ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත්කර සිටි මයිකල් ෆින් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ධවල මන්දිරය නිකුත් කර ඇති ප්‍රකාශයක සඳහන් වන්නේ ඔහු රුසියාව සමග සබඳතා පවත්වන්නකු බව හෙළිවීම නිසා ඇතිවූ මතභේදය මත මෙසේ ඉල්ලා අස්වීමට තීරණය  කර ඇති බවය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ලෙස පත්වීමට පෙර ෆින් රුසියාවට එරෙහිව පනවා තිබූ සම්බාධක සම්බන්ධයෙන් රුසියානු තානාපති සමග සාකච්ඡා පැවැත්වූ බව හෙළිදරව් වී ඇත. එහිදී සාකච්ඡාවට ලක්කෙරුණ කරුණු ධවල මන්දිර බලධාරින්ට වසන් කර ඇත්තේ ඔහු විසින් බවටද සනාථ වී ඇත.