ක්‍රීඩා සමාජ නායකයින් ක්ලිෆර්ඩ් කුසලානය සමගින්

ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලිය අද (17) ඇරඹෙන අතර මහනුවර පිල ඛිඩ්]ජ්ඛි පිල සමග නිත්තවෙලදීත්,  CR&FC පිල  ගුවන් හමුදා පිල සමග රීඩ් මාවත තුරඟ තරග පිටියේදීත්  ආරම්භක තරග ලෙස පැවැත්වීමට  නියමිතය.
පසුගිය වසරේදී ද ක්ලිෆර්ඩ් ශූරතාව දිනූ මහනුවර පිල මෙවර ද ශූරතාව  සඳහා වඩාත් ඉදිරියෙන්  සිටින අතර මහනුවර පිල පසුගියදා ඩයලොග් රග්බි ලීග් ශූරතාවයද දිනා ගන්නා ලදී.

මේ අතර  හෙට (සෙනසුරාදා) හැව්ලොක්ස් පිල සමග ‍පොලිස් පිල තුරඟ තරග පිටියේදී ද, ඉරිදා (19) නාවික හමුදා පිල සමග යුද හමුදා පිල ද තරග වැදීමට නියමිතය. මෙම තරග අර්ධ අවසන් පූර්ව වටයේ තරග වන අතර අවසන් පූර්ව  තරග පෙබරවාරි 22 දා නිත්තවෙල දී  සහ 23 දා තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.  ක්ලිෆර්ඩ් කුසලාන අවසන් රග්බි තරගය 26දා නිත්තවෙලදී පැවැත්වීමට නියමිතය.