එජාපයේ ක්‍රියාත්මක වන්නේ රනිල් කියූ දේවල් විතරයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
අනුර ප්‍රියදර්ශන යාපාanura yapa abeywardena
බිම් මට්ටමේ සාමාජිකයින් ලක්ෂ 82ක් මැදමුලනට ගිහින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට නැවත දේශපාලනයට එන්න කියලා ආරාධනා කළ නිසා ඒ ඉල්ලීම බිම් මට්ටමේදී පක්ෂයට යොමු කළා. ඒ ඉල්ලීම තමයි අපි මධ්‍යම කාරක සභාවට යොමු කරලා සාකච්ඡා කරලා යථාර්ථයක් බවට පත් කළේ.

ශ්‍රී ලංකා නිදහහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර වෙනස තමයි පහළ මට්ටමේ සාමාජිකයින්ට සවන්දීමේ ක්‍රමවේදය. ඒත් එක්සත් ජාතික පක්ෂය එහෙම ‍නෙවෙයි. බිම් මට්ටමේ සාමාජිකයින් කියන දේවල් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ක්‍රියාත්මක වන්නේ නැහැ. රනිල් කියපු දේ විතරයි ක්‍රියාත්මක වෙන්නේ.

චාමර අමරසූරිය


අපි ආවොත් කොටි නැගිටිනවා කිව්වා නැගිට්ට කොටියෙක් නෑ – අමාත්‍ය
රවි කරුණානායකravi
රාජපක්ෂ පරපුර එදා කළේ අධි සුඛෝපභෝගී ජීවිත ගතකිරීමයි. ඔවුන් එදා තම නිවසේ මාළු ටැංකියට රුපියල් ලක්ෂ 2350ක් වියදම් කර තිබෙනවා. මේ සල්ලි ඔවුන්ගේ සල්ලි ‍නෙවෙයි. අපේ අසරණ අහිංසක ජනතාවගේ බඩට ගසා ලබා ගත් සල්ලියි.

එජාප රජය රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය කරන බවට චෝදනා කරනවා. කොටියා නැවත නැගිටිනවා කියනවා. මේ කතා කියන්නේ ඊර්ෂ්‍යාවට හා වෛරය නිසයි. රජය පිහිටුවා මාස හයක් ගතවුණා. නැගිටපු කොටියෙක් නැහැ. කොටින් හුරතල් කරන්නේ මහින්ද රාජපක්ෂයි.

ඒ. ධර්මසේන – සීතාවකපුර විශේෂ


හිටපු මහ රජු නැගිටුවන්නේ නම් අතේ දුරින් සිටිය යුතුයි – නියෝජ්‍ය අමාත්‍ය
දුනේෂ් ගන්කන්දdunesh-gankanda
මේ දිනවල රූපවාහිනී නාලිකාවල අපූරු සටන් ඒකාංගික නාට්‍යයක් සමගාමීව විකාශනය වනවා. මහින්ද සමග කුංෆු නමැති එම සටන් ටෙලි නාටකය රූගත කරලා තියෙන්නේ අකුරැස්සේදී. විශ්‍රාමික මහ රජාණෝ, එතුමා දැක බලා ගැනීමට පැමිණි යටත් වැසියන්ට අතපය දිග හැර නෙළන අයුරු මැනවින් රූගත කර තිබුණා. සන්ධානයේ ආධාරකරුවන් මහින්ද නැගිටීමට යන්නේ නම් හිටපු මහ රජාට අතේ දුරින් සිටිය යුතුයි.  එසේත් නැතිනම්, ආත්මාරක්ෂක සටන් ක්‍රම දැන ගෙන සිටිය යුතුය.


මහින්දට මගේ නිල නිවස ලබා දුන් නිසා මම යහපාලන ආණ්ඩුවේ ඉලක්කයක් වුණා – බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංගprasanna ranatunga
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකු මහින්ද මහතාව අතහැර යද්දී මම මහින්ද මහතාට මගේ නිල නිවස ලබා දුන්නා. ඒ නිසාම යහපාලන ආණ්ඩුවේ ඉලක්කයක් බවට මා පත්වුණා. මහින්ද අගමැති කිරීමේ සටන එදා නුගේගොඩින් ආරම්භ කළේ මේ රටේ බහුතර ජනතාවගේ එකම ආරක්ෂාව වූ නිසා.

ආසිරි කරුණානායක – මිනුවන්ගොඩ


යහපාලන රජයෙන් මට දින 14ක බන්ධනාගාර උපාධියක් ලැබුණා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේthenuka
රටේ මිනිසුන් මහින්දවාදී වෙලා ඉවරයි. අපි පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගල ‍නෙවෙයි යාපනේට ගිහින් ඡන්දය ඉල්ලුවත් මේ රටේ මිනිස්සු ඡන්දය දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. මම කියනවා ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාට හම්බන්තොට විතරක් ‍නෙවෙයි මුළු ශ්‍රී ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයකින් ඡන්දය ඉල්ලන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ හා යූ.එන්.පී. එක මොනවා කිව්වත් අපි අභියෝග කරනවා.

මට පසුගිය කා‍ලේ දින 14ක යහපාලන රජයේ උසස්වීමක් ලැබිලා දේශපාලන බන්ධනාගාර උපාධිය ලබාගෙන ආපු හින්දා පුංචි ප්‍රමාදයක් වෙලා තමයි මගේ මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්න සිද්ධ වුණේ.

රශ්මින්ද නිර්මාල් – හසලක


ජනක බණ්ඩාරට කරන කියන දේවල්වත් දැන් තේරෙන්නේ නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේranjith-aluwihare
නිශ්ශබ්දව හිටපු අපේ පාක්ෂිකයොත් දැන් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. අපේ පක්ෂයේ ලොකු පිබිදීමක් තියෙනවා මේ ප්‍රදේශවල.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්තයත් දැන් ඉන්න තැන කරන දේ පවා දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට පවා දැන් නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ.
එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිට එක්වන පිරිසත් එක්කර ගෙන මෙරට මහින්ද රාජපක්ෂට පාඩමක් උගන්වනවා. අපි මන්ත්‍රීවරු විදියට පත්වුණාට පස්සේ තනතුරු හම්බ වුණත් නැතත් මේ ජනතාව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරනවා.


ජෝන්ට මම අභියෝග කරනවා පුළුවන් නම් වත්තල දිනලා පෙන්වන්න – බස්නාහිර පළාත් ඇමැති නිමල් ලාන්සාnimal
අද රටේම ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න වුණෙත් ජෝන්ගේ ලැයිස්තුවේ ඉන්න සමහර අය ෆුල් ෆේස් හෙල්මට් දාගෙන කරපු හොරකම් හින්දයි.

මේ වෙනකොට ‍පොලිස් ජෝන්ගේ ඡන්ද කැම්පේන් එක කරන්නේ කසිප්පුකාරයොයි පාතාලකාරයොයි. එදා හිටපු ආරක්ෂක ‍ලේකම්තුමා ඉද්දී රටින් පැනල හිටපු පාතාල කාරයෝ ඔක්කොම අද ‍පොලිස් ජෝන්ගේ රැකවරණය යටතේ යහමින් වැජඹෙනවා. මම ‍පොලිස් ජෝන්ට අභියෝග කරනවා කවුරු දාගෙන ඡන්ද කළත් වත්තල ආසනය අප දිනලා පෙන්නනවා කියලා. හැබැයි දැන් එයා ඉන්නේ දේශපාලනයෙන් ගෙදර යන ගමන්. අභියෝග කළත් වැඩක් නෑ.