රාජකාරි හරියට කළා නම් දේවාල ගානෙ යන්න ඕන නෑ – අමාත්‍ය රාජිත සේනාරත්නrajitha
සෞඛ්‍ය අමාත්‍යංශයට එන අයට මහා පුණ්‍යකර්මයක් කරගන්න පුළුවන්. මේකට ඇවිල්ලත් පව් පුරවා ගන්නවනම් එයාලට යන්න වෙන ආත්මයක් නැහැ. අපායවල් හතකවත් යන්න වෙනවා. මේකෙ හරියට වැඩටික කරනවනං දේවාලවලට පලතුරු වට්ටි උස්සාගෙන යන්න ඕන නැහැ.

පගාව දීලා වැඩකරගන්න පුළුවන්නම් දෙවියෙක් නමෛයි ඔක්කොම කුපාඩිකම් කරලා පලතුරු වට්ටියකුයි රුපියල් දාහකුයි තිබ්බම ඒක බාරගන්නවානම් ඒක දෙවියෙක් වෙන්න බැහැ. දෙවියෝ දන්නවා අපි එනකොටම මිනිස්සුන්ට කෙළවලා එන අයට අන්තිමට කුණු වෙලා ඇඳන් උඩදාලා ඉන්න වෙනවා.

වයි.ආර්. ආරියතිලක – බදුල්ල


ඡන්ද කා‍ලේ මමත් කුණාටුවකට අහුවුණා – අමාත්‍ය මහින්ද අමරවීරmahinda-amaraweera
රටේ අපරාධ රැල්ලක් ඇතිවෙමින් යනවා. ඊටත් මුහුණ දෙන්න ජනාධිපතිතුමා පියවර ගනිමින් සිටිනවා. මේ රටේ ළමා හිංසනයට හා මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය දිය යුතු යැයි විශාල ජනමතයක් ගොඩනැගෙමින් පවතිනවා. සියලුදෙනාගේ එකඟත්වය මත මරණ දණ්ඩනය දිය යුතු බවට ජනාධිපතිතුමා තීන්දු කොට තිබෙනවා.
පහුගිය මැතිවරණ කාලයේදී මමත් කුණාටුවකට අහුවුණා.

කුණාටුවකට අහුවුණු බෝට්ටුවක ගානට මමත් පත්වුණා. මැතිවරණ සමයේදී මටත් එක එක අවලාද නැගුවා. ජනතාව නොමග යැවීම් කරන්න සමහරු උත්සාහ ගත්තා. නමුත් මේ හම්බන්තොට ජනතාව මාව විශ්වාස කොට මට ඡන්දය ලබාදුන්නා. හම්බන්තොට ජනතාවගේ ප්‍රාර්ථනාවලට මම කිසි දිනෙක පිටුපා ක්‍රියාකරන්නේ නැති බව මම ප්‍රකාශ කරනවා.


වෙන අය වගේ මම ආසනේ මිනිස්සු ගෙනත් වරාය පුරවන්නේ නෑ – නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමNishantha Muthuhettigamage
මගේ ඉලක්කය කොමිස් ගහන එක නමෛයි. දූෂණ කරන එක නමෛයි. වංචා කරන එක නමෛයි. හොරකම් කරන එක නමෛයි. මම ප්‍රියකරන ක්‍රීඩකයා අර්ජුන රණතුංග. මම ප්‍රියකරන ක්‍රීඩා නායකයා අර්ජුන රණතුංග. මම විශ්වාසයෙන් කියනවා වැඩි ඈතක නැතිව මේ රජයේ මම ප්‍රියකරන අමාත්‍යවරයාත් අර්ජුන රණතුංග බවට පත්වෙයි කියලා. මට පුළුවන් වුණොත් ගාල්ල වරාය දියුණු කරන්න ශක්තිමත් කරන්න ඒක තමයි අපි ලබන ජයග්‍රහණය. මම ඒ තත්ත්වයට යනවා මිසක් ගාල්ලේ බද්දේගම ආසනයේ සිටින ජනතාව ගෙනැල්ලා වරාය පුරවලා වරායට හානි කරලා යන කෙනෙක් නමෛයි.


