තාක්‍ෂණය මේ වන විට ලොව ප‍්‍රබලම මාධ්‍ය බවට පත්වී ඇත. මේ මු`ඵ විශ්වය පුරාම සමාජගත කේන්‍ද්‍රීය ජාලය බවට පත්වී ඇත්තේ තොරතුරු තාක්‍ෂණය වේ. එය ඒ තරමටම මිනිස් ජීවිත හා බද්ධ වී ඇත. එබැවින් තොරතුරු තාක්‍ෂණය සකල විදි විද්‍යා ශාස්ත‍්‍රයන්ට මෙන්ම වෛද්‍ය විද්‍යාවටද එලෙසම වලංගු වන්නේය.

වත්මනෙහි බොහෝ දෙනා ගතකරන්නේ අතිශයින් කාර්ය බහුල වූ ජීවිතයකි. එබැවින් සිය සෞඛ්‍ය තත්ත්වය ගැන පවා නිසි අයුරින් පාලනය කර ගැනීමට මෙන්ම පවතින සු`ඵ හෝ ආබාධ තත්ත්වයන් සොයා බලා ඒවාට අවශ්‍ය ප‍්‍රතිකර්ම නිසියාකාරව ලබා ගැනීමට තරම් කාල වේලාවක් ඔවුනට නොමැති තරම්ය. එම නොසැලකීම නිසාම ඔවුන් විවිධාකාර රෝගාබාධයනට පත්වීමෙන් ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවී ඇති අවස්ථා අප දැක තිබේ. මේ සියල්ලටම හේතුවී ඇත්තේ කලට වේලාවට නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කාලය හරස්වීමය. ඒ ස`දහා ඉතා පහසු ක‍්‍රමවේදයක් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතී. ටෙලි මෙඩිසින්(TELE MEDICINE) යනුවෙන් හ`දුන්වන මෙම ක‍්‍රමවේදය මෙරටට ආගන්තුක වුවද එය මේ වන විට ජාත්‍යන්තරයේ රටවල් ගණනාවක ක‍්‍රියාත්මක වන සාර්ථක සෞඛ්‍ය උපදේෂණ හා මෙහෙයුම් සේවාවකි. එය මෙරට ක‍්‍රියාත්මක වනුයේ ‘මයි ඩොක්ටර්’ (MY DOCTOR) වෙබ් අඩවිය හරහාය.

මෙහි නිර්මාතෘවරුන් වන වෛද්‍ය හර්ෂ ජයකොඞ් සහ වෛද්‍ය මාලින්ද ඞී. සිල්වා මහත්වරුන් පවසන අන්දමට ඔවුන් මෙය ආරම්භකර ඇත්තේ 2012 වසරේදීය. MY DOCTOR සේවාව මගින් ඒ හා සම්බන්ධ වන්නන්හට දිනපතා, නිතිපතා, පැය විසිහතර පුරාවටම සියලූම වෛද්‍ය උපදේශන සේවාවක් දුරකථන මගින් සැපයීම මූලිකව සිදුකෙරේ.

එමගින් ලබා ගැනීමට අවශ්‍ය වෛද්‍ය වාර්තා හමුවිය යුතු විශේෂඥ වෛද්‍යවරයා කවුරුන්ද යන්න උපදෙස් MY DOCTOR සේවාව මගින් ඉතා පැහැදිලි ලෙස ලබා දෙන අතර අවශ්‍ය වේ නම් ප‍්‍රථම හමුවීමෙන් පසුව විශේෂඥ වෛද්‍යවරයාව දුරකථන ඔස්සේද සම්බන්ධකර ගැනීමටද මෙම සේවාව මගින් පහසුකම් ලබා දෙති. එසේම රෝගීයා සතුව පවතින සියලූම වෛද්‍ය වාර්තා MY DOCTOR වෙබ් අඩවියට ඇතුළත් කිරීමට ද මෙමගින් හැකිවනු ඇත. ඒ ස`දහා කිසිදු ගාස්තුවක් අය කරනු නොලැබේ. ඒ අනුව රෝගියාට සිය වාර්තා සිය ජංගම දුරකථනය මගින්ද අවශ්‍ය අස්ථාවන්හීදී ඉදිරිපත් කිරීමට හැකිවේ.

එසේම එතෙර වෙසෙන ශ‍්‍රී ලාංකියන්හටද මෙම සේවාව ඔස්සේ සිය සෞඛ්‍ය ගැටලූ මෙරට විශේෂඥ වෛද්‍යවරුන් හා සම්බන්ධීකරණය වී උපදෙස් ලබා ගැනීමට ද පහසුකම් සැලසිනි. එපමණක් නොව MY DOCTOR දිවයිනේ ප‍්‍රකට පෞද්ගලික රෝහල් කිහිපයක් මෙන්ම ෆාමසි ජාලයක්ද සම්බන්ධ කරගනිමින් සිය සේවා දායකයින්හට විශේෂ වට්ටම් ලබාදීම ද සිදුකරනු ලබති.