මැයි මස තම විවාහ මංගලයට සුදානම් වෙමින් සිටි 22 හැවිරිදි තරුණියක් පසුගියදා මාතර ධර්මපාල මාවතෙහි පිහිටි රූපලාවන්‍යාගාරයකට පැමිණ සිටිය දී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ඇය මෙලෙස බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇත.

තරුණිය පැහැර ගත් මෙහොතේදීම ඒ පිළිබදව මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්ඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් සිව්දෙනා මාතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු සුරේෂාද සිල්වා මෙනවිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මැයි මස (09) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදි.

රදම්පල ගයාන් දර්ශන