යහපාලන අභියෝගය භාරගත් කිසිම ජාතියක් පිරිහෙන්නේ නෑ – කථානායක කරු ජයසූරියkaru jayasuriya
ජාතික ආණ්ඩුවේ යහපාලන වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රජාව පවා පැසසුමට ලක් කරනවා. එය රටක් ලෙස අප සියලුදෙනා ලැබූ ජයග්‍රහණයක් බව කිව යුතුයි. සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් එය ඉදිරියට ගෙන යෑම අවශ්‍යයි.

මේ රටේ මීට පෙර යහපාලනය කියන වචනයවත් කතා කළේ නෑ. ජනතාව යහපාලනය සඳහා වූ අභියෝග භාරගන්න ජාතියක් හුදෙකලා වන්නේ නැහැ. ඉලක්කය වෙත යනවා. ලෝකයේ දියුණු රටවල් එසේ දියුණු වුණේ අභියෝග භාරගත් නිසයි. මේ රටේ ඉදිරි පරම්පරාවට වඩාත් හොඳ රටක්, පරිසරයක්, සංස්කෘතියක් උරුම කිරීම අද යුගයේ කාර්යභාරයයි.

දෙනගම ධම්මික රණවීර


මං කන්න බොන්න දීපු අයම මට ඇමැතිකම දෙන්න එපා යැයි කෑගැහුවා
 -අමාත්‍ය දයාසිරි ජයසේකරdayasiri
පසුගිය මැතිවරණයට දින 5-6ක් තිබියදී දයාසිරි යූඑන්පියට පනිනවා යැයි විශාල ප්‍රචාරයක් ගෙන ගියා. නමුත් ජනතාව ඒක විශ්වාස කළේ නෑ. ඒ නිසාම ලංකාවේ 8 වැනියා ලෙස මනාප 1,33000ක් ගත්තා. ඉන්පසුව මම හදපු වඩපු, කන්න බොන්න දුන් පිරිසක්ම එකතු වී මට ඇමැතිකම් දෙන්න එපා කියා පාරේ බෝඩ් උස්සාගෙන උද්ඝෝෂණය කළා. සමහර විට මේ ඇමැතිකම ලැබෙන්නත් ඒක හේතුවෙන්න ඇති.

මේ මෝඩ හරක් දන්නේ නෑ පක්ෂ කීපයක් එකතු වුණාම ඒ පක්ෂවල අයටත් මැති ඇමැතිකම් දිය යුතු බව. ජනාධිපතිතුමා මට කීවේ ඔයාට විරුද්ධව උද්ඝෝෂණත් කළ නිසා ඒකට පිළිතුරක් වශයෙන් මේ ඇමැතිකම දෙන බවයි.

ළහිරු මධුශංඛ-බිංගිරිය


එල්ලුම් ගහ ගේන යෝජනාවට මං අත් දෙකම උස්සනවා – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාnimal
මං ඇමැතිවරයෙක් වුණාට දෙදරු පියෙක්. දරු දුක කියන දේ මටත් හොඳට දැනෙනවා. සදෙව්මි සේයා දුවගේ මරණය නිසා මුළු රටම එකම මළගෙයක් බවට පත්වෙලා. කලිනුත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නිසා වටිනා ජීවිත ගණනාවක් රටට අහිමි වුණා. ඒත් අපරාධකාරයන්ට දඬුවම් දෙන්න දිගු කාලයක් ගතවුණා.

මෙවැනි සිදුවීම් විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා අදාළ අපරාධකාරයන්ට ඉතාමත් ඉක්මනින් උපරිම දඬුවම් පැමිණවිය හැකි ක්‍රමයක් ඇති කළ යුතුයි. අමානුෂික අපරාධවලට දැනට පනවන දඬුවම් ප්‍රමාණවත් නෑ. මේ අපරාධකරුවන්ට එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතුයි. එය ක්‍රියාත්මක කරන අණපනත් පාර්ලිමේන්තුවට ගෙනාවොත් මම අත් දෙකම උස්සනවා.


ජනපතිතුමා ගැන මට දුකයිසභාපති වුණ දා ඉඳලා ප්‍රශ්න – අමාත්‍ය අර්ජුන රණතුංගarjuna
ලාභ ලබන රජයකට වඩා ප්‍රතිපත්තිමය තීරණ අනුව මහජනතාවට බරක් නැතිව ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙළකට අපි යන්න ඕන. අපි ඉල්ලීමක් කරලා ඇමැති මණ්ඩලයේ අනවශ්‍ය වියදම් කැපුවා. අනවශ්‍ය ප්‍රධාන භාණ්ඩවල මිල තවත් අඩුකරන්න අපිට පුළුවන් වෙයි. ජනවාරි 08 අපි කළේ නිකම්ම නිකම් පුටු මාරුවක් නමෛයි. පුටු මාරුවක් එක්කම අපි ප්‍රතිපත්ති මාරුවකුත් කළා.

