සුක්කානම මහින්ද චින්තනයට හැරවුවහොත් අනාගතය අඳුරේ – අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහranil
ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රීලනිපයේ අය මහින්ද චින්තනය පැත්තකට දමලා යහපාලනය පිළිඅරගෙන මෛත්‍රීපාල ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා වශයෙන් පත්කර ගත්තා. නමුත් මේ අය දන්නේ නැහැ යන්න ඕන මාර්ගය මොකක්ද කියලා. ජනාධිපතිතුමාට කියනවා සුක්කානම මහින්ද චින්තනය පැත්තට හරවන්න කියලා. මෙවැනි කණ්ඩායමකට පුළුවන්ද ආර්ථිකය දියුණු කරන්න. දූෂණය නැති කරන්න.

යහපාලනය ඇති කරන්න. අධ්‍යාපනය දියුණු කරන්න. යටිතල පහසුකම් ඇති කරන්න? නමුත් එජාපය පංච මහා සැලසුමක් යටතේ මේ රට දියුණු කරනවා. ජනවාරි 08 වැනිදා තහවුරු කරගත් ජයග්‍රහණ තවදුරටත් තහවුරු කරමින් මේ රටේ විශාලතම පංච මහා සැලැස්ම ක්‍රියාත්මක කරනවා.

සුළුතර ආණ්ඩුවක් යටතේ දින සියයයේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළා රටේ අනාගතය හදන්න බහුතර ආණ්ඩුවක් අපට දෙන්න මා අගමැති කරවන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබේ අනාගතය හදන්න තමයි අපිට බලය දෙන්න කියලා කියන්නේ. නැතුව මගේ අනාගතය වෙනුවෙන් ‍නෙවෙයි.

විජේසිංහ පිටිගල – ඇල්පිටිය/ලලිත් කංකානම්ගේ – ගිංතොට/සමන් කුමාර – බූස්ස


අරලියගහ මන්දිරය දාලා ගෙදර යනහැටි රනිල්ට දැන් මැවෙනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්නrath-kumara
අපේ එකමුතුකම දිරවාගන්න බැරි හුඟක් දෙනෙක් ඉන්නවා. අපි මෙදා සැරේ ඡන්දෙන්ටත් මනාප පස්සේ දුවලා රණ්ඩු සරුවල් වුණානම් හැමෝම කැමතියි. අද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු ඉතා සාර්ථකව කරනවා. අපි මහින්දව අගමැති කරලා මේ යූ.එන්.පී. හොර නඩය  ගෙදර යවන්න. වික්‍රමසිංහට අද පරාජයේ හීන පේනවා. අරලියගහ මන්දිරය දාලා ගෙදර යන හැටි රනිල්ට දැන් පේනවා.


මෛත්‍රී පක්ෂයට වින කරනවා නම් එක තප්පරයක් ඉන්නෑ – නියෝජ්‍ය ඇමැති
ජගත් පුෂ්පකුමාරjagath
පක්ෂයේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ගියාට පස්සේ අපි එතුමා සමග ගියා. ඒක මම පිළිගන්නවා. හැබැයි එතුමා පක්ෂයට වින කරනවා නම් එක තප්පරයක්වත් ඉන් නෑ. අපි ලබන අගෝස්තු 17 තමුන්නාන්සේලා සියලුදෙනා එකතුවෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරලා අඩුම ගානේ මන්ත්‍රීවරු 125 ක් පත්කරගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් එජනිස ආණ්ඩුවක් හදනවා.

දින 100 තුළ ආණ්ඩුවක් තිබුණා මේ ආණ්ඩුව කාලය තුළ මොනවද වුණේ. අවුරුදු 70 වැඩි වැඩිහිටි පිංපඩිය අප්‍රේල් මාසේ ඉඳලා තාම ගෙවාගන්න බැරි රනිල්ගේ ආණ්ඩුව ‍නෙවෙයි පාණ්ඩුවක් තමයි තිබුණේ.

දැන් සමහරු කියාගෙන යනවා මහින්ද මහත්තයා එක්ක පුෂ්පකුමාර නෑ කියලා. මම කියනවා මහින්ද මහත්තයා දෙවැනියා කරන්න ‍නෙවෙයි, ජගත් පුෂ්පකුමාර වැඩකළේ ජනවාරි 8 මහින්ද මහතා පළවැනියා කරන්නයි මම වැඩකළේ. සමහරු වැඩ කළේ නෑ ගමට ආවේ නෑ. එහෙම කරපු අය තමයි මේවා කියන්නේ.

නයනකුමාර – මොනරාගල


ඡන්දෙන් පස්සේ මහින්ද දකුණේ මහ ඇමැතිකමටත් ඉල්ලාවි – ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකgayantha
මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් තරග කොට පාර්ලිමේන්තුවට ඒවි. ඒත් එයාට අගමැති වෙන්න නම් මේ කපේදි ඉඩ ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිටුපස අසුනකට වෙලා ඉන්න වේවි. මේක හරි නොගියාම ඊළඟ දකුණු පළාත් සභාවේ මහ ඇමැතිකම ගන්න තරග කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ දකුණු පළාත් සභාවට ඉල්ලුවත් පරාද වෙනවා. බලයට මේ තරම් කෑදර නිසා මැදමුලනේ සමූපකාර සභාපතිකමටත් ඉල්ලාවි. ඒක දිනාගන්න පුළුවන් වෙයිද කියලා අපට හිතාගන්න බැහැ.

