ඡායාරූපය : කෝටියක්වටින අදහසක්  රියැලිටි වැඩසටහනේ අවසන් අදියරේ ජයග්‍රාහකයා වු සුනිල් ජයසිංහ තම කූසලානයී මොබිටෙල්හි සභාපති G.G. කූමාරසිංහ මහතා අතින් ලබා ගත් අයුරු. කැපිටල්මහරාජා සමුහයේ සමූහ විධායක නිළධාරි මොහාන්බරාරා මහතා වමි පසින්සිටි.

මොබිටෙල් සංකල්පයකට අනුව සිරසටීවී එක්වදියත් කල කෝටියක් වටින අදහසක් රියැලිටි ටීවී වැඩසටහන් අතර පෙරළිකාර වෙනසක් සිදු කලේය.කෝටියක් වටින අදහසක් යනු නවෝත්පාදන දිරි ගැන්වීමේ අරමුණ පෙරදැරි කරගත් වැඩසටහනක් වේග මෙහි අවසන් මහා තරගය පසුගිය 21 වන සෙනසුරාදා ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අති උත්කර්ශවත් අයුරෙන් පැවැත්වුණි.මොරටුව විශ්ව විද්යාසලයේ උපකුලපති තුමන් වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උළෙලට ශ්රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති G.G. කුමාරසිංහ මහතා සහ ශ්ර ලංකා ටෙලිකොම් සමූහයේ සමූහ ප්රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර මහතා සහ මොබිටෙල්ප්‍රධාන මෙහෙයුමි නිළධාරි නලින් පෙරේරා මහතා ඇතුළු ව්යාරපාරික  ආයතනික සහ මාධ්‍ය ප්රනධානීන් රැසක් සහභාගී වූ මෙම උ‍ත්කර්ශවත් අවස්ථාව සංස්කෘතික අපූර්වත්වය සහ නවීන සුපිරිත්වය මනාව උකහා ගත් සංකලනයක් ලෙසින් වේදිකා ගත වුණි. මෙම අවස්ථාවේදී සභාව ඇමතූ මහාචාර්ය ආනන්ද ජයවර්ධනයන් පවසා සිටියේ මෙම වැඩසටහන දිවයිනේ නව නිපැයුම්කරුවන්ට ඉදිරියට යාමට නියත දිරියක් වනු ඇති බවය.

මූලික වශයෙන් තරගකරුවන් දහසකට ආසන්න පිරිසක් ඉදිරිපත් වූ කෝටියක් වටින අදහසක් වැඩසටහන දේශයේ අවධානය රටට වැඩදායී පිරිසක් වෙතට යොමු කරන්නට සමත් වුණි. ප්රාේයෝගිකත්වයට සමීප වෙනස් අදහස් වලින් සන්නද්ධ 125 ක පිරිසක් මූලික පරීක්ෂාවකින් පසු වැඩමුළුවක් සදහා යොමු කෙරුණි. තරගයේ ඊළග අදියරට යොමු වූයේ මෙම වැඩමුළුව තුළින් දැනුවත් භාවයට පත් වූ තරගකරුවන් වීම මෙහි විශේෂත්වයකි. පියවරෙන් පියවර තරගකරුවන්ට අවශ්ය  දැනුම ප්‍රායෝගිකවම  සපයමින් ඔවුන්ගේ අදහස් නිර්මාණකරණය තෙක් ගෙන යාම මෙම තරගයෙහි මූලික අපේක්ෂාවක් විණි. මූලිකව තෝරාගත් තරගකරුවන් 125 දෙනා අතරින් අවසන් තරගකරුවන් 24 දෙනෙක් තරගාවලියේ අභියෝගාත්මක බවට මුහුණ දීම සදහා තෝරා ගත් අතර ඉන් 12 ක්දල පසුව එය 8 ක්ද සහ අවසන් වශයෙන් තරගකරුවන් 4 ක්ද දක්වා ක්‍රම ක්‍රමයෙන්අඩු වන සේ තෝරාගැනීම් සිදු වුණි. මෙම තේරීම් ක්රිියාවලිය පුරාවට තරගකරුවන් හා රැදෙමින් ඔවුන්ට අවශ්‍ය දැනුම සහ දිරිගැන්වීම් සැපයූ විනිශ්චය මණ්ඩල සාමාජිකයින් වන ඉන්ටෙල් ශ්රී ලංකා ව්යාරපාර කළමනාකාර ඉන්දික ද සොයිසා මහතා, කප්රුක නිර්මාතෘ දුලිත් හේරත් මහතා, ව්යා‍පාර උපදේශක ෆයාස් හුදා මහතා, මොරටුව විශ්ව විද්යාලලයේ විද්යුලත් සහ විදුලි සන්දේශ ඉංජිනේරු අංශයේ ප්රාධානී මහාචාර්ය රොහාන් මුණසිංහ, ක්‍රවුඩ් අයිලන්ඩ් හි ප්රධාන විධායක නිලධාරී චලින්ද අබේකෝන් මහතා, මොරටුව විශ්ව විද්යාුලයේ ජේ්ය්ෂ්ඨ කථිකාචාර්ය ඉංජිනේරු නලීන් කරුණාසිංහ, වැඩිම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර ලාංකීය නව නිපැයුම්කරු මංජු ගුණවර්ධන මහතා යන විද්වතුන් තරගයට සැබෑ අරුතක් එක් කිරීමට සමත් වූහ.

