දේශපාලනයේදී මට සතුරන් කිසිවෙක් නැහැ – දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වාshan
දේශපාලනයේදී සදාකාලික සතුරන් හා මිතුරන් නැහැ කියලා ප්‍රකට කියමනක් තියෙනවා නමුත් මා කටයුතු කරන්නේ මට දේශපාලනයේ දී සතුරන් නැහැ කියන අදහසින්.

විරුද්ධ මත දරන අය හැසිරෙන්නේ දේශපාලනයේදී සතුරන් සිටිනවා කියලා. නමුත් මගේ සම්ප්‍රදාය එය නොවේ. මට දේශපාලනයේ දී සතුරන් ඉන්නවා කියලා මා හිතන්නේ නැහැ. මඩ ගැසීම් චරිත ඝාතන මා තුළ නැහැ. පළාත්් සභාවේ ඉඳලා පාර්ලිමේන්තුවට තේරීපත් වන අය පාර්ලිමේන්තුවට ගිය පසු පළාත් සභාව වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ කියලා මතයක් තියෙනවා.

ලලිත් කංකානම්ගේ – ගිංතොට  / සමන් කුමර – බූස්ස


රට හදන්න එජාප ආණ්ඩුවකට විතරයි පුළුවන් – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩbandulal
මම දුෂ්කර ගමක ඉපදුණ කෙනෙක්. මගේ දිස්ත්‍රික්කයේ ගම්වල  යටිතල පහසුකම්වල විශාල අඩුපාඩු  තියෙනවා. එලෙසම විරැකියාව ද විශාල  ගැටලුවක්.

වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ එම අඩුපාඩු නැතිකර ගැනීමට අවස්ථාව ලැබෙයි කියා සිතනවා.

මහ මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ යහ පාලනයේ මුල් පියවරයි.  මෙරට ආර්ථිකය  දියුණු කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට පමණයි. පක්ෂය  එය අතීතයේදීද ඔප්පු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉදිරි කාලයේදී මෙරට දියුණු ආර්ථිකයක් සහ මූල්‍ය විනයක් ඇති වෙනවා. මගේ ඉදිරි බලා‍පොරොත්තුව මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ඇතුළු මෙරට සිටින දුප්පත් ජනතාව  වෙනුවෙන් වැඩකිරීමයි.

අමිල අබේරත්න


සමහරුන්ට ඇමැතිකම මාළුවට වතුර වගේ  – පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත palithaරංගෙබණ්ඩාර
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ආණ්ඩුවක් හදන්න අපිත් එක්ක එකතුවෙන්නෙ නැත්නම් එහි 22 ක් අපිට සහාය ලබා දෙන්න ‍පොරොන්දු වෙලා තියෙනවා.

අපේ මන්ත්‍රීවරු ඇමැතිකම්  පස්සේ යන්නේ නැහැ. ඔවුන් රටේ අභිවෘද්ධිය වෙනුවෙනුයි කැපවෙන්නේ.

මහින්දත් එක්ක හිටපු පිරිස පවා දැන් අපිත් එක්ක එකතුවෙන්න බලාගෙන ඉන්නවා ඇමැතිකම ගන්න. මාළුවට වතුර නැතුව ඉන්න බැහැ වගේ මේ අයට බලය නැතුව ඉන්න බැහැ. මේ නිසා අපි තීරණයක් අරන් තියෙනවා අපකීර්තිමත් දුෂිතයන් ගන්නේ නැතුව යහපත් පිරිස එකතුකර ගනිමින්  රට ගොඩනැගිය හැකි ආණ්ඩුවක් හදන්න

නිමල කොඩිතුවක්කු


ජන රැල්ලට පයින් ගහන්න කිසිම අදහසක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය
රමේෂ් පතිරණramesh
දේශපාලනයේදී දිනනවා පරදිනවා. වැටි වැටී නැගිටින එක තමයි දක්ෂතාව. මේ මැතිවරණයෙන් අපේ පක්ෂය තාවකාලිකව පසුබෑමකට ලක්වුණා. ඉදිරියේදී අපේ ආණ්ඩුවක් හදාගෙන ජනතාවගේ සිතුම්පැතුම් ඉටුකරන්න සේවය කරනවා. ගාල්ල දිස්ත්‍රික්කය සන්ධානයට ජයග්‍රහණය කරවමින් ජනතාව විශාල කැපකිරීමක් කළා.

අපට මන්ත්‍රීධුර හයක් ලැබුණා. ජනරැල්ලක් තියෙවා කියලා කයිවාරු ගැහුවත් එජාපයට ලැබුණේ මන්ත්‍රීධුර හතරක් පමණයි. අනිකුත් දිස්ත්‍රික්ක දිහා බලනවිට මෙය දැවැන්ත ජයක්. අපිව ඔසවා තැබූ සදාදරණීය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කැපවෙනවා. ළඟදීම අපේ ආණ්ඩුවක් හැදීමට  අපි කටයුතු කරනවා. වෙනත් අයවගේ එහෙට මෙහෙට පැනලා ජනතා තීන්දුවට පයින් ගහන්නේ නැහැ.

කමල් ශ්‍රී ලියනගේ – බලපිටිය


විපක්ෂයෙන් නැගෙන්නෙත් ජනතාවගේ හඬයි – පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්kanaka
ජනතාව මට මනාපය දීලා පාර්ලිමේන්තුවට යවන්න සහයෝගය දුන්නේ  පාර්ලිමේන්තුවට ගිහින්  එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්නවත් මේ ආණ්ඩුව එක්ක සම්බන්ධ වෙන්නවත් ‍නෙවෙයි.

කෑගල්‍ලේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව හඬ නගන්නට මට ඇමැතිකම් අවශ්‍ය නෑ. ජනතාවගේ් ඉල්ලීම වුණේ එ.ජ.නි.ස. ආණ්ඩුවක හවුල්කරුවකු වෙන්න නැත්නම් විපක්ෂයට වෙලා ඉන්න යෝජනාවට ස්තුතිවන්ත වෙනවා.

අමිල බණ්ඩාර – බුලත්කොහුපිටිය


හොරු අල්ලන ඇමැතිකමක් මටත් දෙන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකRanjan Ramanayake
හිටපු මහ ඇමැතිවරුන් සහ කෝටි 17,20 වියදම් කළ අපේක්ෂකයන් සමග තරග කර ලැබූ විශාල ජයග්‍රහණය පිළිබඳ  ඉතාම සන්තෝෂමත් වෙනවා. අනෙක් අපේක්ෂකයන් කෝටි 17 20 වියදම් කරද්දී මම ඡන්ද කටයුතු සඳහා වියදම් කළේ කෝටි 3 ක් වැනි මුදලක් පමණයි.

එවැනි පසුබිමකදී වුවත් දිවුලපිටිය ජනතාව දෙලක්ෂ දහසය දහසක් වැනි  විශාල මනාප ප්‍රමාණයක් මට ලබාදුන්නා එය ලැබුණේ මැද පෙරදිග දුක් විඳින ගෘහ සේවිකාවන් ඇතුළු මෙරට ජනතාව වෙනුවෙන් මම නැගූ හඬට සැලකීමක් වශයෙන් කියායි මට සිතෙන්නේ. එම එලෙස සැලකූ දිවුලපිටිය ජනතාව මෙරට ජනතාව වෙනුවෙන් වැඩ කළ හැකි  අමාත්‍යංශක් මම බලා‍පොරොත්තු වෙනවා. හොරු අල්ලන අමාත්‍යාංශයක් මට ලබා දෙනවා නම් මම වඩාත් සතුටුයි.

අමිල අබේරත්න