ගොරකා යනු අත්‍යවශ්‍ය කුළුබඩුවක් පමණක් නොව දේශීිය හා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය අනුව ඖෂධයකි. කා අතරත් ජනප‍්‍රිය ගොරකා ආහාර කල් තබා ගැනීමටද උපකාරි වේ. ගොරකා ප‍්‍රභේද කිහිපයකින් යුක්ත වන අතර රතු ගොරකා, එළ ගොරකා, රට ගොරකා, එ් අතර වේ. ආහාර සඳහා මෙන්ම ඖෂධ සඳහා යොදා ගනු ලබන්නේ ගොරකා ගෙඩියේ ලෙල්ලය. මීට අමතරව ගසේ පොත්ත, කොළ, මුලේ පොතුද යොදා ගනී.

ගොරකා කුසගින්න ඇති කරන, ආහාර රුචිය වඩවන ඖෂධයකි. හෘදයට හිතකරය. ගුල්ම රෝග, උදර රෝග, අජීර්ණ රෝග, රක්තහීනතා රෝග, විෂ සඳහා, ගොරකා යෝග්‍ය ඖෂධයකි. ඖෂධීය ගුණය ලබා ගත හැකි යැයි සිතා අධික ප‍්‍රමාණයක් ගොරකා ආහාරයට ගැනිීම සුදුසු නොවේ. එමගින් අක්මාවට හානිකර විය හැක. එසේම ක්ලාන්තය මුවේ වියළි බව, උදරයේ අපහසුතා ඇතිවිය හැකිය. එබැවින් අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් ගොරකා භාවිතා කළයුතු බව කිවයුතුය.

තුවාල සහ කුඩා ගෙඩි සඳහා
ගොරකා කබලේ බැඳ ලූණු වතුරෙන් හෝ මීපැණියෙන් අතගෑමෙන් ගෙඩිය විසිරී යයි.

ඖෂධීය ගුණ
ගොරකා ආහාරයට ගැනීම මගින් ශරීරයේ බර අඩු කර ගැනීිමට හැකි වේ. මෙයින් ශරීරයේ බර ක්ෂණිකව අඩු නොවුනද එමගින් බර වැඩි වීම පාලනය වේ.
ගොරකා සුදු ළුෑනු, ඉඟුරු ස්වල්පයක්, කුරුදු පොතු, කරපිංචා, සමග ගලේ අඹරා සම්බෝලයක් මෙන් සකස් කර තබාගෙන කෑම ගන්නා විට මෙයින් ස්වල්පයක් දෙහි ඇඹුල් සමග මිශ‍්‍ර කර කෑමෙන් ශරීරයේ බර වැඩිවීම කොලොස්ටරෝල් පාලනය කරගත හැක.

ගොරකා හොඳින් අඹරා ගෙන කඩල ඇට දෙකක ප‍්‍රමාණයක් දිනපතා ආහාර වේලකට යොදා ගැනීම මගින් රුධිරයේ සීනී ප‍්‍රමාණය අඩු කරගැනීමට පුළුවන.

පාචනයට මෙන්ම බඩබුරුල් කිරීමටද ගොරකා භාවිතා කරගත හැක.

ගොරකා, ගම්මිරිස්, ලූණු සමග ගෙන අඹරා පොට්ටනියක් බැඳ හකු ප‍්‍රදේශයේ තබාගෙන කෙළ ගිලීිමෙන් උගුරේ වේදනාවන් සුව වේ.

ගොරකා පළු තැම්බූ වතුරට ලූණු දමා පාද සේදීම මගින් ඇඟිලි කරු හා පාද කැසීම වළකාගත හැකිය.

ගොරකා ආහාරයට ගැනීමෙන් මානසික ආතතිය හා විශාදය අඩුකරගත හැකිය.එනම් ගොරකාවල අඹුල් රසය ලබාදෙන හයිඩොක්සි සිට්රික් නමැති අම්ලය මානසික ආතතියේදී ඇතිවන රසායනික සංඝටක පාලනයට ඉවහල් වේ.

ශරීරයේ පරිවෘත්තිය ක‍්‍රියා ක‍්‍රමවත් කිරීම හා දියුණු කිරිමට ගොරකා ඉවහල් වේ. ආහාර රුචිය ඇති කිරීම මගින් අප ගන්නා ආහාරවලින් අනවශ්‍ය ලෙස ශරීරයේ මේද කොටස් එකතු වීම වළකාලීමේ හැකියාවක් ගොරකා තුළ ඇත. මෙනිසා මෙමගින් ශරීරයේ බර පාලනය වීම මෙන්ම කොලොස්ටරෝල් අඩුවීමද සිදු වේ.

දරුණු ලෙස තැළීම් ඇති වීමේදි වියළි ගොරකා පළු අමුකහ ලූණු වතුරෙන් තම්බා කෙටා හෝ අඹරා එ් මත ආලේප කිරීම මගින් සුවය ලබා ගත හැකිය.

ගොරකා මුඛයේ තුවාල සඳහා මෙන්ම විදුරු මස් දියවීම සුව කරගැනීිමට භාවිතා කළ හැක. මෙවැනි අවස්ථාවලදී ගොරකා තම්බා ගත් ජනයෙන් මුඛය සේදීම සුදුසුය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දනී කොඩිතුවක්කු
සංස්කරණය – හර්ෂණී වීරරත්න