වෙනත් රියැලිටි ටීවී වැඩසටහන් අතරින් වෙනස් ආරක් ගන්නා කෝටියක් වටින අදහසක් වැඩසටහන හරහා සමාජය පෝෂණය කළ හැකි අදහස් රැසක් ඉස්මතු වුණි.

මෙහිදී කැපී පෙනෙන යමක් වූයේ බලශක්ති පිරිමැසුම ජල සම්පත සහ වන සතුන් සුරැකීමල මාර්ග ආරක්ෂණය ආදී සමාජයට වැඩදායී සංකල්පයන් කතා බහට ලක් කිරීමට සහ ක්රිුයාත්මක කිරීමට තරගකරුවන් මෙන්ම විනිශ්චය මණ්ඩලයද දැක්වූ සැළකිල්ලයි. නව අදහස් නිර්මාණකරණයට ගෙන යාමටත් ඉන් නොනැවතී ඒවා වෙළදපොළට ඇතුළත් කිරීමට පවා මූල්යාමය සහ දැනුම් දායකත්වයක් තරගකරුවන් හට සැපයීම අවසන් තරගකරුවන් 12 දෙනාගෙන් ඇරඹිණි. අවසන් තරගකරුවන් 12 දෙනා හට ඔවුන්ගේ ව්යාපෘති දියුණු කරගැනීම සදහා රුපියල් ලක්ෂය බැගින් පිරිනැමුණේ වඩාත් හොද නිර්මාණයන් අපේක්ෂාවෙනි.

