කිරීමේ සැත්කමක් සිදු කිරීමට ඉන්දියාවේ මුම්බායි හි සයිෆි රෝහ‍ලේ වෛද්‍යවරු පිරිසක් සමත් වී තිබෙනවා.

කිලෝ 500 ක ශරීර බරක් තිබු ඇය ඉන්දියාවේ දී සිදු කළ සැත්කමින් පසුව එයින් කිලෝ 100 ක් පමණ අඩු කර ගැනීමට සමත් වී ඇති බව වාර්තා වෙනවා. සැත්කම සාර්ථක තත්ත්වයක පවතින බැවින් ඉකිමනින්ම යෙදෙන දිනයක නැවත ඇයට ඊජිප්තුව බලා පියාසර කළ හැකි වනු ඇති බව ඉන්දීය රෝහල් ආරංචි මාර්ග පැවසුවා. භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ ගුවන් යානයක් ආධාරයෙන් ඉන්දියාවට ගෙන එනතුරු ඇය වසර 25 ක් තිස්සේ නිවසින් පිටතට යාමට නොහැකිව සිට තිබුණා.

hevy2 hevy-1 sdfg hevy ef

ebay හරහා එන අසභ්‍ය යෝජනා
ebay ඔන්ලයින් වෙළෙඳ සේවාව ඔස්සේ ඇඳුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන තැනැත්තියක්, තමාට අසභ්‍ය යෝජනා එන බවට ඥඡචර සමාගමට පැමිණිලි කර තිබෙනවා. කැතරින් මැක්පර්සන් නමැති මෙම ව්‍යාපාරික කාන්තාව 42 හැවිරිදි තැනැත්තියක්. ඇය විසින් අලෙවි කරනු ලබන ඇඳුම්වල සාම්පල් පින්තූර සඳහා පෙනී ඉන්නේ ඇයමයි. විකිණීමට ඇති ඇඳුම්වලින් සැරසී කැතරින් සිටින පින්තූර දකින ගනුදෙනුකරුවන් බොහෝ දෙනෙක් ඇඳුම් මිලදී ගැනීමේ අරමුණ පසෙක තබා, ඇයව දපනය කර ගැනීමේ මෙහෙයුම් අරඹන බවයි, වාර්තා වෙන්නේ.

කැතරීන්ගේ ඊමේල් ලිපිනයට දිනකට අසභ්‍ය යෝජනා ඇතුළත් ඊමේල් 20 කට වඩා පැමිණෙන බවටත්, ඇතැම් පිරිමි අය තමන්ගේ රහස්‍ය ප්‍රදේශවල ඡායාරූප පවා ඊමේල් මගින් තමාට එවන බවටත් කැතරීන් ඥඡචර සමාගමට යොමු කළ පැමිණිල්ලෙහි සඳහන් වෙනවා.

කැතරීන් මැක්පර්සන් ඥඡචර සමාගමෙන් ඉල්ලා සිටින්නේ ගනුදෙනුකරුවන් සහ වෙළෙන්දන් අතර සම්බන්ධය මීට වඩා ආරක්ෂාකාරී වන අන්දමේ ‍පොලිසියක් අලුතෙන් ඇතිකරන ලෙසයි.

fgfr zdfgr

සුගන්දි ඉන්ද්‍රචාපා