කමල් ශ්‍රී ලියනගේ – බලපිටිය


සුමනදාසට වඩා හැරිසන්ගේ අනාවැකි කිරි ගහට ඇන්නා වගේ  – අමාත්‍ය පී. හැරිසන්harisan
සුමනදාසගේ අනාවැකියට වඩා මේ හැරිසන්ගේ අනාවැකිය හරියටම හරි. කිරිගහට ඇන්නා වගේ. ඒ නිසා මම කියන්නේ ඉරහඳ පවතින තුරු ආයේ මහින්ද රාජපක්ෂට නම් අගමැති වෙන්න බෑ. මහින්දට ලැබුණු අංකය අට. ඒක එයාට අසුබම අංකය. ඒ නිසා දිනන එක බොරු.  මහින්ද ඉපදුනේ 17 දින. එකතුකළාම අංක අට. පැරදුණේ ජනවාරි 8 2015 එකතු කළාම එන්නේ 8 මහින්දට අට අන්තිම නරකයි.

සුජිත් කෝනාර


ගංජා කොළෙන් ‍පොල් කොළෙන් නමෛයි ඔන්න මහින්ද බුලත් කොළෙන්ම ආවා – බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලUdaya Gammanpila
යම පාලනයේ තිත්ත රස මේ වෙනකොට ජනතාවට හොඳට දැනෙමින් තියෙනවා. මාස හතේ ආණ්ඩුව මෙහෙම නම් මේ අයට අවුරුදු පහකට රට බාරදුන්නොත් කොහොමට තියේවිද කියලයි අද ජනතාව හිතන්නෙ. කීයටවත් රනිල් වික්‍රමසිංහ ඉන්න ආණ්ඩුවක් ගැන හිතන්නේ නැහැ.

ඒ වෙනුවට අපි නුගේගොඩින් අරඹපු සටන වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ගංජා කොළෙන් ‍පොල් කොළෙන් නමෛයි ඔන්න මහින්ද මහත්තයා බුලත් කොළෙන්ම ආවා. දැන් ජනතාවට තියෙන්නේ ජනවාරි 08 දා වුණු වැරැද්ද නිවැරදි කර ගන්නයි.

දීපා වසන්ති එදිරිසිංහ


ජාතික ආණ්ඩු යෝජනා ගේන්නේ පරදින බව දැනගෙනයි – හිටපු මන්ත්‍රී කනක හේරත්kanaka
එජාපයට ආසන 113 කට වැඩියෙන් ගන්න පුළුවන් නම් කවදාවත් ජාතික ආණ්ඩු පිහිටුවන්න හදන්නේ නැහැ. ඉතිහාසය දිහා බැලුවාම කියන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පිංසිද්ධ වෙන්න රනිල් පිං ආණ්ඩුවක අගමැති වුණා. එයා දන්නවා දිනන්න බෑ කියලා. 29 වතාවක්ම පරාජය වුණ කෙනා අගෝස්තු 17 වැනිදා 30 වැනි වතාවටත් පරාජය වෙලා වාර්තාවක් පිහිටුවනවා. ඒක වහගන්න ඕන නිසයි ජාතික ආණ්ඩු කතාවක් ගේන්නේ. 18 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙන ආණ්ඩුව අපි පිහිටුවනවාමයි. ඒක ස්ථිරයි.

උපාලි ප්‍රේමනාත්


හොරු ඇල්ලුවේ නැති නිසා ආයෙත් ඡන්දෙ ඉල්ලනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
අජිත් කුමාරajith-kumara
සන්ධාන රජය වසර විස්සක් පුරා ජනතාවට හිතකර එකම පනතක්වත් සම්මත කළේ නැහැ.

අවුරුදු විස්සක් බලයේ ඉඳලා දැන් කියනවා ‍පොඩ්ඩක් වැරදුණා තමයි මට දෙන්න ආයෙත් අගමැතිකම කියලා. ජනාධිපතිකම, අගමැතිකම, මැති ඇමැතිකම් කරලා ආයෙත් අගමැතිකම ඉල්ලන්නේ රටට සේවය කරන්න නෙවේ. තමන් බලයේ සිටියදී සිදුකළ දූෂණ වංචා සියල්ල යටපත් කරන්නයි.  යහපාලන ආණ්ඩුව දින සියයෙවත් ඊට පස්සේවත් හරි හොරෙක් ඇල්ලුවේ නැහැ. ඒ හොරු ටික ආයෙත් බලයට එන්න දඟලනවා. ඒ අයට දැන් අවස්ථාව දීලා තියෙනවා.

කමල් ශ්‍රී ලියනගේ – බලපිටිය