බොරු බයිලාකාරයින්ට කුරුණෑගලින් උත්තර ලැබේවි – ජේ. සී. අලවතුවලalawathuwala
මැතිවරණය අත උඩ. ඉතාම පැහැදිලියි මේ මැතිවරණය අපි අත උඩින් දිනනවා. කුරුණෑගල ආසන 14 ම දිනන්න අපි මේ වෙනකොට වැඩ කටයුතු කරලා ඉවරයි. ආයේ දෙකක් නෑ. අගෝස්තු 17 තමයි මහින්ද මහත්තයාට මේ කුරුණෑගල ජනතාව අමතක නොවන පාඩම උගන්වන්නේ. ඒක ඉරහඳ වගේ.

මම විපක්ෂ නායක විදියට අද මුළු දිස්ත්‍රික්කයේම ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය හදලා ඉවරයි. බොරු බයිලා ගහපු පුරසාරම් දොඩපු හැම දෙනාම අගෝස්තු 18 උදේට ඉබ්බා කටුව අස්සට රිංගා ගත්තා වගේ ගෙවල් අස්සට වෙලා ඉන්න තමයි සිද්ධ වෙන්නේ.

සුජිත් කෝනාර


රනිල් රඟපෑවාට මිනිස්සුන්ට අතීතය  අමතක වෙන්නේ නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායකrathnayake
මේ රටේ තේ වතු ආශ්‍රිතව සුදු අධිරාජ්‍යවාදීන් ඉදිකළ වතු මාර්ග කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කර ඇතැම් මාර්ග කාපට් දැමීම සිදුකළේ සන්ධාන ආණ්ඩුවෙන්. රටේ තේ ආර්ථිකයට වැඩි දායකත්වයක් සපයන වතු කම්කරුවන්ගේ නොවිසඳුණු ගැටලු රැසක් තවමත් තියෙනවා. වතුකරයේ සෑම නිවසකටම විදුලිය ලබාදීම, වතුකරයේ ගුරු පුරප්පාඩු පිරවීම සිදුකළේ සන්ධාන රජයෙන්.

එක්සත් ජාතික පක්ෂයේ  වික්‍රමසිංහ මහත්තයා පිනට ගත්තු අගමැතිකමේ ඉඳගෙන තවමත් රඟපානවා. එතුමා රඟපෑවට මේ රටේ මිනිස්සුන්ට යූ. එන්. පී.යේ අමිහිරි අතීතය අමතක වෙන්නේ නැහැ.


පිනට ලැබුණු ඇමැතිකමෙන් සුජීව ‍පොලිසියටත් පාට් දානවා  – පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාරjagath-kumara
මෙවර අපි විශිෂ්ට ජයක් ලබනවා. මහින්ද මහත්තයා තංගල්ලට වෙලා ඉන්නකොට එතුමාව අගමැතිකමට ඕනේ කියලා මුලින්ම ඉල්ලුවේ මමයි. සන්ධානයේ පතාක යෝධයෝ හැංගිලා ඉන්න කොට මමයි මුලින්ම එතුමා ඉල්ලලා හඬ නැගුවේ. නුගේගොඩ වේදිකාවට නැගලා කළ ඒ ඉල්ලීම අගෝස්තු 17 වැනිදා යථාර්ථයක් වෙනවා.

කඩුවෙල ඉපදිච්ච කෙනෙක් තාම පාර්ලිමේන්තුවට ගිහින් නැහැ. මේ මගේ ගම් පළාත. මට ඕනේ මගේ මිනිස්සුන්ට වැඩක් කරන්න. යහපාලනේට මුවා වෙලා පිනට හම්බවෙච්ච අමාත්‍ය ධුරයෙන් අද සුජීව සේනසිංහ මහත්තයා ‍පොලිස් නිලධාරීන්ටත් පාට් දානවා. ඒ වගේම ‍පොලිස්පතිතුමාටත් චෝදනා කරනවා.


සීයාගේ පක්ෂය මට අමතක කරන්න බැහැ – නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකwasantha senanayake
මම 1990 දශකයේත් ‍පොළොන්නරුවේ ජීවත් වුණේ. නමුත් මට ජනතා සේවයට ඉඩ දුන්නේ නෑ. ‍පොළොන්නරුවේ හිටපු අපේ පක්ෂයේ නායකයා. එයාට දිට්ඨ ධම්ම වේදනීය පල දීලා. මම එතුමාට අනුකම්පාවෙන් එහෙම කියන්නේ.

අද නාමයෝජනාවත් නෑ. ඒ නිසා මට ගම්පහට යන්න වුණා. ගම්පහින් පාර්ලිමේන්තු ගිය නිසා තමයි මහින්ද රාජපක්ෂට එරෙහිව ආණ්ඩුවෙන් එළියට බහින පළමු කෙනා විදියට මට ශක්තිය ලැබුණේ. මම මීරිගම අපේ පරණ ගෙදර හිටියේ. ඉන්පස්සේ වැව අයිනේ මීට අවුරුදු 10 කට විතර පෙර තමයි ගේ හදලා පදිංචි වුණේ. මගේ සීයා හදපු පක්ෂයත් සීයා හදපු පළමු ගොවි ජනපදයත් මට අමතක කරන්න බෑ. ඒ නිසා මම ‍පොළොන්නරුවේ දේශපාලනය අලුතින් පටන් ගන්නවා.

එස්. එම්. පී. බණ්ඩාර – වැලිකන්ද