දින සියයේ ආණ්ඩුව හරියට බ්‍රොයිලර් චිකන් වගේ –  සන්ධාන මහ ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්තsusil
දින සියයේ ආණ්ඩුව හරියට “බ්‍රොයිලර් චිකන්” වගේ ඒ නම අපි දාපු නමක් නමෛයි. එයාලම දාගත්තු නමක්. අපි දින සියයේ ආණ්ඩුව පවත්වාගෙන යන්න මේ අයට උදව් කළා. එහෙම උදව් කරලත් මේ ගොල්ලන්ට ආණ්ඩුව කරගෙන යන්න බෑ. සුළුතර ආණ්ඩුව මොනවාද රටට කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරය  තියාගෙන ආණ්ඩු කරන්න නිපුණතාවය තියෙන අය මේ පැත්තේ. නිපුණතාවක් නැති අය ඒ පැත්තේ ආණ්ඩු කරනවා.

නාලක සංජීව දහනායක


බලය තියෙද්දීත් පැරදුණු අයට මැතිවරණ දිනන එක හීනයක් – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලlakshman
ජනාධිපති සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හිතන් හිටියේ ෂුවර් දිනුම් කියලා. මෙච්චර සම්පත්, මෙච්චර මුදල්, මාධ්‍ය තියාගෙන පැරදුණා නම් පාර්ලිමේන්තු මැතිවරණය දිනන එක එයාලට හීනයක්. අනික අද ඔය සමහර අය පාර්ලිමේන්තුව විසුරුවන්න ඉඩ දෙන්නේ නෑ. ඒ වෙන දේකට නොවේ. එයාලා දන්නවා එයාලට ආයේ ඡන්දෙන් දිනලා පාර්ලිමේන්තු එන්න බෑ කියලා. ඒකයි මේ යල් පැනපු පාර්ලිමේන්තුව විසුරුවන්න ඉඩ නොදෙන්නේ.

සුජිත් කෝනාර


ශ්‍රීලනිපය විනාශ නොකර කෙළින්ම වේදිකාවට නගින්න – අමාත්‍ය අර්ජුන රණතුංගarjuna
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආදරයක් තියෙනවා නම් ඔය ගමින් ගමට ගිහිල්ලා කරන විනාශය නවත්තන්න කාලය ඇවිල්ලා තියෙනවා. එක්කෝ එතුමා කොන්ද කෙළින් තියාගෙන වේදිකාවට නගින්න ඕනි. එහෙම නැත්නම් මේ පක්ෂය හදා ගන්න ඉඩ දෙන්න ඕනි ඒකට ඉඩ දෙන්නෙත් නෑ. මොකක්ද මේ කරන නාඩගම.


පක්ෂය විනාශ කරන්නේ ඇමැතිකම් අරන් ආණ්ඩුවට ගිය අයයි – බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගprasanna ranatunga
ඔය කතා කරන හැමෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ආණ්ඩුවට ඇමැතිකම් අරන් ගිය අය. එයාලා තමයි අද පක්ෂය විනාශ වෙනවයි කියලා කතා කරන්නේ. ඉදිරියේදී එන මැතිවරණයේදී ඔය ඇමැතිකම් ගත්තු හැම දෙනාටම ජනතාව නියම පාඩමක් උගන්වයි. ජනතාව ඒකට මග බලාගෙන ඉන්නේ.


ශ්‍රීලනිපයේ කොන්ද කඩන්න හදන්නේ රනිල් නොවේ වෙනම කල්ලියක් – අමාත්‍ය     
ගාමිණී ජයවික්‍රම පෙරේරාgamini
රනිල් දඟලනවා නෙවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භයානක කුමන්ත්‍රණයක් මෛත්‍රීපාල ජනපතිතුමාට විරුද්ධව අද ඇති වෙලා තියෙනවා. අනුර යාපා මහ ‍ලේකම්තුමා කියනවා ශ්‍රී ලංකා එකේ කොන්ද කඩන්න රනිල් හදනවා කියලා. කොන්ද කඩන්න හදන්නේ පක්ෂය දෙකඩ කිරීමට හදන්නේ වෙනම පිරිසක්. අද මේ අය දන්නවා ඔළුවක් තියෙන රනිල්ට විශ්වාසභංගයක් ගෙනැල්ලා පහර දීලා අගමැතිකමින් ඉවත් කරන්න හදන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තනි කිරීමටයි. ඒ තුළ අර හොරකම් කරපු හොර කල්ලිය බේරගෙන අලුත් දේකට අර අදින කුමන්ත්‍රණයක් තියෙනවා.

