ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඉරිදා පැවැති ඔස්කාර් චිත්‍රපට සම්මාන උළෙ‍ලේදී හොඳම චිත්‍රපටය සඳහා පිරිනැමෙන ඉහළම සම්මානය ‘මූන් ලයිට්’ නමැති චිත්‍රපටයට හිමිවී ඇත. සම්මානය ලැබිමට පෙර එම අවස්ථාවේදී නිවේදකයා සඳහන් කර ඇත්තේ ‘ලා ලා ලෑන්ඩ්’ නමැති චිත්‍රපටයට ඉහළම සම්මානය හිමිව ඇති බවය. මෙය ප්‍රකාශ වීමත් සමග එම චිත්‍රපට නිෂ්පාදක සහ ඔහුගේ සහායකයන්ද වේදිකාවට පැමිණ ඇත.

ඔවුන්ගේ පැමිණීම දුටු සංවිධායකයන් වහා ක්‍රියාත්මක වී ඇත්තේ නිවේදකයා විසින් කළ ප්‍රකාශය නිවැරදි කිරීමටය. එහිදී හෙළිව ඇත්තේ නිවේදකයා අතට පත්කළ නාමාවලිය වැරදි එකක් බවය. එය නිවැරදි කිරීම වහාම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ‘මූන් ලයිට්’ චිත්‍රපටයට සම්මානය හිමිවන බව ප්‍රකාශ කර තිබේ.

වේදිකාව මතට පැමිණි ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපට නිෂ්පාදක ෆේ‍රඩ් බර්ජර් අතට ලැබුණු ලියුම් කවරය ඇතුළත තිබූ ජයග්‍රාහකයාගේ නම බැලූ අවස්ථාවේදී එහි තිබි ඇත්තේ ‘මූන් ලයිට්’ සම්මානය දිනා ඇති බවය. බර්ජර් වේදිකාවේ සිට වහාම නිවේදනය කර ඇත්තේ ජයග්‍රාහකයා ‘මූන් ලයිට්’ චිත්‍රපටය බවත්, එම සම්මානය ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටයට නොවන බවත්ය. එහිදී සියල්ලන් මවිතයට පත් කරමින් බර්ජර් ‘මූන් ලයිට්’ චිත්‍රපට නිෂ්පාදකයාට සහ ඔහුගේ සහායකයන්ට සම්මානය ලබාගැනීමට වේදිකාවට කැඳවා ඇත.

‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ එමා ස්ටෝන් හට හොඳම නිළියට පිරිනැමෙන සම්මානය හිමිවී ඇත. ‘මැන්චෙස්ටර් බයි ද සී’ චිත්‍රපටයේ රඟපෑ කැසේ ඇෆ්ලෙක්ට හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට හැකිවී ඇත.

‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටයට ඉහළ සම්මානය අහිමි වුවද එහිදී එම චිත්‍රපටයට දායක වූ නළු නිළියන් ඇතුළුව සම්මාන හතක් හිමිවීම විශේෂත්වයක් බව එරට වාර්තා සඳහන් කර තිබේ. මෙම සම්මාන උළෙ‍ලේදී විශේෂිතම සිදුවීමක් වූයේ ප්‍රථම වරට ඔස්කාර් සම්මානයක් මුස්ලිම් ජාතිකයකුට හිමිවීමයි. ඒ අනුව කැසේ ඇෆ්ලෙක් ඔස්කාර් සම්මාන ඉතිහාස ‍පොතට ඇතුළත් වනු ඇත.

මෙම සම්මානයන් සඳහා විදෙස් බසින් ඉදිරිපත් කෙරෙන හොඳම චිත්‍රපටය ලෙස සම්මානය හිමිව ඇත්තේ ඉරානයේ නිෂ්පාදිත ‘අස්ගාහර් ෆර්හාඩ්’ චිත්‍රපටයයි. මෙයට හිමි සම්මානය ලබාගැනීම සඳහා නිෂ්පාදක පිරිසේ කිසිවකුත් පැමිණ නැත. එයට හේතු වශයෙන් ඔවුන් සංවිධායකයන් දැනුවත් කර ඇත්තේ ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධී ක්‍රියාවලියට විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙස මෙම උත්සවය වර්ජනය කළ බවය.

හොඳම නළුවා කැසේ ඇෆ්ලෙක්
හොඳම නළුවා කැසේ ඇෆ්ලෙක්
ඔස්කාර් සම්මානයක් දිනූ ප්‍රථම මුස්ලිම් නළුවා මහර්ෂාලා අලි
ඔස්කාර් සම්මානයක් දිනූ ප්‍රථම මුස්ලිම් නළුවා මහර්ෂාලා අලි
හොඳම නිළිය එමා ස්ටෝන්
හොඳම නිළිය එමා ස්ටෝන්