සංචාරකයන් 40 ක් රැගත් බස් රථයක් තායිවානයේ තායිපේ අගනුවර දී අනතුරකට ලක්වීමෙන් එහි සිටි පුද්ගලයන් 32 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

එම වාර්තා සඳහන් කරන අන්දමට අනතුර සිදු වූ ස්ථානයේ දී මියගොස් ඇති පිරිස 30 ක් බවත්, අනෙක් දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ මියගොස් ඇති පිරිස වයස අවුරුදු 20-60 ත් අතර අයවලුන් බවයි.

මියගොස් ඇති සියලු දෙනා තායිවාන ජාතිකයන්ය. පෞද්ගලික සංචාරක ව්‍යාපාරයක් මගින් මෙම සංචාරය සැලසුම් කර තිබූ එකක් බවත්, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සලසා ඇති බවත් එරට සංචාරක මණ්ඩලය ප්‍රකාශ කර ඇත.