සුජිත් කෝනාර


කල් ඉකුත් වූ ආණ්ඩුව ගැන කියන්නේ යල් පැනපු අයමයි – ශ්‍රීලනිප මහ ‍ලේකම්    
අනුර ප්‍රියදර්ශන යාපාanura yapa abeywardena
මං දැක්කා කිරිඇල්ල ඇමැතිතුමා කියනවා මේ පාර්ලිමේන්තුව කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවක් කියලා. දැන් මේ කතාව කියන්නෙත් කල් ඉකුත් වූ කෙනෙක්මයි. කල් ඉකුත් වූ පාර්ලිමේන්තු කියලා ජාතියක් තියෙන්නේ කොහේද. මම දන්නේ කල් ඉකුත් වූ බඩු ගැන තමයි මේ පාර්ලිමේන්තුවට බලය ලැබුණේ 2016 වසර දක්වායි. ඒත් මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ දින සියයක් සඳහායි. වර්තමාන රජය යටතේ ආර්ථිකය කඩා වැටිලා. විදේශ ප්‍රතිපත්තිය අවුල් වෙලා. විදේශ ඇමැතිතුමා “ග්ලෝබල් ටැමිල් ෆෝරම්” එකක් එක්ක සාකච්ඡා කරනවා. කවුද ඒකට අවසර දුන්නේ.

නාලක සංජීව දහනායක


ඊළඟ මැතිවරණයෙන් පෙන්වන්නේ බයියෝ ටොයියන්ට ඇඩ්‍රස් නැතිවෙන්න ගහන හැටියි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරාdilan perera
ආතල් එක සිඟිතිද නැද්ද කියන එක බලාගන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකා නියෝජිත හමුවට ආවනම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි මේ රැස්වීම කැඳවලා පක්ෂයේ සමගිය ආරක්ෂා කරමු කියන යෝජනාව කරන්නේ.

ඒ නිසා ටොයියෝ දන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරක් ‍නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් හොඳ බයියන් කියලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ කියන බයියට මෛත්‍රීපාල සිරිසේන කියන බයියෙක් හමුවුණාම බයියා වර්ග වෙලා එන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීළඟ මැතිවරණයේදී පෙන්වන්නේ බයියෝ ටොයියන්ට ඇඩ්ඩ්‍රස් නැතිවෙන්න ගහන හැටියි.

මංජුල ප්‍රදීප් වීරසූරිය


රාජපක්ෂ පාලනය සුද්ද කරන්නේ නුගේගොඩ කල්ලිය ඇතුළු අන්තවාදීන් – නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්දdunesh-gankanda
උසාවි අණ නොතකා පෙළපාළි යන්න, ජාතික කොඩිය වෙනුවෙන් වෙනත් කොඩියක් භාවිත කරන්න, උතුරේ අන්තවාදීන්ට පූර්වාදර්ශය සැපයූවේ නුගේගොඩ කල්ලිය ප්‍රමුඛ දකුණේ අන්තවාදීන්. ඒත් උතුරෙත්, දකුණෙත් ජනතාව රෑ වැටුණු වළේ දවා‍ලේ වැටෙන්න සූදානම් නෑ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ නීතිය හා සාමය ආරක්ෂා වූ බව “නුගේගොඩ කල්ලිය” කියනවා. ඒක තමයි සියවසේ ලොකුම විහිළුව එදා දැරණියගල නූරියවත්ත, කොටකෙතන, හම්බන්තොට ප්‍රදේශවල තිබුණේ කැලෑ නීතියයි.

නාලක සංජීව දහනායක