ශ‍්‍රී ලාංකේය බැංකු පද්ධතිය ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක කිරීම අරමුණු කොට ගනිමින් දේශීය සමාගමක් විසින් අධි තාක්‍ෂණයෙන් යුතු, නව්‍යකරණ, ස්වයං සේවා යන්ත‍්‍ර පෙළක් නිෂ්පාදනය කිරීමට කටයුතු කර ඇත.

East Link Engineering Company (Pvt) Ltd හි නිර්මාතෘ හා ප‍්‍රධාන විධායක නිළධාරීවරයා මෙන්ම වෘත්තීය වරලත් ඉංජිනේරුවරයෙකුද වන අජිත් ඉඳිකඩුල්ල මහතා සහ ඔහුගේ කණ්ඩායම මෙම ස්වයං සේවා බැංකු යන්ත‍්‍රවලට අමතරව විවිධාකාරයේ ස්වයං සේවා නිෂ්පාදන රැුසක් නිර්මාණය කර නිෂ්පාදනය කිරීමට කටයුතු කර ඇත.

කාර්ය බහුල ජීවන රටාව සම`ග එදිනෙදා බැංකු කටයුතු සිදුකර ගැනීම වෙනුවෙන් වෙහෙසන ජනතාවට උසස් පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා ස්වයං සේවා බැංකු සේවාවක් අත්‍යාවශ්‍යය. මෙහිදී හඳුන්වා දී ඇති KAD ස්වයං සේවා නිෂ්පාදන පෙළ ඉහළ බුද්ධියක් හා තාක්‍ෂණයක් සහිත නව තාක්‍ෂණය භාවිත කරමින් බැංකු පද්ධතිය වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති යන්ත‍්‍ර වන අතර එය ගනුදෙනුකරුවන්ට සමීප බැංකු සේවාවක් ලබා දීමට පිටිවහලක් වනු ඇත. බැංකුවේ වැඩ කරන දිනයන්ට මෙන්ම දවසේ පැය 24 පුරාමත් සතියේ සෑම දිනකත් මෙම ස්වයං සේවා යන්ත‍්‍රයට බැංකු සේවාවන් ඉටුකර දිය හැකි වීම විශේෂත්වයකි. නවීන ව්‍යාපාරික ලෝකය තුළ 24 x7  බැංකු සේවාව ඉහළ පාරිභෝගික ප‍්‍රතිචාරයක් හිමිවීමට මෙන්ම නව පාරිභෝගිකයන් බැංකුව සමග එක්කර ගැනීමටත්,තව තවත් ව්‍යාපාරික අවස්ථාවන් බිහිකිරීමටත් හේතුවක් වනු ඇත.

බැංකු ක්‍ෂේත‍්‍රයේ විවිධ සේවාවන් සඳහා තවත් ස්වයං සේවා බැංකු නිෂ්පාදන පෙළක් සංවර්ධනය කිරීමටEast Link කටයුතු කර ඇත.

මුදල් තැන්පතු යන්ත‍්‍රය Cash Deposit Machine (CDM) ගනුදෙනුකරුවන්ට දවසේ පැය 24 පුරාම මුදල් තැන්පත් කළ හැකි ඒ ආකාරයේ ස්වයං සේවා යන්ත‍්‍රයක් වන අතර මුදල් තැන්පත් කරන සෑම විටම එය එවෙලේම තමන්ගේ බැංකු ගිණුමට එක් වීම මෙහි ඇති විශේෂත්වයයි. චෙක්පත් තැන්පතු යන්ත‍්‍රය Cheque Deposit Kiosk (CDK) තුළින් ඕනෑම දිනෙක පැය 24 පුරාම චෙක්පත් තැන්පත් කළ හැකි අතර චෙක්පත ස්කෑන් කර එහි මුද්‍රිත පිටපතක් ආපසු ලබා දීම එහිදී සිදු වේ.