මමත් හොඳ ශ්‍රී ලංකාකාරයෙක් මැරෙනකල් දාල යන්නෙ නෑ – අමාත්‍ය චන්දිම වීරක්කොඩිchandima-weerakkodi
මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. මම ජීවත් වනතුරු අපේ පක්ෂය දාලා යන්නේ නැහැ. අපි වත්මන් අපගේ නායක ජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිතුමාත් පක්ෂයේ ගත් තීරණයකට අනුව අමාත්‍යවරුන් ලෙස වැඩ භාරගත්තා. ඒ අනුව ජනතාවගේ යහපත සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරනවා. අපි මීළඟ පළාත් පාලන ආයතන ඡන්දයෙන් අපගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවන්න කටයුතු කළ යුතුයි. මට ලැබුණ අමාත්‍යාංශය මීට පෙර අපගේ දිස්ත්‍රික්කයට ලැබි නැහැ. එය ඉතා වැදගත් වැඩ කොටසක් කරන්න පුළුවන්.


මගේ දේශපාලනයේ බොරු කයිවාරු නෑ – අමාත්‍ය වජිර අබේවර්ධනwajira abeywardena
ලංකාවේ තිබෙන සියලුම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයත්, දිසාපති කාර්යාල සහ සියලුම ග්‍රාම නිලධාරීනුත් අයත් වන්නේ මගේ අමාත්‍යාංශයටයි. ලංකාවේ සෑම ගමක් පාසාම සංවර්ධන කමිටු පිහිටුවා ඒ ගම්වල සංවර්ධන කටයුතු කිරීමේ වගකීම ඒ ඒ සංවර්ධන කමිටුවලට භාර කරනවා.ඡන්දෙ කා‍ලේ මම දීපු හැම ‍පොරොන්දුවක්ම මම ඉෂ්ට කරනවා. මම කියන දේ කරනවා. මගේ දේශපාලනයේ කවදාවත් බොරු ‍පොරොන්දු නෑ. කයිවාරු නෑ.

ආර්. ඤාණදාස – අම්බලන්ගොඩ


තාත්තාට නොලැබුණු ඇමැතිකම මට ලැබුණා – ආමාත්‍ය නවීන් දිසානායකnaveen dissanayake
විවිධ හේතු නිසා පසුබෑමකට ලක්ව ඇති වැවිලි ක්‍ෂේත්‍රය සියලු බලධාරීන් හා වෘත්තීය සමිති සමගින් සාකච්ඡා කරමින් ගැටලුවලට විසඳුම් දෙනවා. වතු ජනතාව ඇතුළු ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතු කරනවා. නුවරඑළිය ජනතාවට නව රජය යටතේ සංවර්ධනයේ අරුණලු උදා කරනවා. තරුණ පරපුරේ ඉඩම් ප්‍රශ්නය විසඳන අතර විරැකියාවට විසඳුම් දී හෙට දවසේ යහපත උදාකිරීමට පියවර ගන්නවා.

මට ලැබි ඇති අමාත්‍යාංශය 1977 වසරේ මගේ දිවංගත පියා බලා‍පොරොත්තුවෙන් සිටි එකක්. ඒක මට ලැබිම ෙදෙවයේ වාසනාවක්. එදා තිබුණු බලවත්ම අමාත්‍යාංශය මේක. ඒත් බලවත්කම අද අඩුවෙලා. ඒ වතු ක්‍ෂේත්‍රය පුද්ගලීකරණය වුණ නිසා. වැවිලි කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දැනට ලක්ෂ 10ක පමණ සේවක පිරිසක් ඉන්නවා. වතු ක්‍ෂේත්‍රයේ වතු කම්කරුවන් අද අසරණ තත්ත්වයකට මුහුණ දී සිටිනවා. ඒ ජනතාව බලා‍පොරොත්තු වන්නේ අපෙන් යම් සේවාවක්. එම නිසා වැවිලි කර්මාන්තය අලුත් ප්‍රවේශයකට ගෙන යෑමට අපි කටයුතු කළ යුතුයි.

චන්ද්‍රසේන මුණවීර – තලවාකැ‍ලේ


විපක්ෂයේ වේළෙනවට වඩා මෙහෙම ආපු එක හොඳයි – නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමNishantha Muthuhettigamage
මා දිවුරුම් දීලා එළියට එන විට මහින්ද මහත්තයා මට දුරකථනයෙන් කතා කරලා සුබ පැතුවා. මං මහින්ද මහත්තයා දමලා ගිහින් තනතුරු ගත්ත කෙනෙක් ‍නෙවෙයි. මට ශක්තිමත් අමාත්‍යාංශයක් ලැබිලා තියෙනවා. අපේ පක්ෂයේ 33 දෙනෙක් මේ ආණ්ඩුවේ මැති ඇමැතිකම් කරනවා. අපටත් තිබුණා විපක්ෂයේ ඉන්න නමුත් වසර පහක් විපක්ෂයේ වේළි වේළී ඉන්නවාට වඩා යම්කිසි වගකීමක් අරගෙන ජනතාවට උදව් කරන්න මේ තනතුර යොදාගන්න පුළුවන්. පක්ෂයත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා.

