කපිල ආරියරත්න අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී |ටිලාන් විජයසේකර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි හා පුද්ගලික බැංකු කටයුතු

ශ‍්‍රී ලාංකේය බැංකු ක්‍ෂේත‍්‍රයේ තවත් පෙරලියක් ඇතිකරමින් සෙලාන් බැංකුව සෙලාන්සෙල්ෆි නමින් තාරුණ්‍යය සඳහා ම වන ඩිජිටල් බැංකු ගිණුමක් හඳුන්වා දෙයි.

අවුරුදු 18ත් 26ත් අතර තරුණ තරුණියන් සඳහා වන නවතම ගිණුම් අත්දැකීමක් වන සෙලාන් සෙල්ෆි නව තාක්‍ෂණය හඹායන්නන්හට අද්විතීය ප‍්‍රතිලාභ හිමිකරදෙන්නක් ලෙසද සඳහන් කළහැකිය.සෙලාන් බැංකුව මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වන ඩයලොග් ඇක්සියාටා පීඑල්සී සම`ග අත්වැල්බැඳගනිමින් අන්තර්ජාලය හා සබැඳි ගනුදෙනුකරුවන්වෙනුවෙන් එකිනෙකට වෙනස් ඩිජිටල් ප‍්‍රතිලාභයන් අත්කර දීමටද කටයුතු කර ඇත.

සෙලාන් සෙල්ෆි සම`ග බැංකු සහ ජංගම දුරකතන පරිශීලකයන් අතර වන ලොව ප‍්‍රථම ඩිජිටල් පොලී සංකල්පයේ ප‍්‍රමුඛතමයන් වන සෙලාන් බැංකවු තරුණ ගිණුම් හිමියන්ගේ ඩයලොග් දුරකතන වෙත ඔවුන් කැමති පරිදි ඍජුවම ඉතිරිකිරීමේ ගිණුම් ශේෂය හා පොලිය දත්ත සහ හ`ඩ යනාදී සේවාවන් ඔස්සේ ලබා දීමට කටයුතු කර ඇත. සෙලාන් සෙල්ෆි ම`ගින් ආහාරපාන, සවාරි හෝ විවේකය ගතකිරීම සඳහා ඩෙබිටි කාඞ් ම`ගින් ප‍්‍රතිලාභ හා වට්ටම් අත්විඳීමට හැකිවීමද එහි තවත් විශේෂත්වයකි. එසේම සෙලාන් සෙල්ෆි ම`ගින් උපාධි, වෘත්තීය සුදුසුකම් යනාදී අවස්ථාවන් සඳහා ගිණුමේ ශේෂය මත පදනම්ව රුපියල් 25,000ක් දක්වා නොමිලේ මුදල් ප‍්‍රදානය කරනු ලබයි. ඒ හරහා ශිෂ්‍යයන්හට අධ්‍යාපනික සහ අනෙකුත් ව්‍යාපාර ණය වැනිදේද ආකර්ෂණීය පොලියක් යටතේ ලබා ගැනීමට අවකාශ සැළසේ. තවද ඔවුන්ට ලිහිල් කොන්දේසි යටතේ ක‍්‍රියාත්මක චෙක්පොතක් සම`ග විශේෂ ජංගම ගිණුමක් විවෘත කිරීමටද හැකියාව ඇත.රුපියල් 15,000ට වැඩි ස්ථාවර මාසිකවැටුපක් ලබන තරුණ තරුණියන්හට ඔවුනගේ නම්‍යශීලී වගකීම් වෙනුවෙන් මේ ම`ගින් විශේෂ ක්‍රෙඩිට් කාඞ්පතක්ද ලබා ගත හැකිය.

ගිණුම් හිමියන්ට සෙලාන් අන්තර්ජාල බැංකු සේවාවෙහි ලියාපදිංචිවීම සඳහා ඔවුනගේ ෆේස්බුක් ගිණුමට ඇතුලූ වී සෙලාන් සමාජබැංකු යෙදුම Seylan Social bank App භාවිත කොට මිතුරෙකුට මුදල්යැවීම, ගිණුම්ශේෂයවැනිපහසු ප‍්‍රතිලාභහිමිකර ගත