මෛත්‍රීපාල මහතා ගැන මට එක අතකින් කනගාටුයි. එතුමාට අපේ පක්ෂයේ නායකත්වය ලැබූ දා සිට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. එහෙම වුණේ සන්ධානයේ ඉඳගෙන ජාතිවාදය අවුස්සන පිරිසක් නිසා. අපේ පක්ෂය ජනතාව අතරට යන්න නම් ඉදිරියේදී අත ලකුණින් ඡන්දය ඉල්ලන්න ඕන.

නාලක සංජීව දහනායක


ඇමැතිකම් ඉල්ලලා පස්සෙන් යන පුරුද්දක් මට නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණbuddika
අනෙක් දේශපාලනඥයන් වගේ මම කවදාවත් ගේම් දේශපාලනයක නිරත වුණේ නැහැ. ඒ නිසා මට කාගේවත් පස්සේ යන්න ඕන නැහැ. මේ ජනතාවට සේවය කරන්න මට ඇමැතිකමක් ඕනත් නැහැ. මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 50ක් ලැබුණත් මම මේ වනවිටත් ලක්ෂ 2000කට වඩා වැඩ කරලා තියෙනවා. ඒක මේ රටේ මහජනතාව දන්නවා.

මම සේවය කරන්නේ ජනතාවටයි. ඒ නිසා ඇමැතිකම්වලින් පෞද්ගලිකව බැබළෙන්න මට ඕන නැහැ. එහෙම තනතුරු ලැබෙනවා නම් එයත් ජනතාව වෙනුවෙනුයි මම භාරගන්නේ.

නිමල කොඩිතුවක්කු


පඬුවස්නුවර කිරි මුට්ටිය උතුරන්න ළිප් ගල් වගේ ඇමැතිකම් තුනක් ලැබුණා – නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකindika
පඬුවස්නුවර ඓතිහාසික රාජධානියක් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපරාජිත ආසනයක්. පසුගිය කාලයේත් මේ ආසනය සඳහා මහ ඇමැතිකමත්, නියෝජ්‍ය ඇමැතිකමත් ලැබි තිබූ අතර මේ වාරයේදී ඒ දෙකටම අමතරව කැබිනට් ඇමැතිකමකුත් ලැබි තියෙනවා.

පඬුවස්නුවර සංවර්ධන කිරි මුට්ටිය ඉතිරවීමට මහ ඇමැති, නියෝජ්‍ය ඇමැති හා කැබිනට් ඇමැති යන ශක්තිමත් ළිප් ගල් තුනක් ලැබි ඇතැයි පැවසීය.

ළහිරු මධුශංඛ-බිංගිරිය


මං ආවේ හම්බකරගන්න ‍නෙවෙයි ජනතා සේවයටයි – පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහGeetha-Kumarasinghe
අපේ පක්ෂයේම මන්ත්‍රීවරයෙක් මගේ මන්ත්‍රීකම උදුරගන්න කුමන්ත්‍රණය කරනවා. මං ආවේ ජනතා වරමින්. ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනේ එකම කාන්තා නියෝජනය මමයි.

මම පාර්ලිමේන්තුවට පත්වුණේ මම ජනතාවට වැඩක් කළ නිසයි.
මං ආවේ මුදල් හම්බ කරන්න ‍නෙවෙයි. ජනතාවට සේවය කිරීම සඳහායි.

පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය අල්පයි. එය වෙනස් විය යුතුයි. ඇමැතිකමක් නොලැබිම පිළිබඳ මට දුකක් නෑ. ඇමැතිකමක් මම බලා‍පොරොත්තු වුණෙත් නෑ.
මගේ එකම අරමුණ අභියෝගවලට මුහුණ දෙමින් මගේ දිස්ත්‍රික්කය තුළ ජනතා සේවයයි.

අමිල අබේරත්න


ඡන්ද අල්ලස් දුන්නු අය ගැන බලධාරීන් මුනිවත රකිනව – පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසෝම ගමගේchandima
ගිය මහ මැතිවරණයේදී ඡන්ද අල්ලස් ලෙස මුදල්, ආහාර, මත්පැන් සහ වෙනත් සන්තෝසම් ජනතාවට දී මැතිවරණය දිනූ අපේක්ෂකයන්ට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා මුලින් සඳහන් කළ පරිදි නීතිමය පියවර නොගත්තහොත් ඉදිරියේදිත් නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට එය බාධාවක්.

මහ මැතිවරණයට පෙර අගමැති සහ ජනාධිපතිතුමන් කිව්වා කිසිම අපේක්ෂකයකුට ජනතාවට ඡන්ද අල්ලස් දෙන්න එපා කියලා. මැතිවරණ කොමසාරිස්වරයාත් කිව්වා එහෙම කරලා පාර්ලිමේන්තුවට ආවත් තදින් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් මැතිවරණයෙන් පස්සේ මේ ගැන කිසිම කතාවක් නෑ.

එල්.එස්.එස්. කුමාර-තලාව අතිරේක