අද හොරු ඇඩ්වාන්ස් උන් අල්ලන ක්‍රමවෙනස් කරන්න ඕන – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකRanjan Ramanayake
සමාජ සුබසාධනය ඇති කරන එකත් ලෙහෙසියි. මේ පුංචි ලංකාවේ කම්බ හොරු ගොඩාක් ජීවත් වෙනවා. ඒ හොරු ට්‍රිලියන ගාණක් හොයලා තියෙනවා. එම හොරුන්ව අල්ලගන්න යන අයට ඔවුන් ගාව තියෙන ට්‍රිලියන ගාණින් මිලියන ගාණක් දෙන එක මහ දෙයක් නමෛයි. ඩිජිටල්කරණය මත හොරුන් ඇඩ්වාන්ස් වෙලා. ඒ යක්කු අල්ලන ක්‍රමත් හොරුත් එක්ක ඇඩ්වාන්ස් වෙන්න ඕන. උප්පැන්න සහතිකයේ ඉඳලා මරණ සහතිකය දක්වා වංචා කරන පිරිසකුත් ඉන්නවා.

මෙහෙම අයත් එක්ක බලද්දී දේශපාලන රටාව තුළටත් මේ මිනිස්සු රිංගලා අර පැත්තේ ඉඳලා මේ පැත්තට පැනලා අලුත් ක්‍රමයකින් ලැජ්ජා නැතිව හරි අපූරුවට කතා කරන අයත් බිහිවෙලා. මේවා දැකලා ජනතාවත් ෂෝට්කට් හොයාගෙන යන්න හදද්දී නිකන්ම සමාජයත් විනාශ වෙනවා. මේ සමාජය අලුතින් හදලා ඔවුන්ව සවිබල ගන්වන්න අලුත්වැඩක් පටන් ගන්න අපි සූදානම්.

අමිල බණ්ඩාර – බුලත්කොහුපිටිය


වේදිකාවට නොවෙයි සරමට ගිනි තිබ්බනම් හොඳ ඇමැතිකම් ලැබෙයි –  පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේnalin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔරුවක් කරගෙන එගොඩ වුණ අයත් අද ජාතික ආණ්ඩුවට එකතු වෙලා. මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඡන්දය දුන්නේ ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් නමෛයි. ඒ නිසා මේ ජාතික ආණ්ඩුවට එක්වෙන්න ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයට සදාචාරාත්මක අයිතියක් නෑ. ජාතික ආණ්ඩුවේ ඇමැතිවරු හතළිස් පහයි.  නියෝජ්‍ය ඇමැතිවරු හතළිස් පහයි.

මේ අතරේ රාජ්‍ය ඇමැතිවරුත් ඉන්නවා.  මේ ඔක්කොම අස්සේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට ඇමැති වරප්‍රසාද දෙන්න යනවා. වේදිකා ගිනි තිබ්බ කුඩු එතනෝල් කාරයෝ කියපු අයටත් අද ඇමැතිකම් දීලා. වේදිකාවට ‍නෙවෙයි සරමට ගිනි තිබ්බානම් මීට වඩා හොඳ ඇමැතිකම් ගන්න තිබුණා.

බූස්ස සමන් කුමාර – ගිංතොට / ලලිත් කංකානම්ගේ


මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ජනපතිට විතරක් පුළුවන් – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගprasanna
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලබාදෙන්නේ නම් ලබන වසරේ සිට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ හැකි බව මෛත්‍රීපාල ජනාධිපතිවරයා කිව්වා. ජනාධිපති බලතල යටතේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නෑ.එහෙත් ජනාධිපතිවරයා මෙමගින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් අනුගමනය කරලා තිබෙනවා. ඒත් විදේශ ඇමැති මංගල සමරවීර  ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මරණීය දණ්ඩනය මෙරට ක්‍රියාත්මක නොකරන බවට සහතික වූයේ යැයි මාධ්‍ය මගින් වාර්තා වුණා. මෙය තනිකරම ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පරස්පරයි.

රටේ ජනතාව පිළිගත යුත්තේ ජනාධිපතිවරයා ගාල්ලේදී කළ ප්‍රකාශයද නැතහොත් විදේශ ඇමැතිවරයා ජිනීවාවලදී කළ ප්‍රකාශය දැයි වැටහෙන්නේ නෑ. මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමේ සැබෑ වුවමනාවක් ජාතික ආණ්ඩුවට ඇත්නම් ජනාධිපතිවරයා පැවැසූ පරිදිම මෙම යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.