අදහසක් නිර්මාණයක සිට වෙළදපොළ භාණ්ඩයක් දක්වාත්, ඉන් නොනැවතී ආකර්ෂණීය වෙළද නාමයක් දක්වාත් ගෙන ඒමට තරගකරුවන් මෙහෙයවූ කෝටියක් වටින අදහසක් වැඩසටහන සිරස ටීවී සහ මොබිටෙල් සුසංයෝගයෙන් නිර්මාණය වූ කාලෝචිත වැඩසටහනකි. පසුගියදා පැවැත්වූ අවසන් තරගය සදහා සිය නිර්මාණයන් ඉදිරිපත් කළ තරගකරුවන් වන්නේ ශෂී සම්පත්ල සුනිල් ජයසිංහල ආසිරි ද සිල්වා සහ අරුණ ප්රසාද්, ශෂී සම්පත් විසින් නිර්මාණය කරනු ලැබුවේ ස්වංක්රීණයව පාලනය කළ හැකිල අනතුරු අවම කරනා බොයිලේරුආරක්ෂිත පද්ධතියකි. බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූ එහෙත් කාර්මික ක්ෂේත්රිය තුළ අන්තරාදායකත්වය අතින් ඉදිරියෙන්ම සිටිනා බොයිලේරුව වඩාත් ආරක්ෂිත පද්ධතියක් යටතේ නිර්මාණය කිරීම ශෂීගේ වෑයම විණි. පහසුවෙන් බැංකුවක මුදල් තැන්පත් කිරීමේ ක්රමවේදයක් වන ඊසි ඩිපොසිට් නිර්මාණය කරනු ලැබුවේ සුනිල් ජයසිංහ විසිනි. වෙළද සැලකින් මිලදී ගත හැකි කාඩ් පතක් හරහා ඕනෑම බැංකුවකට මුදල් බැර කිරීමේ හැකියාව මේ හරහා සැපයෙනු ඇත. ආසිරි ද සිල්වාගේ නිර්මාණය වූයේ ඕනෑම මුදල් වර්ගයකින් පහසුවෙන් ව්යාෙජ මුදල් හදුනාගත හැකිඋපකරණයක් වූ අතර එහි විශේෂත්වය වූයේ දැනට පවතින ව්‍යාජ මුදල් හදුනාගැනීමේ උපකරණවල නොමැති අංග සහ වැඩි විශ්වසනීයත්වයක් මෙහි පැවතීමයග විද්යාීත්මක සංකල්පයක් ඔස්සේ සිය චින්තනය මෙහෙයවා අරුණ ප්රිසාද් වඩාත්ම නිවැරදිව සහ සූක්ෂ්මව ලේසර් විදුමක් සිදු කරගත හැකි ක්රමවේදයක් ලොවට හදුන්වා දුන්නේය. මෙම අදහස් සහ නිර්මාණයන් සියල්ලේම විශේෂත්වය වන්නේ මෙම නිර්මාණයන් ලොව පළමු වරට හදුන්වාදෙන නිර්මාණයන් වීමය. තීරණාත්මක අවසන් තරගයේදී ජයග්රවහණය හිමි කරගත් ඊසි ඩිපොසිට් නිර්මාතෘ සුනිල් ජයසිංහ වෙත මුදලින් රුපියල් මිලියනයක කූසලානයක්ද පිරිනැමුණි. මෙම තරගයේදී දෙවන ස්ථානය දිනා ගත් ආසිරි ද සිල්වා වෙත රුපියල් ලක්ෂ පහක් තෙවන ස්ථානය දිනා ගත් අරුණ ප්රසාද් වෙත රුපියල් ලක්ෂ දෙකක් සහ සිව්වැනි ස්ථානය දිනා ගත් ශෂී සම්පත් වෙත රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයන් පිරිනැමුණි. අවසන් තරගකරුවන් සිව්දෙනා හට වටිනා සහතිකයන්ද පිරිනැමුවේ ඔවුන්ගේ දක්ෂතා ඇගයීමේ පියවරක් ලෙසිනි.

අතිශය උත්කර්ශවත් ලෙස කෝටියක් වටින අදහසක් පළමු වැඩසටහනේ පළමු වාරයනිමාවට පත් වූයේ සමස්ත දේශයක අවධානය දිනා ගනිමිනි වෙනස් ලෙසින් සිතන්නට සමත්කම් ඇති නවෝත්පාදකයින් දිරිගැන්වීම සදහා සිරස ටීවී සහ මොබිටෙල් විසින් සැපයූ දායකත්වය මෙම අගනා වැඩසටහන හරහා මනාව පිළිබිඹු කෙරුණි.

ඡායාරූපය: වමෙන්සිට – කෝටියක් වටින අදහසක්  රියැලිටි වැඩසටහනේ අවසන් අදියරේ ජයග්‍රාහකයන්වූ ෂෂී සමිපත් සුනිල් ජයසිංහ අසිරි ද සිල්වා සහ අරුන ප්‍රසාද්.