මැතිසබයේ හටගත් උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංදිප් සමරසිංහ මහතා රෝහල්ගත කර තිබෙන බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රශ්නයක් මතු කර තිබේ.

ඊට පිළිතුරු දුන් අගමැතිවරයා ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අවස්ථාව ලබාදී ඇත.

මෙහිදී ඊට විරෝධය දක්වමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සභාවේ මධ්‍යයට පැමිණ කලහකාරි අයුරින් හැසීරීමට පටන්ගෙන තිබේ.

කතානායකවරයා අවස්ථාව ලබාදීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතා කතා කළ ද සබාවේ ඝෝෂාව එන්න එන්නම වැඩි විය.

දැඩි උණුසුම් තත්ත්වය අතරතුර පාලිත තෙවරප්පෙරුම සහ ප‍්‍රසන්න රණවීර මහත්වරු ගැටුමට මැදිවිය.

මෙහිදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංදිප් සමරසිංහ මහතා ප‍්‍රහාරයට ලක්වී තිබේ.

මන්ත‍්‍රීවරයා පසුව ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

(සුරේඛා නිල්මිණි ඉලංගකෝන්/ ජායාරුප – සස්සඳ ලියනආරච්චි)

DSC_0142 copyDSC_0175 copy DSC_0156 copy