ලලිත් කංකානම්ගේ – ගිංතොට/සමන් කුමාර – බූස්ස/සුනෙත් ගාල්ලගේ/හිරු සඳුන් ලියනගේ


විපක්ෂ නායකකම නැති වුණේ සන්ධානෙ බල අරගලය නිසා – අමාත්‍ය පාඨලී චම්පික රණවකChampika-Ranawaka
විපක්ෂ නායක තනතුර තමන්ට අවශ්‍ය ද නැද්ද යන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් කථානායකවරයාව දැන්විය යුතුව තිබුණා. ඒ අතර ශ්‍රීලනිපය එජාපය සමග එකතුවෙලා ආණ්ඩුවට එකතු වුණා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිපයක් නෑ. එහි පවතින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයක්.

ඒ සන්ධානය නිසි වේලාවේ දී එනම් පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදීම තමන් විපක්ෂ නායක තනතුර භාරගන්නවාද නැද්ද කියා දැනුම් දිය යුතුව තිබුණා. ඒ පිළිබඳව එජනිසයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රීලනිපයටත් සෙසු පක්ෂවලටත් එකඟතාවක් නොතිබිමත් ශ්‍රීලනිපයේ පැවැති බල අරගලයත් නිසා එය කළේ නෑ.

යූ. නන්දසේන


අපි පක්ෂ භේදයෙන් තොරව කාටත් සලකනවා – අමාත්‍ය වසන්ත අළුවිහාරේwasantha-aluwihare
ඉතිහාසයේ දැවැන්ත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී තිබෙනවා. අපට වැඩ කරන්නයි ඕන. ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මූලිකත්වය දී කටයුතු කළ යුතුයි. අද ජාතික ආණ්ඩුවක් බිහිවෙලා තියෙනවා. ඇතැම් අය මේ පිළිබඳ කතා කරනවා. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට කිසිම අවස්ථාවක අසාධාරණයක් සිදුවන්න ඉඩ තියන්නේ නැහැ. ඔවුන් රැකබලා ගැනීම අපේ වගකීමක්. සියලු ජනතාවට පක්ෂ දේශපාලනයෙන් තොරව සැලකීම අපේ අරමුණයි. යහපාලනය තුළ මේ රටේ කිසිම අයකුට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මා හට භාරවී තිබෙන අමාත්‍යාංශය මේ රටේ විශාල වැඩකොටසක් කරන්න පුළුවන් තැනක්. අපේ රට සෑම ආහාරයකින්ම ස්වයං‍පෝෂිත කිරීම අපේ අරමුණයි.


මරණෙට නියම වුණත් නිදහසට කරුණු අහනවා ඒත් අපෙන් නෑ – පළාත් සභා මන්ත්‍රී
ඩී.බි. හේරත්herath
හරිම කනගාටුයි. පක්ෂ නායකයෝ ගන්න තීන්දු තීරණ ගැන. කුරුණෑගලින් තුන්වෙනියට වැඩිම ඡන්ද ගත් මට ජනවරම ගැන සිතා මහින්ද රාජපක්ෂ මහතා එදා මට ඇමැති පදවියක් ලබා දුන්නා. ඒ හරහා අපි මහජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළා. අන්තිමේ දී අපි පදවිවලින් ඉවත් කරලා වෙන අය ඒ තැන්වලට දැම්මා. ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදය මේකද?

උසාවියෙන් මරණ දණ්ඩනය නියම කරපු මිනිහගෙනුත් නිදහසට කරුණු අහනවා. අඩුම තරමින් මගෙන් එහෙමවත් ඇහුවෙ නැහැ.අවංකව සේවය කළ මට වුණේ අන්තිමේ දී වාහනය තියලා ත්‍රීවීලරයෙන් ගෙදර එන්නයි.

නිමල කොඩිතුවක්කු


මහ ඇමැතිකමට විතරක් ‍නෙවෙයි මගේ ඇමැතිකමටත් විද්දා – පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාරupali
පක්ෂය වෙනුවෙන් මම අවුරුදු 36ක් වැඩ කළා. පළාත් සභාවට 1994 දී ආවා. පස් වතාවක් අඛණ්ඩව පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස මම ජනතාවට විශාල සේවයක් ඉටු කළා. මේ වතාවෙත් කොළඹින් තුන්වෙනියට වැඩිම මනාප ලබාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කළා. ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය පමණක් ‍නෙවෙයි ඡන්ද 48,000ක් ගත්ත මම ඉඳිද්දි ඡන්ද 26,000ක් ගත්ත ඉසුර දේවප්‍රියට මහ ඇමැති ධුරය දුන්නා.

මේ ආණ්ඩුව මහ ඇමැතිකමට විතරක් ‍නෙවෙයි මගේ ඇමැතිකමටත් විද්දා.

නිමල කොඩිතුවක්කු