මොරටුව ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තවත් පුද්ගලයින් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් පස්දෙනෙකුට පානදුර මහාධිකරණයේදී ඊයේ (03) මරණ දඬුවම නියම කෙරිණි.
2002 වසරේදී මොරටුව ප්‍රදේශයේ පාසලක ක්‍රීඩාංගණයක සිටි කණ්ඩායමක් රැගෙන ගොස් එක් අයෙකු ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධව මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකුට පානදුර මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.

මෙහිදී පුද්ගලයින් හයදෙනකුට චෝදනා එල්ලවී තිබූ අතර බරපතළ තුවාල ලැබූවන්ගේ සාක්ෂිවලට අනුව පස් දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණු අතර අනෙක් පුද්ගලයා නිදහස් කෙරිණි.

සිරි මහබෙල්ලන – පානදුර