උතුරු කොරියානු ජනපති කිම් ජොං උංගේ සහෝදරයා වන කිම් ජොං නාම් මැ‍ලේසියාවේදී ඝාතනය කිරීම කුමන්ත්‍රණයක් බව දකුණු කොරියාව සඳහන් කරයි.

දකුණු කොරියාවේ වැඩබලන ජනපති හුවාං කියෝ ආන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතනයේ වගකීම උතුරු කොරියාව භාරගත යුතු බවය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ මතෛක් මරණයට හේතුන් හෙළිදරව් වී නොමැති බවයි.

කිම් ජොං නාම් මැ‍ලේසියාවේ ඝාතනයට ලක් වුවද මතෛක් උතුරු කොරියාව කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකිරීම මුළු ජාත්‍යන්තරයේම අවධානයට ලක්වූ කරුණකි. ඔවුන් කිසිදු ප්‍රකාශයක් නොකළද මැ‍ලේසියාවේ උතුරු කොරියානු කාර්ය මණ්ඩල සාමාජිකයන් ඝාතනයට ලක්වූ කිම් ජොං නාම් රෝහ‍ලේදී හඳුනාගෙන ඇත. කිම් ජොං උං සහ මියගිය සහෝදරයා අතර තිබූ අමනාපයක් හේතුවෙන් ඔහු රටින් බැහැරව සිට ඇත.

මීට වසර දෙකකට පෙර මියගිය ජොං නාම් ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ ජොං උංගේ පාලනය වැඩි කලක් නොපවතින බවයි. මේ හේතුව නිසාම උතුරු කොරියාවේ සැලැස්මකට අනුව මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි සැක පහලවී ඇති බව දකුණු කොරියානු උප ජනපති පවසයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකිරීමෙන් සහ මෙම සැලසුම් සහගත ඝාතනයෙන් පිළිබිඹු වන්නේ උතුරු කොරියානු පාලනයේ කෲරත්වය බවය.