SAMSUNG CAMERA PICTURES

රත්නපුර, හංගමු ගඟේ නීති විරෝධී ලෙස මැණික් ගැරීමට යොදාගත් අතිනවීන ෂකර් යන්ත‍්‍රයක් අත්අඩංගුවට ගත් බව රත්නපුර මුලස්ථාන පොලීසිය පවසයි.

මෙම යන්ත‍්‍රය අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී දිය යට සඟවා තිබී ඇත.

රත්නපුර ප‍්‍රදේශයේ ගංගාවල සඟවා තිබුණු ෂකර් යන්ත‍්‍ර මීට පෙර අවස්ථා කිහිපයකදීද පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

නමුත් මෙවර අත්අඩංගුවට පත් වුණු ෂකර් යන්ත‍්‍රය දිය යට බස්සවා කි‍්‍රයාත්මක කළ විට කිසිම ශබ්දයක් නොනැගෙන අතිනවීන එකකි.

එම යන්ත‍්‍රයේ සිට උඩට සවි කර ඇති බටයෙන් පිිට වන දුමෙන් පමණක් යන්ත‍්‍රයක් දිය යට ඇති බව හඳුනා ගත හැකිය.

පොලීසිය විසින් මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී ගඟේ මැණික් පතලේ වැඩ කරමින් සිටි පිරිස පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් ෂකර් යන්ත‍්‍රය අධිිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කරගෙන යයි.

එන්. රාජා- රත්නපුරය