උතුරු කොරියාව බැලස්ටික් මිසයිල හතරක් ජපාන මුහුදු ප්‍රදේශයට එල්ල කර ඇත. මෙම මිසයිලවලින් තුනක් ජපානයේ විශේෂිත මූල්‍යමය ප්‍රදේශයට පතිත වී ඇත්තේ කිලෝමීටර් 1000ක දුරක් පසු කිරීමෙන් අනතුරුවය.

මෙම ක්‍රියාවලිය සැලවීමත් සමග ජපාන අගමැති ෂිංසෝ අබේ පවසා ඇත්තේ උතුරු කොරියාව නව මාදිලියේ තර්ජන ක්‍රියාවලියක් අරඹා ඇති බවය.

මෙම මිසයිල ක්‍රියාත්මක කර ඇත්තේ ජපාන දේශසීමාව අසල ටොංචාන් ප්‍රදේශයේ සිට බව සනාථ වී ඇත. ගුවන්ගත කර ඇති මෙම මිසයිල කුමන වර්ගයකට අයත්ද යන්න තහවුරු වී නොමැත. එසේ ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තහනමට ලක්ව ඇති න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් විය හැකි බවට සැකයක්ද පහළ වී ඇත.