රට පස්සට ගියේ විධායකය ඇඟිලි ගහපු නිසයි – උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලlakshman
මේ රටට විනයක් වෙලා තියෙන විධායක ජනපති ධුරය නැති කරන්න මේ වෙන කොට කැබිනට් මණ්ඩලයට ජනපතිතුමා යෝජනාවක් ගෙනැල්ලා. ජනපති, අගමැති කියන දේ කරන නායකයින්. යුද්ධය ඉවර වෙලා මේ රට ස්වර්ණමය යුගයකට ගෙන යන්න තිබුණා.

ඒත් මොකද වුණේ, ජනතාව හිතුව දේ වුණේ නෑ. විධායකය මේ රටේ සියලුම දේට ඇඟිලි ගැහුවා. අධිකරණයට, අධ්‍යාපනයට ස්වාධීන ආයතනවලට එහෙම බලපෑම් කළ නිසයි රටේ අස්ථාවරත්වය ඇති වුණේ. ජනපති ක්‍රමය අහෝසි කිරීම ජනතාව ලැබූ විශාල ජයක්.

සුජිත් කෝනාකාර


පළාත් පාලන ඡන්දෙදි වෙනම හැප්පෙන එක හොඳයි – බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියisura
ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකතු වෙලා අද ජාතික ආණ්ඩුවක් හදලා තියෙනවා. පළාත් සභාවේ නම් ඉතින් ජාතික ආණ්ඩුවක් නැහැ. නගර සභාවෙත් එහෙම ජාතික ආණ්ඩුවක් නැහැ. ඊළඟ පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෙහෙයවන්නේ ජනාධිපතිතුමායි. අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවයි.

ඒකෙ ඇති වැරැද්දක් නැහැ. මේකෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායටවත් ජාතික ආණ්ඩු සංකල්පයටවත් ගැටලුවක් වන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙනවට කිසි කෙනෙක් කැමැති නැහැ. මා දැක්ක උදය ගම්මන්පිල මහත්තය කියනවා මෛත්‍රීපාල ඉන්න කිසිම සන්ධානයකට එන්නේ නැහැ කියලා. උදය ගම්මන්පිල මැතිතුමා එන්න දෙයක් නැහැ. එතුමා සන්ධානයේ නැහැ.

ජීවන්ත ආරියදාස/ සමන් බණ්ඩාර – ‍පොකුණුවිට


මම ඉස්සරහට මිසක් පස්සට යන්නේ නෑ – දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වාShan wijayalal
දේශපාලනයේදී කෙටි මාර්ග නෑ. අවබෝධයෙන් පළපුරුද්දෙන් තමයි මේ ගමන යන්න ඕන. ඒ නිසා තමයි මම පළාත් සභාවේ ඉල්ලපු හැම ඡන්දයකින්ම හැමදාම දිනන්නේ. දේශපාලනයේදී සැලසුම් සහගතව වැඩ කරන කෙනාට කිසි ගැටලුවක් නෑ, ඡන්ද දිනන එක. දැන් බලන්න අ. ම. කරුණාරත්න මහත්තයාගෙන් පස්සේ මම තමයි අම්බලන්ගොඩ සංවිධායක වුණේ. මම එදා ඉඳලා තාම ඉන්නවා. ඒකට යූ.එන්.පී. එක ඒකේ සංවිධායකවරු කීදෙනෙක් හිටියද කියල ආසනයේ යූ.එන්.පී. උදවියටවත් මතක නෑ. මගේ මතකයේ හැටියට 10 වතාවක් යූ.එන්.පී. සංවිධායකවරු මාරු කරා. ඒ සෑම තත්ත්වයක් යටතේදීත් මම අඛණ්ඩව ශ්‍රී.ල.නි.ප. සංවිධායකවරයා හැටියට අම්බලන්ගොඩ ආසනයේ ප්‍රගතිශීලී ජනතාවට නායකත්වය දුන්නා.


අයවැයෙන් ධීවරයාට බෙදල තියෙන්නෙ කන් හැන්දෙන් – හිටපු පළාත් සභා මන්ත්‍රී  රත්න ගමගේrathna
මෙවර අයවැයෙන් ධීවර ජනතාවට සලකා ඇත්තේ කන් හැන්දෙන් බෙදීමක් ලෙසයි. කැලණි පාලම යටින් ‍පොල්ලෙල්ලක් ගියා හා සමානයි. මෙහෙම ගියොත් ධීවරයාව ස්වකීය කර්මාන්තයෙන් ඈත්වන තත්ත්වයක් ඇතිවනවා. ධීවර කර්මාන්තය නගා සිටුවන්නට හෝ ධීවර කාර්මිකයන්ට සිය රැකියාව කරගෙන යාමට හැකි ශක්තිය නෙදෙන රැවටිලිකාර අයවැයක් ධීවර කාර්මිකයාගේ මූලික ගැටලුවලට මෙම අයවැය ‍ලේඛනයෙන් කිසිදු සහනයක් ලැබි නැහැ.

ධීවර ආම්පන්න සඳහා අය කරන බදු, ධීවර වරාය ආශ්‍රිත ගාස්තු ඉහළ යාම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතුයි. මෙය ධීවර ජනතාව රැවටීමට පත්කළ අයවැයක්.

ලලිත් කංකානම්ගේ – ගිංතොට  / සමන් කුමාර – බූස්ස / සුනෙත් – ගාල්ල


ආණ්ඩුවට ගහන්න ගහන්න තව ශක්තිමත් වෙනවා – රාජ්‍ය ඇමැති පාලිත රංගෙබණ්ඩාරpalitha
දැන් අපේ ආණ්ඩුව දෙදරීමක් වෙලාලු. බිඳ වැටිලාලු. එක එක අය එක එක කතා කියනවා. මේකෙන් පේන්නේ ආණ්ඩුව ඇතු‍ලේ ඉන්න අයටයි එල්ලිලා ඉන්න අයටයි පිට ඉන්න අයටයි ඔක්කෝටම විවෘතව කතා කරන්න නිදහස ලැබිලා තියෙන බවයි.
අද ආණ්ඩුව ඇතුළේ අයට ආණ්ඩුව විවේචනය කරනවා. පැමිණිලි කරනවා. අපේ අමාත්‍යාංශයත් විවිධ ගැටලු තියෙනව. මම ඒවාත් ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කියනවා. මේක තමයි යහපාලනය. රටට හොඳ ප්‍රවණතාවක් ලැබිලා තියෙනවා. දැන් තියෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක්.

නිමල කොඩිතුවක්කු


අයවැයේ සියඹලාවලට වඩා ඇත්තේ කුණු රොඩු – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලUdaya Gammanpila
මේ අයවැය ගැන නම් මාස ගණනක් කතා කරන්න පුළුවන්. ජනතාවට සහන නොදුන්නට විපක්ෂයට සහන දුන්න අයවැයක් විදිහටයි අපි දකින්නේ. මොකද අපිට වසරක් පුරා කතා කරන්න අවශ්‍ය කාරණා මෙකෙ තියෙනවා. මේ අයවැය පුස්සක්. දර්ශනයක් නැති ඉදිරි වැඩපිළිවෙළක් නැති මව්බිමේ ප්‍රශ්නවලට විසඳුම් නැති අයවැයක්.
හැබැයි හොඳ අදහසුත් නැතිවම නොවේ. සියඹලාත් තියනවා. නමුත් වැඩිහරියක් තියෙන්නේ කුණු රොඩු තමයි. කුණු රොඩු ගැන වැඩිපුර කතා කරන්න වෙන්නේ ඒ නිසයි.

සවන්ති රත්නායක